ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයින් හට බොහෝ සේ උපකාර කරනා බ්‍රහ්ම රාජායින්ටත් දෙවියන් ටත් පින් අනුමෝදන් කරන්න අමතක නොකරමු
නිවැරදි අවබෝධයෙන් මහත් ශ්‍රද්ධා සිතින් තෙරුවන් සරණ ගොස්, දිනපතා අප සරණ ගිය බුදුපියාණන් වහන්සේට සම්බුද්ධ පුජාවන්, පැන්, ගිලන් පස, මල්, සුවඳ දුන්, පහන් පූජාවන් සිදුකරමින් උතුම් බුද්ධ වන්දනාවෙන් සිදුකරන්නා වූ අප්‍රමාණ පින් සම්භාරයද අප විසින් සිදුකර ගන්නා අනෙකුත් පින් දහම් වලන් රැස්කර ගන්නා පින්ද, උතුම් දහම් මගට ආශිර්වාද කරනා උපකාර කරනා තෙරුවන් සරණ ගිය දෙව් බඹ පිරිස් හට මේ ගාථාවන් ශබ්ද නගා කියමින් පින් අනුමෝදන් කරන්න….පින්වත් ඔබ බය වෙන්න එපා, පින් දුන්නා කියා ඔබේ පින් අඩුවෙන්නේ නෑ. පත්තානුමෝදනා පින නිසා තවත් වැඩි වෙනවා. නිතර මෙනෙහි කිරීම නිසා බල-ගැන්වෙනවා.තව තවත් දහමේ හැසිරෙම්න් පින් දහම් කර ගැනීමට පින්වත් දෙවියන් ගේ උපකාර නිරතුරුව ලැබුනු ඇත.
ඝටීකාරෝ බ්‍රග්මරාජා- ඉමං පුඤ්ඤානුමෝදතු!
සනංකුමාරෝ බ්‍රහ්මරාජා – ඉමං පුඤ්ඤානුමෝදතු!
සහම්පතී බ්‍රහ්මරාජා – ඉමං පුඤ්ඤානුමෝදතු!
පුඤ්ඤං තං අනුමෝදිත්වා – චිරං රක්ඛන්තු බුද්ධ සාසනං
සක්කෝ දේවානමින්දෝ- ඉමං පුඤ්ඤානුමෝදතු!
විස්සකම්මෝ දේවපුත්තෝ- ඉමං පුඤ්ඤානුමෝදතු!
තාවතිංසකායික දේවා- ඉමං පුඤ්ඤානුමෝදන්තු!
පුඤ්ඤාං තං අනුමෝදිත්වා – චිරං රක්ඛන්තු බුද්ධ සාසනං
පුරිමං දිසං ධතරට්ඨෝ- දක්ඛිණේන විරූළ්භකෝ
පච්ඡිමේන විරූපක්ඛෝ- කුවේරෝ උත්තරං දිසං
චත්තාරෝ තේ මහාරාජා – ඉමං පුඤ්ඤානුමෝදන්තු!
පුඤ්ඤං තං අනුමෝදිත්වා – චිරං රක්ඛන්තු බුද්ධ සාසනං
ඉන්දෝ සෝමෝ වරුණෝ ච – භාරද්වාජෝ පජාපතී,
චන්දනෝ කාමසෙට්ඨෝ ච – කින්නිඝණ්ඩු නිඝණ්ඩු ච,
පනාදෝ ඕපමඤ්ඤෝ ච – දේවසුතෝ ච මාතලී,
චිත්තසේනෝ ච ගන්ධබ්බෝ – නලෝ රාජා ජනේසභෝ.
සාතාගිරෝ හේමවතෝ – පුණ්ණකෝ කරතියෝ ගුළෝ,
සීවකෝ මුචලින්දෝ ච – වෙස්සාමිත්තෝ යුගන්ධරෝ,
ගෝපාලෝ සුප්පගේධෝ ච – හිරිනෙන්තී ච මන්දියෝ,
පඤ්චාලචණ්ඩෝ ආළවකෝ පජ්ජුන්නෝ – සුමනෝ සුමුඛෝ දධීමුඛෝ,
මණි මාණි චරෝ දීඝෝ – අථෝ සේරිස්සකෝ සහ
එතේ සේනාපතී දේවා – ඉමං පුඤ්ඤානුමෝදන්තු !
පුඤ්ඤං තං අනුමෝදිත්වා – චිරං රක්ඛත්තු බුද්ධ සාසනං
ආකාසට්ඨා ච භුම්මට්ඨා – දේවා නාගා මහිද්ධිකා
පුඤ්ඤං තං අනුමෝදිත්වා – චිරං රක්ඛන්තු බුද්ධ සාසනං !
ආකාසට්ඨා ච භුම්මට්ඨා – දේවා නාගා මහිද්ධිකා
පුඤ්ඤං තං අනුමෝදිත්වා – චිරං රක්ඛන්තු බුද්ධ දේසනං !
ආකාසට්ඨා ච භුම්මට්ඨා – දේවා නාගා මහිද්ධිකා
පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරං
සාදු ! සාදු ! සාදු !
ධර්ම දානය තුල මා රැස් කරගත් අපමණ පින් පින්වත් බ්‍රහ්මරාජායින්ටත් සක්දෙවිඳු ප්‍රමුඛ සියලුම දෙවියන්ටත් ආර්ය මහා සංඝ රත්නයටත් පින්වත් ඔබ සියලු දෙනාට සතුටු සිතින් අනුමෝදන් කරම්!!!
උතුම් ගෞතම බුදු සසුනේ උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ වීමට අප සියලු දෙනාට මේ පින් උපකාරම වේවා !!!