සතිපට්ඨාන භාවනා ක්‍රමය – රේරුකානේ චන්ද්‍රවිමල ස්වාමීන්වහන්සේ

දැනට බුරුමයේ බොහෝ දෙනෙකු විසින් පුහුණු කරන, බොහෝ දෙනා විසින් ප්‍රතිඵල අත් දැක තිබෙන මේ සතිපට්ඨාන භාවනා ක්‍රමය 1995 මාර්තු මාසයේ පටන් කොළඹ දෙමටගොඩ පරමාර්ථ ධර්ම සභාවෙන් නිකුත් කරන දහම්පත් මගින් මේ රටෙහි ප්‍රචාරය කිරිමට පටන් ගත මුල් කාලයේදී මේ ගැන මහජනයා විසින් වැඩි සැලකිල්ලක් නොදැක්වූ නමුත්, බුරුම තෙරුන් වහන්සේලා ලංකාවට ගෙන්වා මේ භාවනාව පුහුණු කරවන්නට පටන් ගත් තැන් පටන් අපගේ දහම් පත් බොහේ දෙනා සොයන්නට පටන් ගත්හ. දහම් පත් සොයන බොහෝ දෙනෙකුන්ට ඒවා නොලැබිය හැකි විය. භාවනා ක්‍රමය පොතක් වශයෙන් මුද්‍රණය කරවුව හොත් එයින් සිදුවන මහත් වූ යහපත ගැන අපට බෝහො දෙනෙක් කීහ. දැනට භාවනා මධ්‍යස්ථානවලට ගොස් සතිය දෙක භාවනාව පුහුණු කරනේ යන්නා වූ පින්වතුන්ට ඒ භාවනාව ඉදිරියට ගුරුවරයෙක් නැතිව කරගෙන යා හැකි ක්‍රමයක්ද නැත්තේය. විශේෂයෙන් ඒ අයගේ යහපත පිණිසත් නිවන් දකිනු කැමති, බුදු සස්නෙන් ලැබිය හැකි උසස්ම ඵලය ලබනු කැමති, සැම දෙනාගේම යහපත පිණිසත් නිවන් මඟ හෙළි කරන භාවනා මාර්ගය පොතක් වශයෙන් ප්‍රසිද්ධ කිරීමට පිළියෙල කරන ලදී.

මහාචාර්ය රේරුකානේ චන්දවිමල (සාහිත්‍ය චක්‍රවර්තී, පණ්ඩිත, ප්‍රවචන විශාරද, අමරපුර මහා මහෝපාධ්‍යාය ශාසන ශෝභන, ශ්‍රී සද්ධර්ම ශිරෝමණි) මහානායක ස්වාමිපාදයන්වහන්සේ විසින් සම්පාදිතයි.

පරිහරණයට හෝ ධර්ම දානයක් ලෙස පුජා කිරීම සදහා මිලදීගැනීමට විමසන්න.

ශ්‍රී චන්දවිමල ධර්ම පුස්ථක සංරක්ෂණ මණ්ඩලය
ශ්‍රී විනයාලංකාරාමය
පොකුණුවිට 12404.
ශ්‍රී ලංකාව

Sidebar