බෞද්ධයාගේ අත්පොත – රේරුකානේ චන්ද්‍රවිමල ස්වාමීන්වහන්සේ

මෙ කල වෙසෙන බෞද්ධයින්ගෙන් බොහෝ දෙනෙක් ම සැහෙන පමණට ආගම ධර්මය නො දන්නෝය. ඒ බැවින් ඇතැම් බෞද්ධයෝ පින් කෙත් වූ රත්නත්‍රය ඇසුරු කිරීමෙන් ද නොයෙක් විට පව් සිදුකර ගනිති. ලෙහෙසියෙන් කළහැකි ව තිබෙන ඇතැම් උසස් පින්කම් ලඝුකොට සිතා නොකර හරිති. සමහර විට පිනය යන හැඟීමෙන් පව් කරති. ඇතැම් බරපතල පව් කම්න්ද ලඝු කොට සිතා කරති. බොහෝ වියදම් කොට බොහෝ වෙහෙසී දුබල පිනක් සිදුවන ලෙස දන් දෙති. නො මනා කොට ආගම නො දැනීම නිසා සමහර කරුණුවල දී සමහර විට පැවිද්දන් ද නො මග යනු දක්නා ලැබේ.

ආගම සම්බන්ධ කරුණුවලදී බොහෝ බෞද්ධයන් නොයෙක් විට වරදවා ක්‍රියා කරනු දුටු අපට ඔවුනගේ ප්‍රයෝජනය පිණිස බෞද්ධයාගේ අත් පොත නමැති මේ පොත සම්පාදනය කිරීමේ අදහස අවුරුදු පසළොස්වකටත් ඉහතදී ඇතිවිය. මෙහි බෞද්ධයකුටම තමාගේ ආගමික කටයුතු මහත්ඵල වන පරිද්දෙන් කරගත හැකි විමට හා බෞද්ධ ප්‍රතිපත්ති මනාකොට පිරිය හැකි වීමටත් අවශ්‍යයෙන් දත යුතු නිතර දන සිටිය යුතු බොහෝ කරුණු කාහටත් පහසුවෙන් තේරුම් ගත හැකි ලිහිල් බසින් හැකිතාත් නිරවුල් කොට විස්තර කර ඇත්තේ ය. බෞද්ධයන් විසින් නිතර භාවිතා කළ යුතු පොතක් බැවින් මෙයට බෞද්ධයාගේ අත් පොත යන නම තබන ලදී.

මහාචාර්ය රේරුකානේ චන්දවිමල (සාහිත්‍ය චක්‍රවර්තී, පණ්ඩිත, ප්‍රවචන විශාරද, අමරපුර මහා මහෝපාධ්‍යාය ශාසන ශෝභන, ශ්‍රී සද්ධර්ම ශිරෝමණි) මහානායක ස්වාමිපාදයන්වහන්සේ විසින් සම්පාදිතයි.

ප්‍රකාශක :

ශ්‍රී චන්දවිමල ධර්ම පුස්ථක සංරක්ෂණ මණ්ඩලය
ශ්‍රී විනයාලංකාරාමය
පොකුණුවිට 12404.
ශ්‍රී ලංකාව

දු.ක: (+94) 034 2263 958

ISBN : 0955-8663-03-4

 

Sidebar