බුදු දෙනෙතට දුටුවන් අතර ඔබත් මමත් සිටි බව සිටින බව ඔබ දන්නවාද?

තෙරුවන් සරණයි!!

? අප මහා කාරුණික බුදු පියාණන් වහන්සේ අපට ධර්ම දේශනා කිරීමටත්, ධර්ම අවබෝධය ලබාදීමටත් සසරේ මොන තරම් නම් දුක් විඳලා ඇතිද?

ඔබ ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන විටත්, දහම් පොත්පත් කියවන විටත්, නිතර සිතන්න මේ ධර්මය අපට කියාදෙන්න මගේ බුදුරජාණන් වහන්සේ කොච්චරනම් දුක් විඳලා ඇතිද, කොච්චර නම් කැප කිරීම් කර ඇතිද කියා. අප මහා බෝධිසත්වයෝ කොතෙක් නම් අහසේ තරු වලටත් වඩා ඇස් දන්දී තිබෙනවාද, මහ සාගරයේ ජලයට වඩා රුධිරය දන් දී තිබෙනවාද, මහාමේරු පර්වතයටත් වඩා උසට හිස් දං දී තිබෙනවාද, මීට සාරාසංක්‍ය කල්ප ලක්ශයකට පෙර දීපංකර පාද මූලයේ සහ ඊට පෙරත් නිවන් දැකීමට අවස්ථාව තිබූ බෝධි සත්වයෝ ඒ නිවන අත හැර අප වෙනුවෙන් මේ සසරේ දුක් විඳ බුදුවීමම පිණිසම කල කැප කිරීම් ගැන නිතරම හිතන්න.මේ පිලිබඳ ඔබේ දරුවන්ටත් නිතර කියා දෙන්න.
බුදුරජාණන් වහන්සේ ඒ අවබෝධ කරගත් ධර්මය තමයි මේ සසර ගමනේ ඇති වටිනාම දේ. මේ විශ්වයේ කොතෙක් වටිනා දේවල් තිබුණත් අපි මේ ජීවිතයෙන් කවදා හරි යන දවසකට ඒ දේවල් අපට අහිමි වෙනවා. ඒ වටිනා දේවල් නිසාම අපි දුක් විඳිනවා. අන්තිමට අපට මේ ලෝකේ ඉතිරි වෙන්නේ දුක පමණයි .ඒ නිසාමයි මේ ජීවිතය , මේ සසර දුකක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කලේ. අපි කවදා හරි මේ සසරින් නිදහස්වී යා යුතුයි. බුදුරජාණන් වහන්සේ නිතරම දේශනා කලේ මේ සසර ජීවත්වීමට හොඳ තැනක් නොවේ කියලා. මේ සසරින් එතර වීමට ඇති එකම ක්‍රමය ඇත්තේ බුදුදහම තුල පමණයි. ඒ විදර්ශනා මාර්ගයයි. එයයි මේ විශ්වයේ ඇති වටිනාම දේ. මේ වටිනාම දේ තමයි ඔබ ලබාගනිමින් සිටින්නේ. 
මේ ශ්‍රී ලංකාවේ සිටින මිනිස්සු තමයි ඒ වටිනාම වස්තුවේ අයිති කාරයෝ වන්නේ. ඔබත් එහි කොටස් කාරයෙක්.

? ඔබ නිකමටවත් මේ ගැන සිතුවාද?

අප මහා කාරුණික බුදුපියාණන් වහන්සේ වැඩි කාලයක් වැඩ සිටියේත් , ධර්ම ප්‍රචාරක කටයුතු කලේත් ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශයේ නැතහොත් උතුරු ඉන්දියාවේ. නමුත් ඔබ කෙදිනක හෝ අසා තිබෙනවාද දකුණු ඉන්දියාවට බුදුරජාණන්වහන්සේ ධර්ම ප්‍රචාරක කටයුතු සඳහා වැඩම කලා කියලා? ඇයි බුදුරජාණන් වහන්සේ දකුණු ඉන්දියාවට වැඩම නොකලේ? 
බුදුරජණන් වහන්සේ උතුරු ඉන්දියාව පුරාම පා ගමනින් වැඩම කරමින් අවුරුදු 45 ක් මිනිසුන් වෙනුවෙන් ධර්මය දේශනා කලා. දකුණු ඉන්දියාවටවත් වැඩම කිරීමට අවස්ථාවක් නොතිබුණු මගේ බුදුපියාණන් වහන්සේ ශ්‍රී ලංකාවට වැඩම කලේ ඇයි කියලා ඔබ දන්නවාද? ඔබ හිතන්න බුදුරජාණන් වහන්සේ මලයාසියාවට වැඩම කලාද? ජපානයට වැඩම කලාද? රුසියාවට වැඩම කලාද? මේ කිසිම රටකට හෝ ප්‍රදේශයකට මගේ බුදුපියාණන් වහන්සේ වැඩම කලේ නෑ. එසේනම් ඒ කිසිම රටකට වැඩම කර නැති බුදුරජාණන් වහන්සේ මගේ රටට තුන් වතාවක්ම වැඩම කලා. ඔබ මීට පෙර මේ ගැන කලින් සිතලා තියෙනවද? අද මේ ලිපියෙන් කතා කිරීමට බලා පොරොත්තු වන්නේ මාගේ බුදුපියාණන් වහන්සේ තුන් වතාවක් ලංකාවට වැඩම කලේ ඇයි කියලා.

මිහිඳු මහරහතන් වහන්සේ ලක්දිවට වැඩම කිරීමට පෙරත් ලංකාවේ බුදු දහම තිබූ බවට ඕනෑ තරම් සාධක දැන් සොයාගෙන තිබෙනවා. බුදුදහම පිලිබඳ මූලික අදහස මේ රටේ මිනිස්සු ලඟ මිහිඳු හිමි වැඩම කිරීමට පෙර ලක්වැසියන් ලඟ තිබුණු බවට ශාක්සි සාධක සහිතව තිබෙනවා. ප්‍රභල බෞද්ධ රටවල් වන තායිලන්තය, බුරුමය , තායිවානය වැනි ප්‍රභල රටවල් වලටත් බුදුරජාණන් වහන්සේ වැඩම කලේ නෑ. 
මාගේ බුදුරජාණන් වහන්සේ විශ්වාස කලා , බුදු නුවණින් දුටුවා මේ අවබෝධ කරගත් දහම මේ ලංකාවාසී ජනතාව ආරක්ශා කරනවා කියලා. මේ අවබෝධ කරගත් දහම මේ ලංකාවාසී ජනතාව මතු පරපුරට දායාද කරයි කියලා.උන් වහන්සේ විශ්වාස කලා මේ අවබෝධ කරගත් ධර්මය මුලු ලෝකය පුරා ප්‍රචාරය කරනවා කියලා. ඇයි මගේ බුදුරජාණන් වහන්සේ මේකට අපිවම තෝරාගත්තේ. අපි ඒ විශ්වාසය ආරක්ශා කරනවාද? 
ලංකාව තමයි එවකට තිබූ සෞභාග්‍යමත්ම දේශය , දියුණුම ජාතිය, අහසින් වෙනත් රටවල් වලට ගිය මිනිස්සු සිටින ජාතියක් සිටි රටක් , මුලු ලෝකයටම ආහාර ධාන්‍ය වර්ග සැපයූ ජාතියක් ඇති රටක් , කෘෂි තාක්ෂණය , ඉංජිනේරු තාක්ෂණය, වෛද්‍ය කටයුතු පිලිබඳව දැනුම මුලු ලෝකයටම බෙදා දුන් ජාතියක් සිටි රටක් තමයි මේ ශ්‍රී ලංකාව. ඒ කාලයේ මේ ලක්වාසි ජනතාවට මොනවයින් අඩුවක්ද? ඒ නිසා එවකට ලංකාවාසී ජනතාවට තිබූ එකම ගැටලුව සසරින් එතෙර වෙන ගැටලුව විතරයි. එහෙම ජනතාවකට මේ ධර්මය දුන්නොත් එයින් උපරිම ප්‍රයෝජනය ගනී කියලා මගේ බුදුපියාණන් වහන්සේ විශ්වාස කලා. ඒ නිසා මේ ධර්මය අප දිවි හිමියෙන් රැකිය යුතුයි නේද?

? සමහර දෙනා නිතර කියන දෙයක් තමයි බුදුරජාණන් වහන්සේගේ කාරුණික බුදු නෙතට අපිව අසු වෙන්න අපි පිංවන්ත වෙන්න නැතිව ඇති, ඒකනේ අපි තවමත් සංසාරේ කියලා.

එලෙස බොහෝ දෙනෙක් කීව නමුත් ඔබ දන්නවාද මගේ බුදුරජාණන් වහන්සේගේ කාරුණික බුදු නෙතට අසුවුණු තවත් පිංවන්ත වටිනා කෙනෙකි ඔබත්. ඔබවත් බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් දැකලා තියෙනවා. ඔබවත් ඉලක්ක කරගෙන තමයි මේ ලංකාවට මේ ධර්මය දායාද කලේ. අද ඔබ ධර්මය ශ්‍රවණය කරන කෙනෙක්, ධර්මානුකූලව ජීවත් වෙන කෙනෙක් , නිවැරදි මාර්ගයේ යන කෙනෙක් . ඔබවත් මගේ බුදුපියාණන් වහන්සේ බුදු නුවණින් දැකලා තමයි මේ ධර්මය අපට දායාද කලේ. ඒ වගේම දායාද කිරීමට කටයුතු සම්පාදනය කලේ. ඒ නිසයි ඔබත් සිටින මේ රටට මාගේ බුදුපියාණන් වහන්සේ තුන් වතාවක්ම වැඩම කලේ. ඒ නිසා ඔබත් බොහෝ පිං වන්ත කෙනෙක් විය යුතුයි . ඒ වගේම ඔබත් ආඩම්බර විය යුතුයි මේ ධර්මයේ ඔබත් කොටස්කාරයෙකු වීම පිලිබඳව . ඔබත් මේ ධර්මයේ ආරක්ශකයා වියයුතු බවත් බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඒ ආකාරයටම පිලිපදින කෙනෙක් වන බවටත් නිතර හිතට මෙනෙහි කරගන්න.

උපුටා ගැනීම : Dushyantha Chiraj Bandara මහතාගේ ෆේස්බුක් පිටුවෙන්

Sidebar