කෙටි දහම් කරුණු

අරහත්වයේ ප්‍රභේද

ශුෂ්ක විදර්ශක රහතන් වහන්සේලාගේ සිට අග්‍රශ්‍රාවකයන් වහන්සේලා දක්වා මනා විවරණයක්. රහතන් වහන්සේලාගේ මට්ටම් ගණනාවක් තිබේ. ශුෂ්ක විදර්ශක රහතන් වහන්සේ ධ්‍යාන මට්ටම් එකකටවත් සම වැදීය නොහැකි. නමුත් ප්‍රථම ධ්‍යානයට සමවැදිය හැකි පුත්ගලයෙක් ප්‍රථම ධ්‍යානයට සම වැදී ඉන් නැගිට විදර්ශනාව වඩන විට තිබෙන්නා වූ සමාධි මට්ටමට සමාන සමාධි මට්ටමක් ශුෂ්ක විදර්ශකයාට තිබේ. එසේ ශුෂ්ක විදර්ශකයා සෝවාන්, සකදාගාමී,… read more »

සම්මා සම්බුදුවරුන් හට ඇති සාධාරණ හා අසාධාරන ධර්මතා

බුදුවරු කරුණු අටකින් අසමාන වෙති සම්මා සම්බුදුරජාණන් වහන්සේලා කරුණු අටකින් අසමාන වෙති. ආයුෂය, ශරීරප්‍රමාණය, කුලය, ප්‍රධන්වීර්යය කරන කාලපරිච්ඡේදය, බුද්ධ රශ්මිය, අභිනිෂ්ක්‍රමණය කරන යානය, බෝධි වෘක්ෂය සහ පර්යංක ප්‍රමාණය යන කරුණු අටෙන් බුදුවරු අසමාන වෙති. බුදුවරු කරුණු සතරකින් සමාන වෙති. බුදුවරු පිළිබඳ කරුණු සතරක් නො වෙනස් ව පවතී. 01. සියලු බුදුවරුන් ගේ බෝධි පර්යංකය එක ම… read more »

භික්ෂුවිභඞගය වේරඤ්ජ කාණ්ඩය : ලිපි අංක 02

එකල විසල්පුර ආසන්නයේ කලන්දගාම නම් ගමෙහි කලන්ද සිටුවරයාගේ පුත් වූ සුදින්න නම් සිටු පුතෙක් වෙයි. හෙතෙම යහළුවන් පිරිවරා පැමිණ යන මඟෙහි භාග්‍යවතුන් වහන්සේගෙන් බණ අසා පැවිදි වීමට තීරණය කලහ. කෙසේ වෙතත් තම සිටු කුලයෙන් අවසර නො ලැබුන හෙයින් ඒ වෙනුවෙන්ම නිරාහාරව සිට අවසානයේ තම දෙව්පියන්ගෙන් අවසර ගත්හ. පැවිද්දට අවසර ලැබීමෙන් පසු නොබෝ කලකින් භාග්‍යවතුන් වහන්සේ… read more »

භික්ෂුවිභඞගය වේරඤ්ජ කාණ්ඩය : ලිපි අංක 01

භාග්‍යවතුන් වහන්සේ විසින් වේරඤ්ජ බමුණා හට දහම් කථාවෙහි තෙද ගන්වා බල ගන්වා අවසානයට තමන් වහන්සේ විසින් ත්‍රිවිද්‍යාව අවබෝධ කල ආකාරය හා ආ‍ර්‍ය්‍යමාර්‍ගඥානයෙන් මෝහ අන්ධකාරය නසා ප්‍රඥාලෝකය පහළ කොට අප්‍රමාදීව කෙලෙස් තවන වීර්‍ය්‍යයෙන් යුක්ත වූ නිවන පිණිස මෙහෙයවන සිත් ඇතිව වාසය කරන ආකාරය දේශනා කරන ලදී. මේ දැහැමි කථාව අවසානයෙහි යටිකුරැ වු යමක් උඩුකුරැ කොට පෙන්වන්නේ… read more »

සියල්ලම හේතූන් හා ඵලයන්ය

එබැවින් එයට හේතු දත යුතු ය. වීර්‍ය්‍ය ඇතිවීමේ හේතු එකොළොස “එකාදස ධම්මා විරිය සම්බොජ්ඣංගස්ස උප්පාදාය සංවත්තන්ති, අපායභය පච්චචෙක්ඛණතා, ආනිසංස දස්සාවිතා, ගමනවිථි පච්චචෙක්ඛණතා, පිණ්ඩපාතාපචායනතා, දායජ්ජමහත්ත පච්ච-චෙක්ඛණතා සත්‍ථු මහත්ත පච්චචෙක්ඛණතා, ජාති මහත්ත පච්චචෙක්ඛණතා, සබ්‍රහ්මචාරිමහත්ත පච්චචෙක්ඛණතා, කුසීතපුග්ගල පරිවජ්ජනතා, ආරද්ධවිරිය පුග්ගල සෙවනතා, තදධි මුත්තතාති.” මෙයින් විරිය සම්බොජ්ඣංගයට හේතු එකොළොසක් දැක් වේ. විරිය සම්බොජ්ඣංගය යනු ද වීර්‍ය්‍යය ම ය. මෙය… read more »

සත්වයින් උපදිනා ආකාර

අණ්ඩජ : බිජුවට බිදගෙන උපදින බොහෝ පක්ෂීන්, බොහෝ මත්ස්‍යයින්, බොහෝ උරගයින් වැනි සත්ත්වයන්. මව්කුසයක විශේෂ පටලයක් (බිත්තරයක්) තුල කුඩා කලලයක් ‌ලෙස උපත ලබයි. ක්‍රමයෙන් වැඩෙයි. මහළු ‌වෙයි. ශරීරයද ‌වෙනස්කම් වලට භාජනය ‌වෙයි. මෙය අණ්ඩජයෝනිය නමින් හදුන්වයි. ජලාබුජ : මව් කුසක් ඇසුරු කරගෙන උපදින මනුෂ්‍යයන්, සිව්පා වැනි සත්ත්වයන්. මව් කුසයක ජලාශයක් වැනි ස්ථානයක කුඩා කලලයක් ‌ලෙස… read more »

බෙහෙත් පිදීමේ ආනිශංස දහය

භේසජ්ජං සුගතේ දත්වාසංඝේ ගණවරුත්තමේදනානිසංසේ අනුභෝමිකම්මානුච්ඡවිකේ මමආයුවා බලවා වීරෝ – වණ්ණවා යසවා සුඛීඅනුපද්දවෝ අනීතීච – හෝමි අපචිතෝ සදාන මේ පියවියෝගත්ථි – තස්ස නිස්සන්දතෝ  මම බුදුරජාණන් ප්‍රමුඛ මහා සංඝයා වහන්සේට අවශ්‍ය බෙහෙත් වර්ග පූජාකිරීමේ බලයෙන් ආනිශංස දහයක් භවයේදී ලැබූයෙමි. 1. දීර්ඝායු සම්පත් ලැබීම.2. ශරීර ශක්තිය ලැබීම.3. ධෛර්ය සම්පන්න පුද්ගලයෙක් වීම.4. පැහැපත් වර්ණයකින් යුක්ත වීම.5. යහපත් කීර්ති රාවයක්… read more »

අසුරයෝ

අසුර යන වචනයෙහි තේරුම (න + සුර = අසුර) සුර නොවන යන්නයි. එනම් දෙවියන් නොවන පිරිසක් යන්නයි. අසුරයන් පිළිබඳ කතා ප්‍රවෘත්තීන් සංස්කෘත සාහිත්‍යයේද එයි. අසුරයන් හා දෙවියන් අතර ඇති වූ යුද්ධ පිළිබඳ අවස්ථා ගණනාවක්ම බෞද්ධ සාහිත්‍ය තුළින් ද පැහැදිලි වෙයි. පිරිත් පොතේ එන ධජග්ග සූත්‍රය ද එබඳු අවස්ථාවකි. එය බුදුරජාණන් වහන්සේ පෙර වූ කතාවක් ලෙස… read more »

චෛත්‍ය තැනීමට දායකත්වය ලබාදීමේ ආනිසංස

මේ කාලසීමාවේදී ලංකාදීපයේ ස්ථාන කිහිපයකම ලොව්තුරා අංගීරස වූ සම්මා සම්බුදු රජානන් වහන්සේ උදෙසා මහා ස්ථූපයන් ගොඩනැංවෙමින් පවතිනවා. අප මේ ස්ථූප තැනීමේදී දායකත්වය ලබාදෙන විට අපගේ සිතේ, මා මේ තථාගතයන් වහන්සේ ගේ ධාතූන් වහන්සේලා උදෙසායි මේ පින්කම කරන්නේ. එහෙමත් නැත්නම් ඒ ශ්‍රාවක උතුමන් වහන්සේ උදෙසායැයි මේ ස්ථූපයට උදව් උපකාර කරන්නේ කියන අදහසින් කරනවා නම් ඒ තුළින්… read more »

ප්‍රේත ලෝක දොළහ

01. සෙම සොටු අහාර කොට වත්තාස නම් ප්‍රේත ලෝකය 02. මිනිසුන්ගේ සතුන්ගේ මළකුණු අහාර කොට අැති කුණපාස ප්‍රේත ලෝකය 03. අසුචි අහාර කොට අැති ගුථඛාදක නම් ප්‍රේත ලෝකය 04. කටින් නික්මෙන්නා වු ගිනිදැල් අැති අග්ගිජාල මුඛ නම් ප්‍රේත ලෝකය 05. ඉදිකටු මලයක තරම් මුඛයක් අැති මහා සැලියක පමණ කුස අැති සවිමුඛ ප්‍රේත ලෝකය 06. සාගින්නෙන්… read more »

Sidebar