කමටහන් වාර්ථාව හා භාවනා අද්දැකීම් – 9 (අමුනුෂ‍්‍ය දෝෂ හා බලපෑම්)
යෝගාවචරයින් විසින් තම අත්දැකිම් විස්තර කරමින් භාවනාවේ නිරත වනවිට ඇතිවූ ගැටළු, හා ඒවාට ආචාර්යන් වහන්සේලා ලබාදුන් මඟ පෙම්වීම් ඇසුරෙන් සකස්කළ ලිපි පෙළකි. අමුනුෂ‍්‍ය දෝෂ හා බලපෑම් හේතුවෙන් දැනට භාවනාව නවතා ඇති ගිහි පිංවතුන්ට නැවත භාවනාව ආරම්භ කිරීමට මෙම කමටහන් වාර්ථාව හා පිලිතුරු ලිපිය බොහෝ උපකාර වනු ඇත.
කමටහන් වාර්ථාව
මං අවුරුද්දකට පමණ ඉහතදී තනිවම භාවනා කරන්නට යෙදුණ. සමහර දිනවල පාන්දරම නැගිට තනිවම භාවනාවේ යෙදුණ. භාවනා අරඹා විනාඩි කිහිපයක් ගතවුවාට පසුව අත්ල පවා තියනවා දැනෙන් නෑ නමුත් මං ඉන්නවා දන්නවා. ශරීරයත් යම් විදිහකින් ගැහෙනව වගේ දැනුණ. මං බුද්ධානුස්සති භාවනාවත් ආනාපානසතියත් කළා. ඇරඹුමේ බුදුන් වහන්සේ මා අසලම සිටින සේයාවක් සිතින් මවා බුදුගුණ පාඨයන් මුල සිට අගටත් අග සිට මුලටත් මෙනෙහි කළා. මට දෑස් පවා අරින්නට හිතක් එවිට දෙන්නෙ නෑ. එහිම සිටින්නට හිතෙනවා. ස්වාමීන්වහන්ස සති කිහිපයක් ගතවෙත්දි මට මා අසල කවුරුන් හෝ ඉන්නවා යයි දැනෙන්න ගත්ත. එඑපමණක් නොවේ භාවනාවේ යෙදී සිටි කාලයේ සෙවනැලි සේ යම් කිසිවක් එහාට මෙහාට යනව වගේ පෙනුණ. ඒ කාලයේ නින්දට ගියාම නොයෙකුත් සිහිනයන් පසුව පේන්න පටන් ගත්ත. ඒ සිහින වල බියක් නොගෙනෙන මුහුණක් ඇති සුදු ඇඳුමින් සැරසී ගත් පුද්ගලයෙකු මා අසලට එන බවක් සිහිනෙන් පේනෙන්ට ගත්ත. තවද අප පවුලේ මට ස්නේහයෙන් සිටි මියගිය ඤාතියෙක්ද රාත්‍රියෙහි සිහිනෙන් පෙනෙන්නට ගත්ත. මං හැමදාම හවසට මල් පූජා කළ බොහෝ වේලාවක් ගාථා කියනව. මියගිය අයටත් නිවස තුළ පින් දෙනව. ඒ කෙසේවූවත් රාත්‍රියට සිහින වලින් බොහෝ සේ බියට පත් වූ මං දහවල් කාලයේ වූවත් දෑස් පියාගන්න බියවූවා. භාවනා ඒ නිසා නතර වුණා. කලුවරටත් බිය වුණා. ඒ දිනවල නින්ද යනතුරු මගේ මව මා අසල සිටිය. මේ හේතුවෙන් මා සුදුමැලි වන බවක් දෙමව්පියන් කීවා. පසුව පන්සලේ ලොකු ස්වාමීන්වහන්සේ දින 7ක් පුරා බෝධි පූජාවන් පැවැත්වූවා. පිරිත් නූල් දැම්ම. ඒත් පෙර ලෙසම බියවන දේ නැවතුණේ නෑ. පසුව අනුරාධපුර උඩමළුවට ගොස් මං අටපිරිකර පූජාකොට මියගිය අයට පිං පමුණුවාලීමට පසුව අර සිහින සියල්ල නොපෙනෙන්න ගත්ත. මං නැවත කුමක්දෝ දෙයකින් මිදුණා වගේ දැනුණ. ස්වාමීන්වහන්ස දැන් කාලයක් ගතවුණා දැන් මට ඒ කිසිවක් සිහිනෙන් වත් පෙනෙන් නෑ. බොහෝ කාලයකට පසු නැවත ඔබ වහන්සේ දී ඇති කමටහන් එක්ක නැවත භාවනාවට හිඳගත් පසු පෙර බිය වුණු දෙය මතකෙට එනවා. ඒ මානසිකත්වය හේතුවෙන් මට භාවනාව නතර වෙනව. උත්සාහ කළත් හිත ශක්තිමත් කරගන්න ඒත් පෙර කාරණාව මනසට වද දෙනවා. ස්වාමීන්වහන්ස මේ සඳහා පිළියමක් ඇත්නම් කරුණාවෙන් මට කියාදෙන්න. ඔබ වහන්සේට තෙරුවන් සරණයි!!!
පිලිතුරු ලිපිය
මුලින්ම පරන දේවල් ඔක්කොම අමතක කරන්න. මූලික භාවනා උපදෙස් නැවත කියවන්න. නැවත භාවනාව පටන් ගත් බව කිව්වට මෙහි ඒගැන කිසිඳු සදහනක් නැත. මැරිලා ඉන්න අයට බය වෙන්නෙ මොකටද. මොනවා පෙනුනත් ඒ කාටවත් කලහැක්කක් නැහැ. මට ඕනෙ භාවනාව කල විදිහ, ඉදගෙන ඉන්න කොට තමන්ට දැනුනු දේවල් ගැනයි. ඒවා මායාවන් නොවේ. තමන්න අත් දකින ඒවා. මම අද ඉදන් කිසිම දේකට බය වෙන්නෙ නැහැ කියලා හිතුවොත් කවුරැ ආවත් බය වෙන්නෙ නැහැ. ඔය එන අයට මොකවත් කල නොහැකියි. මම දැන් මෙතන කියන වර්තමාන මොහොතට නැත්නම් තමන් සිටින ඉරියව්වට හිත ගන්න එක නවත්තන්න මොන අමුනුෂ‍්‍යයෙකුටවත්,මාරයෙකු
තෙරුවන් සරණයි෴
(විපස්සනා භාවනා අසපුව facebook (@Dhammabo) පිටුවෙන් අවසරය සහිතව උපුටා ගන්නා ලදී. )