කමටහන් වාර්ථාව හා භාවනා අද්දැකීම් – 4

යෝගාවචරයින් විසින් තම අත්දැකිම් විස්තර කරමින්  භාවනාවේ නිරත වනවිට ඇතිවූ ගැටළු, හා ඒවාට ආචාර්යන් වහන්සේලා ලබාදුන් මඟ පෙම්වීම් ඇසුරෙන් සකස්කළ ලිපි පෙළකි.

කමටහන් වාර්ථාව

2017, නොවැම්බර් 28 උදේ11.00 සිට 11.50 
අද සිල් සමාදන් වුනා. පාසලේදී මිටි පුටුවක වාඩි වී භාවනා කලා. 11.45 ට පමණ අවසන් කල යුතු බව කල්පනා කර ගෙන පටන් ගත්තා. වෙනදාට වඩා සහැල්ලුවක් දැනුනා. කකුල් පොලෙවේ හැපෙන තැනත් , පිටුපස පුටුවේ හැපෙන තැනත් කොන්ද එක් තැනක් පුටුවේ ගෑවෙන බවත් පමනක් දැනුනා. අනෙක් කොටස් වල ඇති බව ඉතා අඩුවෙන් දැනුනා. ඔලුව පැත්තට ඇල වෙන බවද දැනුනා. බාහිර දේ ගැනද සිතුනා. භහිර ශබ්දද ඇසුනා. 


2017, දෙසැම්බර් 6 දා උදේ 4.30 සිට 5.40
පලගක් බැද බිම වාඩි වී ආරම්භ කලා. කයේ කොටස් පිහිටි ආකාරය හොදින් දැනුනා .බොහෝ වේලාවක් පහසුවෙන් සිටියා. මෙවර ඔලුව බිමට නැමුනෙ නැතත් කොන්ද කුදුවුනා. ටික වෙලාවකින් කොන්දේ අමාරුවක් අති වුනා. එය මේ විදිය යැයි කීමට අපහසුය. “මුලදී කිසි අපහසුවක් නැතිව පටන් ගත් සුක වේදනාව දැන් දුක් වේදනාවක් වෙලා. හිත මාව රවටා ඇත. දැන් සුඛ වේදනාවකට මාරු වෙන්න කියා හිත කියනවා. ඒත් අයෙත් හිත මාව රවට්ටන බව මන් දන්නවා. ඒ නිසා මන් කුදු ඉරියව්ව වෙනස් නොකරම ඉන්නවා. මොන ඉරියව්වත් අවසානයේ දුකයි” මෙසේ සිතමින් කොන්දේ වේදනාවම දකිමින් සිටියා. කොන්දේ රිදුමත් සමගම පිටුපස ඇනෙන ස්වභාවයක් දැනුනා. එයද ඉවසා බලා සිටියා.
ටික වේලාවකින් කකුලේ රිදුම් දැනී එතනට අවදානය යොමු කරන විටම එය නොදැනී ගියා. කොන්ද ගැන සිතුවා. කකුලේ වෙනත් තැනක රිදුම් දැනී ඒ ගැන සිතුවා. එය තද වීමක් වගේ කෙටි වේලාවකින් එයද නැති වුනා. වෙනදා ඉවසාගත නොහැකි වූ කකුල් වල රිදුම් ඉතාම කුඩා ලෙස දැනුනා . හිතට සතුටක් දැනුනා. දැන්කලින් දැනුන පිටුපස කොට්ටයේ හැපෙන තැන රිදුම මතුවීආවා. එය අනින ස්වභාවයක් ලෙස දිගටම තිබුනා. එදිනෙදා වැඩ ගැන කල්පනා වුනා. භාහිර ශබ්දද අසුනා.

2017, දෙසැම්බර් 9 දා උදේ 8.30 සිට 9.35 
පලගක් බැද බිම් වාඩිවී භාවනා කලා. පහසුම අයුරින්ම වාඩි වුවත් මුලදී දකුණු දණහිසෙ රිදුමක් තිබුනා. ඒ ගැන සිතමින් සිටින විට රිදුම් නැතිව ගියා. ඉන්පසු බොහෝ වේලාවක් පහසුවෙන් සිටියා. කිසිදු රිදුමක් නැති වෙලාවට හිතට වෙනත් දේවල් කල්පනා වෙනවා. අතීතය ගැන අනාගතය ගැන කල්පනා වෙනවා. එසේවන බව මතක් වූ සැනින් කය ගැන සිතනවා. ටික වේලාවකට පසු ශරීරයේ තැන්දෙකක රිදුම් ඇතිබව දැනුනා. එක්තැනකට අවදානය යොමුකලා. අවදානය දුන් සැනින් රිදුමේ තීව්‍ර භාවය අඩු වෙනවා. අවදානය වෙනස් කල සැනින් රිදුම ඉස්මතු වෙනවා. රිදුම ඇතිවන ස්ථානයටම අවදානය දුන් සැනින් රිදුමේ තීව්‍ර අඩු භාවය වෙනවා. දෙවැනි තැනට අවදානය දුන් විටත් එසේම වෙනවා. වෙනදාට වඩා රිදුම් ඉතා අඩු බවක් දැනුනා. භාවනා අවසන් වන තුරු යනිතමින් රිදුම් දැනුනා. වෙනදා මෙන් කකුල් දිග හරින්න හිතුනේ නැහැ.
කිසිවිටක අනිත්ය, දුක්ය, අනාත්ම සිහිකලේ නැහැ. හාමුරුවන්ගේ උපදෙස් පමණක් පිලිපැද්දා. මෙවර අවදානයෙන්ම කොන්ද සහ හිස ඍජුවම තබා ගත්තා.
භාහිර ශබ්ද කිසිවිටක බාධා වුනේ නැහැ. කිසිවිටක ස්වසනය හෝ බඩේ පිම්බීම් හැකිලීම් ඉස්මතු වුනේ නැහැ. රිදුම් නැති මොහොතක ආස්වාස ප්‍රාශ්වාස ගැන අවදානය යොමු කලත් ඒ ගැනම අවදානය තියා ගන්න අසමත් වුනා. බඩගිනි තදින් දැනුනු නිසා භවනාව අවසන් කලා. 

පිළිතුරු ලිපිය 

දැන් ඔබ කමටහන් වාර්ථාවක් හරියට ඉදිරිපත් කරන්න ඉගෙනගෙන ඇති බව පේනවා. මේ දවස් ටිකේ වේදනාව සම්බන්දව පොතක් ලියන තරමට කරැණු ⁣එකතුවී ඇති බව නම් පෙනේ. ම⁣ට දැන ගන්න අවශ්‍යයි මේ කරුණු ටික හොයා ගත්තෙ කයේ හිත පිහිටුවාගෙන සතිය දියුණු කර නිසානේ. ඒ ගැන ඔබ ඉන්නෙ දුකින් නම් ඔබ තවම සතිය හදුනා ගෙන නැහැ. ඒ කියන්නෙ බුදුරජාණන් වහන්සේ කෙරෙහි ග්‍රද්ධාව අඩුයි. ඔබ මේ දැක්ක සියල්ලම බුදුරජාණන් වහන්සේ වදාල දුක්ඛ ආර්ය්‍ය සත්‍ය කියලා තවතවත් බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදෙනවා නම් මට කියන්න තියෙන්නෙ ඉක්මනට නිවන් දකින්න පිං තියෙනවා කියලයි.

භාවනා සදහා නිෂ්චිත ඉරියව්වක් තෝරා ගන්න. ඒක වෙනස් කරන්න එපා. කුඩා පුටුවක හොදයිනම් දිගටම ඒකේ භාවනා කරන්න.
වේදනා ඉස්මතු වෙන හෝ නොවන විට කිසිවක් කල්පනා කරන්න යන්න එපා. වේදනාව දැනෙන විට වේදනාව දිහා හොදට බලන් ඉන්න. ඒක කල්පනාවක් නොවෙයි. ඒක සතිමත් අවදානයක් පමනයි. කල්පනාව ඡේතනා පූර්වකවයි. අවදානයට ඡේතනාවක් නොමැත. ඔබ භාවනාවේදී පටලවා ගෙන ඇත්තෙ එයයි. එය නිවැරැදි කරගන්න. වේදනා නැත්නම් ඉරියව්වට අවදානය පමනක් යොමු කරන්න කල්පනා කරන්න එපා. හොදයි මම දැන ගන්න කැමති ඔබේ පාසලේ තව කව්ද ඉන්නෙ භාවනා කරන්න කැමති. දුක් විදින කොට බෙදාගෙන කන්න ඕනෙ එතකොට තමයි මේක මට විතරක් තියෙන දෙයක් නෙවෙයි කාටත් තියෙන්නෙ මේ දුක්ටික තමයි කියලා තේරුම් ගන්න පුළුවන්. කැමති කෙනෙක් ඉන්නවානම් භාවනාවට යොමු කරන්න. නැවත භාවනා කරලා වාර්ථාව හරියට ඉදිරිපත් කරන්න. නැති ආනාපානයක් ගැන හොයන්න යන්න එපා.

තෙරුවන් සරණයි෴

(විපස්සනා භාවනා අසපුව facebook (@Dhammabo) පිටුවෙන් අවසරය සහිතව උපුටා ගන්නා ලදී. )

Sidebar