කමටහන් වාර්ථාව හා භාවනා අද්දැකීම් – 3

යෝගාවචරයින් විසින් තම අත්දැකිම් විස්තර කරමින්  භාවනාවේ නිරත වනවිට ඇතිවූ ගැටළු, හා ඒවාට ආචාර්යන් වහන්සේලා ලබාදුන් මඟ පෙම්වීම් ඇසුරෙන් සකස්කළ ලිපි පෙළකි.

කමටහන් වාර්ථාව

ඉන්න ඉරියව්ව මෙනෙහි කරමින් භාවනාව පටන් ගත්තා. ටික වේලාවක් යනවිට හුස්ම ඉහළ පහල යනවිදිහ දැනුනා. එසේ සතියෙන් මෙනෙහි කරමින් සිටින විට හිස පැද්දෙන ගතියක් දැනුනා. හිසට අමුතු සෙලවිල්ලකුත් දැනුනා. හිස පිටු පසට බරවී ඇති බවක් දැනුනා. හිස හෙමිහිට කෙලින් කර ගත්තා. පසුව අරමුන නැවත මෙනෙහි කිරීම පටන් ගත්තා. භාවනාව අවසන් කරන්න හිතුනේම නැහැ. මූලික අරමුනේ හිත තබාගෙන ඇස් ඇරියා. නමුත් අතපය හොලවන්න බෑවගේ දැනුනා. පසුව සිතා මතාම හිටි ඉරියව්ව වෙනස් කරලා භාවනාව අවසන් කරා.

පිළිතුරු ලිපිය 

මූලික උපදෙස් අනුව භාවනාව කලයුතු ආකාරය පිලිබදව වැටහීමක් ඇති බව පෙනෙන්නට ඇත. භාවනාවට යොමු වන හැමවිටම ආධුනිකයෙක් වගේ පටන් ගන්න. හිතේ කෙලෙස් අඩුවෙන කොට ඉරියව්වේ වෙනස් කම් අතරමග ඇතිවෙන්න පුලුවන්. එවිට නැවත ඉරියව්ව සකස් කරන්න උත්සාහ කිරීමෙන් භාවනාව නැවතී නැවත මගදී ආරම්භ වන නිසා එසේ කිරීමට පෙළබෙන්න එපා. සාමාන්‍ය ජිවිතයේ දි මගේ කය කියා පුම්බාගෙන හිටියට භාවනාවේදි ඉන්න ඉරියව්ව තමාගේ පාලනයෙන් ගිලිහෙන නිසා ඉරියව්වේ වෙනස්වීමක් ඇතිබව දැනේ. ඒක හරිගස්සන්න යැමෙන් භාවනා ගමන නැවතී නැවත ආරම්භවේ. ඒනිසා ඉරියව්වේ වෙනසක් අපේක්ෂා නොකරන්න. හිස පැද්දෙනවා කියන්න එපා. ඒක⁣ට සෙලවෙන ගතිය පමනක් කියන්න පුරැදු වන්න. කය හිරවන ගතිය පඨවි ධාතුවේ ලක්ෂණයකි.මගේ කය මගේ හිස යන වචන ⁣නැතිව සෙලවෙන ගතිය තදවන ගතිය, කම්පන ගතිය, උනුසුම් සිසිල් යන පරමාර්ථය වචන පමනක් භාවිතා කරන්න පුරුදුවන්න. යන විදිහ හොදයි .භාවනාවට මේ ආකාරයෙන් වැඩෙන්න අරින්න.

තෙරුවන් සරණයි

(විපස්සනා භාවනා අසපුව facebook (@Dhammabo) පිටුවෙන් අවසරය සහිතව උපුටා ගන්නා ලදී. )

Sidebar