කමටහන් වාර්ථාව හා භාවනා අද්දැකීම් – 1
යෝගාවචරයින් විසින් තම අත්දැකිම් විස්තර කරමින් භාවනාවේ නිරත වනවිට ඇතිවූ ගැටළු, හා ඒවාට ආචාර්යන් වහන්සේලා ලබාදුන් මඟ පෙම්වීම් ඇසුරෙන් සකස්කළ ලිපි පෙළකි.
කමටහන් වාර්ථාව
භාවනා කිරීමේදී කොන්දත්, බෙල්ලත් ඍජුව තාබා ගනීමේ වැදගත් කම කුමක්ද? ඍජු ගතිය නැති බව තෙරෙන විට සුදුසු පරිදි සකසා ගැනීම නුසුදුසුද?
මෙවර විනාඩි 45 පමණ පර්‍යංකයේ සිට කය දෙස සිතමින් සිටියා. මුලින් කොන්දේද පසුව කකුල් සිර කර ගෙන අති තැන් වලද රිදුම් දනුනා. එවා සියුම්ද රලුද බව දනුනා. කකුල් තද වෙන බවද, ඇඹරෙන බවද ඒ තැන් ද දැනුනා. කාය වින්ඤාණයේ අනිත්‍ය බව සිතමින් ඒවායේ ප්‍රබල බව අඩු කර ගැනීමට හැකියාව ලබා ගත්තා.
අනික දරු ප්‍රසූතියේදී මේට වඩා වේදනා වින්දා. මම යොගා කරන්නෙමි. එවායෙත් ඇග අදින, රිදෙන ස්වභාවයට මන් හරි කැමතියි. කලින් සිතා සිටියේ භවනාවේ වේදනා විදීම නොහැකියාවක් ලෙසයි. දැන් ඇත්තටම විය යුත්තේ වේදනාවේ ස්වභාවය තේරුම් ගැනීම බව වැටහෙනවා.
පිළිතුරු ලිපිය
ආරම්භයේදි කය ඍජුව තබාගන්නේ කයේ ඇතිවන අසමබර ගතිය නැති කරගැනීමටයි. කය අසමබර වීමෙන් ඇතිවන අපහසුතා මගහරවා ගැනීමටයි. ආරම්භ එසේ උවත් මගදී ඇතිවන වෙනස් කම් සකස් කරගැනීම සිදු නොකල යුතුයි. එසේවීම භාවනාවේ වැඩීමට එය දැඩිව බලපානු ඇත. ඔබ කයේ ඇතිවන වේදනා පිලිබදව යම් අවබෝධයක් ලබා ඇති බව පෙනේ. වේදනාව අනිත්‍ය බව සිතීම හා ඒවා නැති කිරීමට උත්සාහ කිරීමෙන් වලකින්න. යොගා වලට වඩා විදර්ශනා භාවනාව වෙනස්. ඒනිසා ඔබ දැන් කලයුත්තේ මෙයයි. ශරීරයේ වේදනාව වැඩියෙන් ඉස්මතුවන තැනට පමනක් හිත යොමු කිරීමයි. එම ලක්ෂය දීහා හොදින් බලාගෙන ඉන්න. අනිත්‍ය වශයෙන් කිසිවක් මෙනෙහි නොකරන්න. ඒදෙස බලා සිටින විට ඔබ අද්දකින්නෙ මොනවාද කියා හරියට වාර්ථාව කරන්න. එම ලක්ෂයේ වේදනාව අවසන් වුවහොත් ඊලග ලක්ෂය තෝරා ගන්න. කිසිවිටකවත් ඉරියව්ව වෙනස් කිරිමට ඔබට අවසර නොමැත.
තෙරුවන් සරණයි෴
(විපස්සනා භාවනා අසපුව facebook (@Dhammabo) පිටුවෙන් අවසරය සහිතව උපුටා ගන්නා ලදී. )