අරහං සම්මා සම්බුදු ගුනය.

෴.අරහතො.෴

( 01 )
අරහං සම්මා සම්බුදු ගුනය.
නමෝ තස්ස භගවතෝ සම්මා සම්බුද්ධස්ස 
සෝ භගවා ඉතිපි අරහං.

? ෴….?️….෴? ෴.කෙලෙස් සතුරන නසා.මිඳීමට අපහසුම සංසාර චක්‍රයේ අර සිඳ දමා.හැම ලෝ වාසීන්ගේ අාමිෂ ප්‍රතිපත්ති පූජාවන්ට සුදුසු රහසිනිදු කිසිදු පවක් නැති සියලූම ඇලීම් හා ගැටීම් වලින් මිඳුනු අති පාරිසුද්ධ සන්තානයකින් යුතුහෙයින් එ් ගුණයෙන් සමන්වාගත හෙයින් ෴
?️?? අරහං නම්වන සේක්මය???️
??️??️?

“ආරකත්තා හතත්තාච – කිලේසාරීන සෝ මුණී
හතසංසාර චක්කාරෝ – පච්චයාදීන චා රහෝ 
න රහෝ කරෝති පාපාණී – අරහං නාම තේ නමෝ.

?️ අර්ථ –
කෙලෙස් අර සිඳලූ නිසාද.සසර ගමන නැවතූ නිසාද.කෙලෙස් සතුරන් නැතිකල හෙයින්ද.රහසින්වත් පාපයක්නොකරන නිසාද.සියලූම ලෝ වාසීන්ට ආමිසපූජා ප්‍රතිපත්තියක් පූජාවෙන් පිදීමට ලැබෙන උත්තම ණිය උත්තමයාණන් වන නිසාද .පිලිගැනී සුදුසු උත්තමයාණන් වන නිසාද අරහං නම් වන සේක.

බුදුරජාණන් වහන්සේ වනාහි අග්ගදක්ඛිණෙය්‍ය යන නම ලබන රහතුන් පසේබුදුවරුන් ඇතුළු ලෝකයා විසින් වැදුම් පිදුම් කරන රජුන් ඇතුළු දෙවියන් ඇතුළු ශක්‍ර – බ්‍රහ්මයන් ඇතුළු මනුෂ්‍යය දිව්‍ය බ්‍රහ්ම සංඛ්‍යාත ලෝකත්‍රයෙහි සැම දෙනා විසින් ගරු බුහුමන් කිරිමට වැඳුම් පිඳුම් කිරිමට සුදුසු වන සේක. තථාගතයන් වහන්සේ විසින් ගරු බුහුමන් කිරිමට වැඳුම් පිඳුම් කිරිමට සුදුසු කෙනෙකු ලෝකත්‍රයෙහි කොතැනකවත් නැත.

ලොවුතුරා බුදුබව ලැබු අළුත උරුවෙල් දනව්වෙහි නේරඤ්ජරානදී තීරයේ අජපාල නම් නුගරුක මුල විවේකීව වෙසෙන අවස්ථාවක අප භාග්‍යවතුන් වහන්සේට එක්තරා කල්පනාවක් ඇති විය. ‘ගරුබුහුමන් කරමින් යටහත්ව ඇසුරු කළ යුතු පුද්ගලයකු ඇසුරු නො කොට කිසිවකුට ගරු බුහුමන් නො කරමින් ස්වච්ඡන්දයේ සැටියටම ජිවත් වීම දුකෙකි’ යනු උන්වහන්සේට ඇති වූ කල්පනාවය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ යටහත්ව ගරුබුහුමන් කරමින් ඇසුරු කිරිම සඳහා තමන් වහන්සේට වඩා ශීලයෙන් වැඩි කෙනෙකු ඇතිදැ යි ලොව බලා වදාළ සේක.

වැඩි ශීලයක් ඇතියෙක් කොතැනකවත් නොපෙණින. ‘තමන් වහන්සේට සමාධියෙන් ප්‍රඥාවෙන් විමුක්තියෙන් විමුක්තිඥනදර්ශනයෙන් වැඩි ශ්‍රමණයෙක් බ්‍රාහ්මණයෙක් දෙවියෙක් බඹෙක් ඇත්තේ දැ’යි බැලූ සේක. කොතැනකවත් නොදුටු සේක. තමන්වහන්සේට වැඩි ශීලාදී ගුණයක් ඇතියකු කොතැනකින්වත් නුදුටු භාග්‍යවතුන් වහන්සේ තමන් වහන්සේ විසින් අවබෝධ කර ගන්නා ලද ධර්මයට ගරු බුහුමන් කෙරෙමින් එය ගුරුතන්හි තබා වාසය කරන්නට ඉටා ගත්හ. තථාගතයන් වහන්සේ විසින් ගරු බුහුමන් කිරිමට සුදුස්සන් ලොව නැත්තේ උන්වහන්සේ සැමට වඩා ශීලාදි ගුණයෙන් උසස්ව සිටින නිසා ය. තථගතයන් වහන්සේට ඇති ඒ මහත්වූ ශීලාදී ගුණස්කන්ධය අනුව අරහං ගුණයෙන් මහන්තත්වය සැලකිය යුතුය.

තථාගතයන් වහන්සේ අරහං ගුණය විශාලවා පමණක් නොව මහත් වු ආනුභාවයකින් ද යුක්ත ය. එබැවින් වයසින් හෝ අන්කිසි ගුණයකින් හෝ තමා වැඩිය කියා ලෝකයෙහි කිසිම පුද්ගලයකුට බුදුරදුන්ගෙන් වැඳුම් නොලැබිය හැකිය. දිනක් තථාගතයන් වහන්සේ වේරඤ්ජාවෙහි වැඩ වෙසෙන කල්හි උන්වහන්සේගේ කීර්තිය අසා වේරඤ්ජ නම් බ්‍රහ්මණයා උන්වහන්සේ දක්නට පැමිණ පිළිසඳර කථා කොට එකත් පසෙක හිඳ මෙසේ කීය. ‘පින්වත් ගෞතමයන් රාජ පරම්පරා ගණනක් ආයු ගෙවා ඇති මහළු බ්‍රහ්මණයන්ට වදින්නේ හෝ දැක හුනස්නෙන් නැගිටින්නේ හෝ අසුනක් දෙන්නේ හෝ නැතය’ යි මා අසා තිබේ පින්වත් ගෞතමයාණෙනි, මා අසා තිබු කරුණ එසේම ය’ , එකල්හි තථාගතයන් වහන්සේ,

‘නාහං තං බ්‍රහ්මණ පස්සාමි සදෙවකෙ ලොකෙ සමාරකෙ සබ්‍රහ්මකෙ සස්සමණ බ්‍රාහ්මණියා පජාය සදෙවමනුස්සාය යමහං අභිවාදෙය්‍ය වා පච්චුට්ඨෙය්‍ය වා ආසනෙන වා නිමන්තෙය්‍ය, යං හි බ්‍රහ්මණ තථාගතො අභිවාදෙය්‍ය වා පච්චුට්ඨෙය්‍ය වා ආසනෙන වා නිමන්තෙය්‍ය මුඬාපිස්ස විපතෙය්‍යාති.’

(අංගුත්තර අට්ඨකනිපාත 20)

යනුවෙන් ‘බ්‍රහ්මණය, මා විසින් වැඳිමට හෝ හුනස්නෙන් නැගිටිමට හෝ අසුනක් දිමට හෝ සුදුසු ශ්‍රමණයකු හෝ බ්‍රහ්මණයකු හෝ දෙවියකු බ්‍රහ්මයකු හෝ අනිකකු නො දකිමි, බ්‍රහ්මණය, යමකුට මා විසින් වැන්දේ හෝ අසුනෙන් නැඟිටියේ හෝ අසුනක් දුන්නේ හෝ වේ නම්, තැරියෙන් ගිලිහි තල් ගෙඩියක් වැටෙන්නාක් මෙන් ඔහුගේ හිස බොටුවෙන් ගිලිහී බිම වැටෙන්නේ ය’ යි වදාළ සේක. එසේ වීම තථාගතයන් වහන්සේ ගේ අරහං ගුණයේ ආනුභාවයයි.

බුදුරදුන්ට ඒ අරහං ගුණය ඇතිවූයේ සවාසනා සකළක්ලේශ ප්‍රහාණයෙන් අර්හත්වයට පැමිණ ලොවුතුරා බුදුබව ලැබිමෙනි. බෝධිසත්ත්ව කාලයේ දී ද ඒ අරහං ගුණයේ බීජය උන්වහන්සේට තිබිණ. නියම අරහං ගුණය නොව ඒ ගුණ බීජය ද මහානුභාව සම්පන්නය. සිඬාථී කුමාරයන් උන්වහන්සේ මව් කුසින් බිහිව දිශාවලෝකනය කළ කල්හි ඒ බිළිදාට සෑම දිශාවක හුන් මනුෂ්‍යදිව්‍ය බ්‍රහ්මණයෝ සුවඳමල් ආදිය පුදා ‘ඔබට වැඩි කෙනෙකු තබා ඔබ හා සම කෙනෙකු ද නැතය’ යි කීය. එකල්හි උන්වහන්සේ උතුර බලා සත් පියවරක් ගමන් කොට “ අග්ගොහමස්මි ලෝකස්ස සෙට්ඨොහමස්මි ලෝකස්ස ජෙට්ඨොහමස්මි ලෝකස්ස’ යි සිංහනාද කළහ. ශූඬෝදන මහාරාජාදි ගෘහස්ථයන් විසින් වඳින පුදන මහානුභාව සම්පන්න කාලදේවල තාපසයෝ උන්වහන්සේට වැන්දාහ. දරුවන් විසින් මව් පියන් වැඳිය යුතු වුව ද ශූඬෝදන රජතුමා බෝසතාණන්ටම වැන්දේ ය. ඒ බීජ අවස්ථාවෙහිවූ අරහං ගුණයේ ආනුභාවය ය.

ලෝකයෙහි අන් කිසිවකුට නො ලැබෙන පරිදි අප්‍රමාණ චීවරාදි ප්‍රත්‍යයන් ලැබිම ද තථාගතයන් වහන්සේ ගේ අරහං ගුණයේ ආනුභාවයෙකි. ජිවමාන කාලයේ දි උන්වහන්සේට කෝටි සංඛ්‍යාත ධන වියදමින් අනාථපිණ්ඩිකාදි සැදැහැවත්හු විහාරාරාම කරවා පුජා කළහ. ගඟක් ගලා යන්නාක් මෙන් අපමණ අහාරපාන වස්ත්‍රාදින් උන්වහන්සේ කරා ගලා එන්නට විය. මිනිසුන් පමණක් නොව දේව බ්‍රාහ්මාදීහූද උන්වහන්සේට අපමණ පුජා පැවැත් වූහ. පිරිනිවිමෙන් පසු ද අද දක්වාමත් උන්වහන්සේට අපමණ පුජාසත්කාර ලැබෙන්නේ ය. පිරිනිවි වර්ෂ දෙදහස් පන්සියයක්ට අධික කාලයක් ගතවි ඇති අද ද උන්වහන්සේට ලැබෙන පූජා ඉතා බොහෝ ය. නොයෙක් රටවල වෙසෙන නානා ජාතික බෞද්ධ ජනයා විසින් විහාර වල හා තමන්ගේ නිවස් වල ද එක්දිනක බුදුරජාණන් වහන්සේ උදෙසා පුජා කරන ගිලන්පස මල් ආහාරපාන රාශීයක් එක්තැන් කළහොත් තරමක කන්දක් පමණ වනු ඇත. උන්වහන්සේ උදෙසා එක් දිනක දැල්වෙන පහන් ද ඉතා බොහෝ ය. වෙසක් පුණුපොහෝ දින ආදි විශේෂ දින වලදි ලැබෙන පුජාව සාමාන්‍ය දින වලට වඩා සිය ගුණයෙන් දහස් ගුණයෙන් අධික වන්නේය. අනාගතයේ දීර්ඝකාලයක් මෙසේම උන්වහන්සේට අපමණ පුද පුජා ලැබෙනු ඇත.

සාධු? 
සාධු??
සාධු??? 

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

නමස්කාර වේවා.
මෙසේ ” අරහං සම්බුදු ගුනයෙන් සමන්වාගත මාගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ එකාන්තයෙන්ම. ” අරහං ” සම්බුදු ගුන සපිරි උතුම්ම උතුමාණෝ වන සේකමය. එසේ හෙයින් “අරහං ” නම් සම්බුදු ගුණයෙන් සමන්වාගත මඟේ අමාමෑණී වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේට.
මාඟේ නමස්කාරයවේවා 
මා දිවියද සදා පූජාකරමී 
පලමුවද පූජාකරමී පූජාවේවා 
දෙවනුවද පූජා කරමී පූජාවේවා 
තෙවනුවද පූජාකරමී පූජා ම වේවා. 

සාධු.!.?සාධු.!!.??සාධු .!!!???

භාවනාව සඳහා 
? මෙනෙහි කරනා ආකාර ත්‍රිත්වය
1 ) අරහන් යනු කුමක්ද?

2 ) එය අරහන් සම්මා සම්බුදු ගුණය ඇති වීමට අදාළ හේතු බුදුරජාණන් බුදුරජාණන් වහන්සේ විසින් සසර දී පුරුදු කර ඇත්ද ?

3 ) අරහං ඒ අරහං ගුණයට අදාළ හේතූන්ගෙන් හට ගත්ත ඵලයන් බුද්ධ චරිත තුළ විද්‍යමාන වූයේද යන්න සිතා බැලිය යුතුය.

මේ අතිතුම් අරහං සම්බුදු ගුනකඳ අපටත්
ආදර්ශය වේවා..
සහ
ආදර්ශ කරගමු 
මා ඔබ අප සැමට

? මා ගනිමි ආදර්ශ.
සියල් කෙලෙස් දුරුකර ගමි.
නොකරන්නෙමි මින් පසුව වඩ වාඩාත් රහසින්වත් කිසිදු පවක්.
පිදීමට සුදුසු ගුනද ඇති කරගන්නෙම්
සිඳලන්නෙමි කෙලෙස් අරද.
නසමි හැම ගෙලෙස් සතුරන් 

??ආශිර්වාද වේවා මට ඔබට අප සැමට සමසේ.
??????????????????

?️ සම්බුදුගුණ?️
? ආශිර්වාද ප්‍රාර්ථනා
????? සත්‍යක්‍රියා….?????

මේ උතුම් මනසිකාරය තුල මා ⁣ඔබ සරන ගිය මහා මහොත්තම සම්මා සම්බුදු සමිඳුන් ගේ අපරිමිත සීලයේ ගුන සුවඳ හදට දැනෙනු ඇත.
ඒවා නිකන්ම හුදුසීල් නොවන්නේ එහි මුල මැඳ අග යන තුන් තැනම ඉතා නිවැරදිම හා පරිපූර්ණම වැඩ පිලිවලකින් යුතු නිසයි.කෙසේ වෙතත්.
ලොව්තුරු සම්බුදු පියාණන් වහන්සේටවත් සමාන වෙනත් ශාස්තෘවරයෙක් වත්.
එ් ශ්‍රී සද්ධර්මයට සමාන වෙනත් සද්ධර්මයක් වත්.ඒ උතුම් වූ ආර්ය මහා සංඝ රත්නයට සමාන උතුම් ශ්‍රාවක පිරිසකවත් මේ විශ්වයේ. කොතනකවත් නැත.
මෙය ඒකානත සත්‍යයක්මයි මෙය දෙවියන් බඹුන් මරුන් සහිත මේ සමස්ත විශ්වයේ කිසිවෙකුටවත් කරුනු සහිතව සාධක සහිතව ප්‍රතික්ෂේප කල නො හැකි දෙයකි.මෙය ඒකාන්ත සත්‍යයක් මයි මේ සත් බෙලෙන් යහපතක් ම වේවා ඔබ අප සැමටම
මෙසේ මෙසේ ” අරහං” ගුණයෙන් සමන්නාගත සම්මා සම්බුදු හිමි ගුණයද සත්‍යක් මයි ඒ සම්බුදු ගුන සත්‍යනුභාව බෙලෙන්ද ඔබ සැමටත් සකල ලෝ වාසීන්ටත්.පිරිසුදු ව බබලන.
දෙව් මිනිසුන්ද ඉක්මවිය හැකි.
නිවන් අමතයෙන් නිති සැනහෙන.
අතුල්‍ය වූ අසමාණ වූ.
අවබෝධයෙන් පිරිපුණ්.
අණන්ත තේජසින් යුතු.
අසත්‍යට නො නැමෙන.
අනභිභවණිය වූ.
නිකෙලෙස් උත්තම සිතක් පිණිසත්.
අප්‍රමාන සීල ගුණයෙන් යුතු සිතක් පිණිසත්.අසරණ හැම විටකම සරනක ලැබෙන්නටත්
කිසිදු අයහපතකට මැඬ නොපැවැත්විය සිතක් පිණිසත්. හැකි ප්‍රහීන නොවන ගුනැති. සිතක් පිණිසත්.
දහමින් ප්‍රභාවිත විශිෂ්ඨ සිතක් පිණිසත්.
විශිෂ්ඨ දර්ශනයෙන් හෙබි උතුම් නිවුනු සිතක් පිණිසත්. හැම මමායනයෙන් තොර සහ හැම කෙලෙස් මල රහිත වූ හැම යහපත් කිත් පැසසුම් ලබනා සිතක පිණිසත්.
නිති මැනවින් සංවර වූ ආර්‍ය සීලී සිතක් සහිත වීම පිණිසත්
අසත්‍ය කිසිවිට නො පවසන සිතක් පිණිසත්.
අසම සම අසදිස උතුම් චරිතයක් පිණිසත්
හැම සැකයෙන් තොර වූත්.ශෝකයෙන් තොරවූත්
නුවනැත්තන්ගෙන් ප්‍රශංසා ලැබිය යුතු අන්දමේ මෙත් සිතක් සහිතවීම පිණිසත්.
මනා සතියෙන්ම සිත නිති පැවැත්විය හැකි.අන්‍යන්ද තම සිතද නිති මැනවින් හික්මවාගත හැකි.ස්භාවයක් පිණිසත්.
කිසිවකට මැඩපැවැත්විය නොහැකි බිය නොවන උතුම් නිර්භයසීලි අසහාය සිතක් පිණිසත් හේතුවේවා.
මැනවින් හික්මුණු අජානී⁣ය වූ..අසමාන ප්‍රඥ්ඤාවක් සහිත සිතක් පිණිසම හේතුවේවා…
නික්ලේශී සිතැති උතුමෙකු වන්නම ලැබේවා…
අපගේ සිල් රුව ගුණ ණැන සුවඳින් මුලුමහත් විශ්වයම ආලෝකමත් වේවා.සුවඳවත් වේවා එයින්ම බැබලේවා..
වෙනත් පහත් ජාති කුල මානාදියෙන් බැබලීමට උත්සාහ නොකරන්නෝ වෙත්වා……
සුගත සම්බුදු සුන්දර මඟ පෙන්වීම හැමවිට මට අපට හැමවිටම සසර වේවා හැමවිටම සියල්ලම මැනවින් අවබෝධ කිසිවක් ආවරණ නො වේවා
සියල්ලන්ටම හා සියල්ලට නායක කුල සහිත ගුණ සහිත මැනවින් දමණය වූ ඍජුවූ කයක් මනසක් පිණිස ම වේවා……..
ආහාර සමුදය වැටහේවා…
පෙර විසූ කඳ පිලිවෙලද වැටහේවා..
ආලෝකමත් දිවියක්ම වේවා…
නොයෙක් ඉර්ධීන්ගෙන් යුතු දිවියක්ම වේවා.
හැම සැකආදී දුරුකල යුතු දෙය දුරුවේවා.
ප්‍රහීනකල යුතු දෙය ප්‍රහීන වේවා..
කාමයන් ගැන නෙත් නො යේවා.
කාමය අභිභවනය වූ අතිඋතුම් වූ
කාමාභිභූ දිවියක්ම වේවා.
අපිස් බව නිති සිත රැඳේවා.
හැම ආශ්‍රවයන් නසන නුවනින් යුතු දිවියක්ම වේවා
කර්‍ම හා විපාකයන් ගැන සිතේවා…
හුඳකලා සුව දැනේනා දිවියක්ම වේවා.
නිති හිස මත අමා සද්ධර්මයම පවතීවා…
නිති හැමටම කළණ දසුනක්ම වේවා…
නිති සැබෑ අවිහිංසාවාදී ගුනෙන් යුතු වෙත්වා.
ඒක පුද්ගල වූ උත්තමණිය ජීවිතයක් ම වේවා..
හැම රෝගයන් ගෙන් මිඳූනු 
එයට මඟ දත් සහ මඟ පෙන්වන ගුන වැඩේවා
නිවන් මඟ දක්ෂ වේවා.
හැමට ප්‍රිය ගුන වැඩේවා…
නිවන් මඟ නිති දර්ශනය වේවා..
මහ කුළුනු ගුන සිත වැඩේවා…
කලගුන දන්නා බව නිති සිත රැඳේවා
කිසිවකින් කිසිවිට නො සැලෙන
තාදී සිතක සැනසුම නිති ඔබ හද පවතීවා.
සැම සිත් වැටහේවා…
නිති උතුම් හැසිරීමෙන් ලොව සරන්නට ලැබේවා.
රන්වන් කයක් රන්වන් ගුන කයක්ද වේවා.
කෙලෙස් අඳුරින දුරුවූ සිතක් කයක්ම වේවා..
ඒ පිණිස මේ සම්මා සම්බුදු ගුණකඳහි ආශීර්වාද පුණ්‍යබලය ඒකාන්ත සත්‍යයක්‍රියාවක්ම වේවා..

බුදුගුණ අනන්තයි…
සදහම් ගුණ අනන්තයි…
මහසඟ ගුණ අනන්තයි…
ඒ අනන්තරවූ බුදු ගුණ බලයෙන්ද …
අනන්ත සදහම් ගුණ බලයෙන්ද…
අනන්ත මහ සඟගුණ බලයෙන්ද…
අනන්ත මව්පිය ගුණ බලයෙන්දඅනන්ත.
අාචාර්‍ය උපාධ්‍යාය ගුණ බලයෙන්ද.
අනන්ත මග බෝසත් ගුණ බලයෙන්ද
අනන්ත අාර්ය දිව්‍ය රාජ ගුණ බලයෙන්ද.
අනන්ත අාර්ය බ්‍රහ්ම රාජ ගුණ බලයෙන්ද
මාගේ සීල සමාධි ප්‍රඥ්ඤා දී ගුණ බලයෙන්ද
ඔබ සැම නිදුක් වෙත්වා !.
නිරෝගි වෙත්වා !.
සුවපත් වෙත්වා !.
මාගේ මාගේ මව්පිය ගුරු දෙගුරු උතුමෝ ඔබ සැම කලණ මිතුරෝද හිතවන්තයෝද මැදහත් වූවෝද අහිතවත් වූවෝද සියලු දෙවියෝද සියලු මනුෂ්‍යයෝද සියලු සත්වයෝද
නිදුක් වෙත්වා !.
නිරෝග වෙත්වා !.
සුවපත් වෙත්වා !.
අායුෂයෙන් වැඩෙත්වා !.
වර්ණයෙන් වැඩෙත්වා !.
සැපයෙන් වැඩෙත්වා !.
කාය බලයෙන් වැඩෙත්වා !.
ඥාන බලයෙන් වැඩෙත්වා !.
සුවසේ නිදත්‍වා !.
සුවසේ පිබිදෙත්‍වා !.
දෙවි මිනිසුන්හට ප්‍රිය වෙත්‍වා !.
දෙවි බඹුන්ගෙන් අාරක්‍ෂාව ලබත්‍වා !.
ගුණයෙන්,නුවණින් වැඩෙත්වා !.
යසසින්,ඉසුරෙන් වැඩෙත්වා !.
සැපතින්,සම්පතින් වැඩෙත්වා !.
හිරි,ඔතප් ගුණයෙ වැඩෙත්වා !.
ශ්‍රද්ධාවෙන්,සීලයෙන් වැඩෙත්වා !. ශෘතයෙන්,ත්‍යාගයෙන් වැඩෙත්වා !.
ඥානයෙන්,අවබෝධයෙන් වැඩෙත්වා !.
සාමයෙන් සමාදානයෙන් වැඩෙත්වා !.
ශාන්තියෙන්,ඉවසීමෙන් වැඩෙත්වා !.
සැනසුම් සුවයෙන් වැඩෙත්වා !. මෛත්‍රියෙන්,කරුණාවෙන් වැඩෙත්වා !.
මුදිතාවෙන්,උපේක්‍ෂාවෙන් වැඩෙත්වා !.
සමථ,විදසුන් නුවණින් වැඩෙත්වා !.
සියවස් කාලයක් දීර්ඝායුෂ වළඳත්‍වා !.
දෙලොව සුභ සෙත ලබත්‍වා !.
සියළු සත්‍වයෝ සුමිහිරි නිවන් සැපතින් සුවපත් වෙත්‍වා !.
සුවපත් වෙත්‍වා !..
සුවපත් වෙත්‍වා !..

සම්මා සම්බුදු සරණයි ….!!!ඔබට 

මේ ආදී අනන්තවූ තුණුරුවන් ගුණ බලයෙන් 
සුභම සුභ උදෑසණක් වේවා…!!!
පින්බර වාසනාවන්ත දවසක්වේවා …!!!
අද දවස පුරාවට මත් දිවිය පුරාවටමත් ඔබගේ ගතේ සිතේ සියලූම වේදනාවන් පීඩාවන් පහවීයේවා…!!!
සිතෙහි සතුට සැනසුම නිරතුරුවම පවතීවා…!!!
අද දවස පුරාවට ඔබගේ සිතෙහි දාන ශීල භාවනාදි බොහෝ කුශල චේතනාවන් වැඩේවා …!!!
පහලවන්නාවූ කුශල චේතනාවන් මස්තකප්‍රාප්ත කරගැණීමට වාසනාවන්ත හේතු සකස් වෙත්වා…!!!
ඔබගේ සිත ශීලයෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් වැඩෙත්වා
අනන්ත බුදුගුණ බලයෙන් ඔබ සැමට සැනසීම වේවා.!!.සියලු මිසදුටු බලවේග හිරු දුටු අඳුරක් සේ පහව යත්වා.සියලු සැදැහැතියනට ධර්මමය සැනසිල්ල විඳගන්න ලැබේවා.!!.
සිල් සුවඳින් … ගුණ සුවදින් … නැණ නුවනින් වැඩේවා.!!!.
නිදුක් ,නිරෝගී ,සුවපත්ම වේවා.!!. සාධු.!!.සාධු.!!.

සියලූම යහපත වේවා.
නිවන් මඟ පිණිසම වේවා.
සුඛී හෝතූ… 

සාධු?.සාධු?.?.සාධූ ?.?.?.

~ කල්‍යාණ මිත්‍ර අමිල රුවන්

Sidebar