තේලකටාහ ගාථා

ඔබ දැන් දැනගැනීමට සූදානම් වන මේ රමණීය.තේල කටාහ ගාථා 100. කුමන අන්දමේ දෙයක්දැයි කෙටියෙන් හෝ දැන ගැනීම ඉතා ප්‍රයෝජනවත් නිසා.ඒ පිළිබඳ ඉතා කෙටියෙන් කරන විස්තරයයි මේ – පෙර මේ ලංකාද්වීපයේ වාසය කල කැළණි තිස්ස නම් රජකෙනෙකු ගේ අගබිසව හා අනියම් සබඳතාවයක් ඇතිකර ගෙන සිටි එක් රජකුමරෙකු තම වරද රජු දැනගත් බවදැන පළා ගියේය. මේ කුමරා රජතුමා හා එකටම ශිල්ප හැදෑරීම් කළ අයෙකි මේ දෙදෙනාට ම අකුරු ඉගැන් වූ ශීලගුණ සම්පන්න මහ තෙරුන් වහන්සේ කෙනෙකු විය රජුගේ ආරාධනාව නිසා එම මහ තෙරුන් වහන්සේ දිනපතා රජගෙදරට දානයට වැඩීම සිරිතකි. මේ බව දන්නා රජ කුමරා රජබිසවට පෙම්හසුනක් යැවීමට උපක්ක්‍රම සොයනු‍යේ තම සහ චරයෙකු ට සිවුරු හඳවා භික්ෂුවක ලෙස වෙස් ගන්වා රජ බිසවට දෙන ලෙසට දන්වා පෙම්හසුනක් දී මහ තෙරුන් වහන්සේ දානයට වඩින වෙලාවේ පිටුපසින් යැව්වේය. මහ තෙරුණුවෝද මේ තවත් එක් රාජ කුලුපග භික්ෂුවකැයි සිතුවේය. රජතුමාද මේ මහ තෙරුන්ගේ එක් මිත්‍ර භික්ෂුවකැයි සිතුවේය.මේ දූතයා ආපසු යන කලට රජ බිසවට පෙනෙන සේ පෙම්හසුන බිමට දැමුවේය.නමුත් ඒතල්පත වැටුනු සබ්දය ඇසී රජතුමා එයගෙන බලනකල (කුඩා කල මේ රජතුමාට හා ඉහත කී කුමරාට අක්ෂර ශාස්ත්‍රය ඉගැන්වූ යේ මේ මහ තෙරුන් බැවින්) එම අකුරු මහ තෙරුන්ගේ යැයිවරදවා සිතා. මහ තෙරුන් උතුරන තෙල් සැලියක දමන්න අණකරේය ශීලගුණ සම්පන්න එම මහතෙරනුවො එම තෙල්සැලිය තුල හිඳම විදසුන් වඩා අති උත්තම අරිහත්වයට පැමිණ තිලක්ෂණ කර්මස්ථාන ශීර්සයෙන් ගාථා 100 ක් ප්‍රකාස කොට පිරිණිවණින් නිවීගිය සේක පිංවත් ඔබටද අතිඋත්තම පිරිණිවණින් නිවීගියන්නට මේ ගාථාර්ථ උපකාරී ම වේවා෴ – තිසරන සරන වේවා.෴

සිංහල අරුත් සහිත මේ තේලකටාහ ගාථා සියය මොනයම් ආකාරයකින්
හෝ උපුටා ගත්තද කම්නැත. නමුත්  පොත් වශයෙන් මුද්‍රණය කර මුඳලට විකිනීම සපුරාම තහනම්ය.

නමෝ තස්ස භගවතො අරහතෝ සම්මා සම්බුද්ධස්ස …

(1)
ලංකිස්‌සරො ජයතු වාරණරාජගාමී
භොගින්‌දභොග රුචිරායත පීණ බාහු,
සාධුපචාරනිරතො ගුණසන්‌නිවාසො
ධම්‌මෙ ඨිතො වීගතකොධමදාවලෙපො;

හස්ති රාජෙයකු සේ යන්නා වූ හෙවත් හස්ති රාජෙයකුට බඳු ගමන් ඇත්තා වූ නාග රාජයකුගේ දරණ වැලක් මෙන් දික් පිරුණු බාහු යුග්මයක් ඇති සත්පුරුෂයන්ට කරන ලද දානාදී සත්ක්‍රියා විධියෙහි ඇළුණු ක්ෂාන්තික්ෂමෝපශමාදී ගුණයන්ට වාසස්ථානයක් බඳු වූ ක්‍රෝධ මදදර්ප ගෑවීම් නැති ලක්රජ තෙමේ දිනේවා!

(2)
යො සබ්‌බලොකමහිතො කරුණාධිවාසො
මොක්‌ඛාකරො රවිකුලම්‌බර පුණ්‌ණ චන්‌දො,
ඤෙය්‍යොදධිං සුවිපුලං සකලං විබුද්‌ධො
ලොකුත්‌තමං නමථ තං සිරසා මුනින්‌දං;

යම් මුනීන්ද්‍රයෙක් තෙම සියලු ලෝකවාසීන් විසින් පුදන ලද්දේ ද කරුණාවට හා මෝක්ෂයට උත්පත්තිස්ථාන ද සූර්‍ය වංශ නමැති අහසට පුන් සඳක් බඳුවේද අතිශය මහත් වූ සියලු ඥෙය මණ්ඩලය අවබෝධ කළේ ද ලෝකෝත්තම වූ ඒ මුනිඳුන් නමඳිමු.

(3 )
සොපානමාලමමලං තිදසාලයස්‌ස
සංසාර සාගරසමුත්‌තරණාය සෙතුං,
සබ්‌බාගතීභය විවජ්‌ජිත ඛෙම මග්‌ගං
ධම්‌මං නමස්‌සථ සදා මුනිනා පණීතං;

දෙව්ලොවට යෑමට ඉණිමං පෙළක් බඳු වූ , නිර්මල වූ, සසර සයුරෙන් එතෙර වන්නට හෙයක් බඳු වූ ද සියලු අපාය භයින් මිදුනා වූ නිර්භය වූ මාර්ගයක් වැනි බුදුරදුන් විසින් දෙසන ලද ධර්මය වඳිමු.

(4 )
දෙය්‍යං තදප්‌පමපි යත්‌ථ පසන්‌න චිත්‌තා
දත්‌වා නරා ඵලමුළාරතරං ලභන්‌තෙ,
තං සබ්‌බදා දසබලෙනපි සුප්‌පසත්‌ථං
සඞ්‌ඝං නමස්‌සථ සදාමිතපුඤ්‌ඤඛෙත්‌තං;

යම් සඟරුවණක් කෙරෙහි පහන් සිත් ඇති මිනිසුන් ස්වල්ප වූද ආහාර පානාදී දේය ධර්මයක් දී ඉතාමහත් කුසලවිපාකය ලබත් ද දශබලධාරී බුදුරජාණන්වහන්සේ විසින් මොනවට පසස්නා ලද අප්‍රමාණ පුණ්‍ය ක්ෂේත්‍ර වූ ඒ අෂ්ටාර්ය පුද්ගල මහා සංඝ රත්නය වඳිවු.

(5)
තෙජො බලෙන මහතා රතනත්‌තයස්‌ස
ලොකත්‌තයං සමධිගච්‌ඡති යෙන මොක්‌ඛං,
රක්‌ඛා න චත්‌ථි ච සමා රතනත්‌තයස්‌ස
තස්‌මා සදා භජථ තං රතනත්‌තයං භො;

භවත්නි! යම් හෙයකින් රත්නත්‍රය සම්බන්ධ තේජෝ ශක්තිය හේතු කොටගෙන තුන් ලෝ වැසි සත්ත්ව තෙමේ සංසාර මුක්තියට හෙවත් නිවනට වහාම පැමිණේ ද, එම රත්නත්‍රය හා සම අන්‍ය ආරක්ෂාවක් නම් ලොව කොතැනකවත් නැත්තේමය. එබැවින් එම රත්නත්‍රය සැමදා සේවනය කරවු.

(6)
ලංකිස්‌සරො පරහිතෙකරතො නිරාසො
රත්‌තිම්‌පි ජාගරරතො කරුණාධිවාසො,
ලොකං විබොධයති ලොකහිතාය කාමං
ධම්‌මං සමාචරථ ජාගරියානුයුත්‌තා;

පරහිතවැඩ කිරීමෙහි අතිශයින්ම නිරත වූ, ආශා රහිත වූ රාත්‍රියෙහි ද නිදි වර්ජිත කිරීමෙහි නිරත වූ, කරුණාවට ආධාර වූ ලංකේෂ්වර තෙමේ ලෝකයාට හිතවැඩ පිණිස ඒකාන්තයෙන් සත්ත්ව ලෝකයා ප්‍රබෝධ කෙරේ, තොපිද නිදිවර්ජිත කිරීමේ යෙදුනාහු ධර්මයෙහි හැසිරෙවු.

(7)
සත්‌තොපකාර නිරතා කුසලෙ සහායා
භො දුල්‌ලභා භුවි නරා විහතප්‌පමාදා,
ලංකාධිපං ගුණධනං කුසලෙ සහායං
ආගම්‌ම සංචරථ ධම්‌මමලං පමාදං;

පින්වතුනි! පෘථිවියෙහි සත්ත්වයන්ට උපකාර කිරීමෙහි ඇළුණා වූ, කුසල් කිරීමෙහි යහළු වූ, ප්‍රමාද නැත්තා වූ මනුෂ්‍යයෝ දුර්ලභයහ. එහෙයින් ගුණයම ධනය කොට ඇති කුශලයට යහළු වූ ලංකේෂ්වර වෙත එළඹ ප්‍රමාද නැතිව කුශල ධර්මයෙහි යෙදෙවු.

(8)
ධම්‌මො තිලොක සරණො පරමො රසානං
ධම්‌මො මහග්‌ඝරතනො රතනෙසු ලොකෙ,
ධම්‌මො භවෙ තිභවදුක්‌ඛ විනාසහෙතු
ධම්‌මං සමාචරථ ජාගරියානුයුත්‌තා;

ධර්මය තුන්ලෝ වැසියන්ට පරම ප්‍රතිෂ්ඨා කොට ඇත්තේ වේ. රසයන් අතුරෙන් උතුම්ම රසයයි. මැණික් ආදී රත්නයන් අතුරෙන් උතුම්ම රත්නයයි. ඒකාන්තයෙන් ත්‍රිවිධ භය දුක් නැති කිරීමට ධර්මය එකම හේතුව වෙයි. එබැවින් නිදි වර්ජිත කොට ධර්මයෙහි හැසිරෙවු.

(9)
නිද්‌දං විනොදයථ භාවයථප්‌පමෙය්‍යං
දුක්‌ඛං අනිච්‌චම්‌පි චෙහ අනත්‌තතඤ්‌ච,
දෙහෙ රතිං ජහථ ජ ජජ්‌ජරභාජනාභො
ධම්‌මං සමාචරථ ජාගරියානුයුත්‌තා;

නිදි දුරු කරවු. සතර බඹවිහරණය හා දුක්, අනිත් , අනත් තිලකුණු වඩවු. දැදුරු වූ බඳුනක් බඳු මේ සිරුරෙහි ඇල්ම නැතිකරවු. නිදිවර්ජිත වූවාහු ධර්මයෙහි හැසිරෙවු.

(10) 
ඔකාස මජ්‌ජ මම නත්‌ථි සුවෙ කරිස්‌සං
ධම්‌මං ඉතීහලසතා කුසලප්‌පයොගෙ,
නා’ලං තියද්‌ධසු තථා භුවනත්‌තයෙ ච
කාමං න චත්‌ථි මනුජො මරණා පමුත්‌තො;

මට අද කුසල් කිරීමට ඉඩ නැත, දානාදී කුසල ධර්මය හෙට කරමියි කියා මෙසේ කුසල් කිරීමෙහි මැලිබව සුදුසු නොවේ. තුන් කාලයෙහි හා තුන් ලෝකයෙහි ද මරණයෙන් මිදුණු සත්ත්වයෙක් නම් නැත්තේමය.

(11)
ඛිත්‌තො යථා නභසි කෙනචිදෙව ලෙඩ්‌ඩු
භූමිං සමාපත්‌ති භාරතයා ඛණෙන,
ජාතත්‌තමෙව ඛලු කාරණමෙකමත්‍ර
ලොකං සදා නනු ධුවං මරණාය ගන්‌තුං;
යම් සේ කිසියම් සත්ත්වයෙකු විසින් නුබ කුස දමනලද ගල් කැටයක් බර බව නිසා සැනෙකින් බිම වැටේද, එසේම ලෝක සත්ත්වයාගේ උපන් බවම මරණයට ඒකාන්තයෙන් නිත්‍ය වූ අසහාය කරුණක් නොවන්නේ ද? වන්නේ මැයි.


(12)
කාමං නරස්‌ස පතතො ගිරිමුද්‌ධනාතො
මජ්‌ඣෙ න කිඤ්‌චි භයනිස්‌සරණාය හෙතු,
කාමං වජන්‌ති මරණං තිභවෙසු සත්‌තා
භොගෙ රතිං පජහථාපි ච ජීවිතෙ ච;

පර්වත මුදුනකින් වැටෙන්නා වූ පුඟුලාට මධ්‍යයෙහි හෙවත් පොළවටත් පර්වතයටත් අතරෙහි භයින් මිදීමට කිසි පිළිසරණක් ඒකාන්තයෙන් නැද්ද (එපරිද්දෙන්) ම තුන්ලොව සත්ත්වයෝ ඒකාන්තයෙන්ම මරණයට පැමිණෙත් එනිසා සැපතෙහි හා ජීවිතයෙහි ද ආශාව දුරු කරවු.

(13) 
කාමං පතන්‌ති මහියා ඛලු වස්‌සධාරා
විජ්‌ජුල්‌ලතා විතතමෙඝ මුඛා පමුත්‌තා,
එවං නරා මරණභීම පපාතමජ්‌ඣෙ
කාමං පතන්‌ති නහි කොචි භවෙසු නිච්‌චො;

විදුලියෙන් ගැවසීගත් මේඝ මුඛයෙන් මිදුණා වූ වැසි ධාරාවෝ ඒකාන්තයෙන් පෘථිවියෙහි වැටෙත් ද එපරිදි මිනිස්සු ද මරණය නැමැති බිහිසුණු කඳු පල්ලමට වැටෙත් මැයි, එබැවින් භවයන්හි නිත්‍ය වූ කිසිවෙක් නම් නැත්තේ මයි.

(14)
වෙලාතටෙ පටුතරොරු තරංගමාලා
නාසං වජන්‌ති සතතං සලිලාලයස්‌ස,
නාසං තථා සමුපයන්‌ති නරාමරානං
පාණානි දාරුණතරෙ මරණොදධිම්‌හි;

මුහුදේ තදින් තර වූ රළ පන්තීහු වෙරළ කොනේ වැදී නිතර විනාශ භාවයට යෙත් ද, එපරිද්දෙන්ම මිනිසුන් හා දෙවියන්ගේ ප්‍රාණයෝ අතිශයින් දරුණු වූ මරණ නමැති වෙරළ කොනේ වැදී විනාශ වෙත්.

(15)
රුද්‌ධොපි සො රථවරස්‌සගජාධිපෙහි
යොධෙහි චාපි සබලෙහි ච සායුධෙහි,
ලොකං විවංචිය සදා මරණූසභො සො
කාමං නිහන්‌ති භුවනත්‌තය සාලි දණ්‌ඩං;

ඒ මරණ නමැති වෘෂභ තෙමේ උතුම් රිය අස් ගජ රාජයන් විසින් හා බල සහිත වූ හෙවත් භක්තිය නමැති ආයුධ වත් යෝධයන් විසින් ද වලක්වන ලද්දේ නමුදු සත්ත්ව ලෝකයා විශේෂයෙන් රවටා තුන්ලෝ වාසී ජනතා නමැති හැල් කෙත් බඩය ඒකාන්තයෙන් කා දමා විනාශ කෙරේ.


(16)
භො මාරුතෙන මහතා විහතො පදීපො
ඛිප්‌පං විනාස මුඛමෙති මහප්‌පභොපි,
ලොකෙ තථා මරණචණ්‌ඩ සමීරණෙන
ඛිප්‌පං විනස්‌සති නරායුමහා පදීපො;

භවත්නි! මහත් වූ සුළඟින් පහරණ ලද මහත් ආලෝකය ඇත්තා වූද, මහා ප්‍රදීපය යම් සේ වහා විනාශයට පැමිණේද එපරිද්දෙන්ම ලෙව්හි මරු සැඩ පවන කරණ කොට ගෙන මිනිසුන්ගේ ආයුෂ නමැති මහා පහණ වහා විනාශ වන්නේය.


(17)
රාමජ්‌ජුනප්‌පභූති භූපති පුංගවා ච
සූරා පුරෙ රණමුඛෙ විජිතාරි සඞ්‌ඝා,
තෙපීහ චණ්‌ඩ මරණොඝ නිමුග්‌ගදෙහා
නාසං ගතා ජගති කෙ මරණා පමුත්‌තා?

පෙර යුධ පෙරමුණෙහි දිනන ලද සතුරු සමූහයා ඇති ශූර වූ රාම අර්ජුන ආදී ශ්‍රේෂ්ඨ රජවරු වූවාහු ද ඔවුහුත් මේ ලෝකයෙහි මරණ නමැති ජල ප්‍රවාහයෙහි ගිළුණු සිරුරු ඇත්තාහු විනාශයට පැමිණියාහුය, ලෝකයෙහි මරණයෙන් මිදුණු කවුරු නම් වෙත් ද?

(18)
ලක්‌ඛී ච සාගරපටා සධරාධරා ච
සම්‌පත්‌තියො ච විවිධා අපි රූපසොභා,
සබ්‌බා ච තා අපි ච මිත්‌තසුතා ච දාරා
කෙ චාපි කං අනුගතා මරණං වජන්‌තං?

ඓශ්වර්යය ද සාගරයම වස්ත්‍ර කොට ඇති පර්වත සහිත වූ පෘථිවි තොමෝ ද අනේක ප්‍රකාර වූ සම්පත්තීහු ද යන ඒ සියළු වස්තූහු ද, රූප සෞන්දර්යයෙන් යුක්ත වූ මිත්‍රයන් හා පුත්‍රයෝද, භාර්යාවෝ ද යන වස්තූහු ද කවුරු හෝ මරණයට පැමිණෙන්නා වූ කිනම් පුද්ගලයෙකු අනුගමනය කළෝ ද?

(19)
බ්‍රහ්‌මාසුරාසුරගණා ච මහානුභාවා
ගන්‌ධබ්‌බකින්‌නරමහොරගරක්‌ඛසා ච,
තෙ චා පරෙ ච මරණග්‌ගිසිඛාය සබ්‌බෙ
අන්‌තෙ පතන්‌ති සලභා ඉව ඛීණපුඤ්‌ඤා;

මහානුභාව සම්පන්න බ්‍රහ්ම දිව්‍ය අසුර ගාන්ධර්ව කින්නර නාග හා රාක්ෂස යන මොවුහු ද අන්‍ය වූ සියලු සත්ත්වයෝ ද ක්ෂය වූ පින් ඇත්තාහු මරණ නමැති ගිණිසිළු කෙළවර පළඟැටියන් මෙන් වැටෙත්.

(20)
යෙ සාරිපුත්‌තපමුඛා මුනිසාවකා ච
සුද්‌ධා සදාසවනුදා පරමිද්‌ධිපත්‌තා,
තෙ චාපි මච්‌චුවළභා මුඛ සන්‌නිමුග්‌ගා
දීපානිවානලහතා ඛයතං උපෙතා;

හැම කල්හි පිරිසිදු වූ එහෙයින්ම කාමාදී චතුර්විධ ක්ලේශයන් දුරු කළා වූ ඍද්ධියේ කෙළවරට පැමිණියා වූ ශාරිපුත්‍රාදී යම් බුද්ධ ශ්‍රාවක කෙනෙක් වෙත් ද ඔවුහු ද මරණය නමැති වඩබාග්නිය ඉදිරියෙහි වැටුණාහු, වාත වේගයෙන් පහරණ ලද ප්‍රදීපයන් මෙන් විනාශයට පැමිණියාහුය. 


(21)
බුද්‌ධාපි බුද්‌ධකමලාමලචාරුනෙත්‌තා
බත්‌තිංසලක්‌ඛණ විරාජිත රූපසොභා,
සබ්‌බාසචක්‌ඛයකරාපි ච ලොකනාථා
සම්‌මද්‌දිතා මරණමත්‌තමහාගජෙන;

පුබුදු පියුමක් මෙන් නිර්මල වූ මනෝඥ නෙත් හා දෙතිස් මහා පුරුෂ ලක්ෂණයෙන් හෙබි රූප ශෝභාව ඇති, සියලු කෙලෙස් දුරු කළ ලෝකයාට එකම පිහිට වූ බුදුරජාණන් වහන්සේ ද මරණය නමැති මත් ඇතා විසින් පාගා සුණු විසුණු කරන ලදහ.

(22)
රොගාතුරෙසු කරුණා න ජරාතුරෙසු
ඛිඩ්‌ඩාපරෙසු සුකුමාරකුමාරකෙසු,
ලොකං සදා හනති මච්‌චු මහාගජින්‌දො
දවානලො වනමිවාවරතං අසෙසං;

රෝගයෙන් පීඩිත වූවන් හා ජරාවෙන් පීඩිත වූවන් කෙරෙහි ද ක්‍රීඩා පරවශ සියුමැලි කුමරුවන් කෙරෙහි ද මරුගේ කරුණාවක් නොමැත්තේ ය. ලැව්ගින්නක් මුළු වනාන්තරය දවන්නේ යම් සේ ද එමෙන්ම ඒ මරණය නමැති මහා හස්තිරාජයා හැමකල්හි ලෝක සත්ත්වයා විනාශ කෙරේ.

(23) 
ආපුණ්‌ණතා න සලිලෙ න ජලාසයස්‌ස
කට්‌ඨස්‌ස චාපි බහුතා න හුතාසනස්‌ස,
භුත්‌වාන සො තිභූවනම්‌පි තථා අසෙසං
භො නිද්‌දයො න ඛලු පීතිමුපෙති මච්‌චු;

පින්වත්නි, මහාසාගරය ජලය කරණකොට හාත්පසින් යම්සේ පිරීමක් ඇති නොවේ , එපරිද්දෙන් ම කරුණා රහිත වූ ඒ මාර තෙමේ මුළු ලෝවැසි ජනයා අනුභව කොට පවා ඒකාන්තයෙන් සතුටට පත් නොවේ.

(24)
භො මොහ මොහිතතයා විවසො අධඤ්‌ඤො
ලොකො පතත්‍යපිපි මච්‌චුමුඛෙ සුභීමෙ,
භොගෙ රතිං සමුපයාති නිහීනපඤ්‌ඤො
දොලා තරඞ්‌ගචපලෙ සුපිනොපමෙය්‍යෙ;

පින්වත්නි, වසඟ රහිත වූ පින් ඇත්තා වූ ද විශේෂයෙන් හීන ප්‍රඥා ඇති නොහොත් බෙහෙවින් ලාමක වූ ලෝවැසි ජන තෙමේ අතිශයින් බිහිසුණු වූ මරුමුව පතිත වේ . එහෙත් මෝහයෙන් මුලා වීම හේතුකොට ගෙන ඔන්චිල්ලා හා රළ පතර මෙන් චන්චල වූ ද සිහිනයකට බඳු උපමා ඇත්තා වූ ද පඤ්චකාම සම්පත්තියෙහි අභිරතියට ඉතා ආශාවෙන් එළඹේ.


(25)
එකොපි මච්‌චුරභිහන්‌තුමලං තිලොකං
කිං නිද්‌දයා අපි ජරාමරණානුයායී,
කො වා කරෙය්‍ය විභසුවෙසු ච ජීවිතාසං
ජාතො නරො සුපින සංගම සන්‌නිභෙසු;

හුදෙකලා වූම මරණය තුන් ලොව වනසන්නට සමර්ථ වේ. නිදීමෙන් කවර නම් ප්‍රයෝජනයක් වේ ද? ජරාව හා මරණය අනුව යන සුළු වූ උපන් කවර නම් මිණිසෙක් තෙමේ සිහිනෙන් වන එකතුවීමක් බඳු සැපතෙහි හා ජීවිතයෙහි ආශා කරන්නේ ය.


(26)
නිච්‌චාතුරං ජගදිදං සභයං සසොකං
දිස්‌වා ච කොධමදමොහජරාභිභූතං,
උබ්‌බෙගමත්‌තමපි යස්‌ස න විජ්‌ජතී චෙ
සො දාරුණොන මරණං වත තං ධිරත්‌ථු!

සතතයෙන් නිතොරව රෝගයෙන් පෙළුණා වූ භය සහිත ශෝකයෙන් යුක්ත වූ නවාඝාත වස්තුක වූ ක්‍රෝධය ද රාගාදී මදය ද මෝහය ද ජරාව ද යන මෙයින් යට කරන ලද මේලොව දැකත් යමෙකුට සසර කලකිරීම් මාත්‍රයක්වත් නො උපදී ද එබඳු සත්ත්ව තෙමේ ම දරුණු පුද්ගලයෙක් වන්නේ ය. මරණය දරුණු නොවේ. ඒ පඟුලාට ඒ්කාන්තෙයන් නින්දා වේවා!

(27)
භො භො න පස්‌සථ ජරාසිධරඤ්‌හි මච්‌චු
මාහඤ්‌ඤමානමඛිලං සතතං තිලොකං,
කිං නිද්‌දයා නයථ වීතභයා තියාමං
ධම්‌මං සදා’සවනුදං චරථ’ප්‌පමත්‌තා;

පින්වත්නි, පින්වත්නි, යම් හෙයකින් ජරාව නමැති කඩුව දරන්නා වූ සියලු තුන්ලෝ වැසි ජනයා නිතර හාත්පසින් නසන්නා වූ මරුවා තොපි නොදක්කාහු ද? එහෙයින් පහ වූ භය ඇතිව හෙවත් බියෙන් තොරව නිදා ගැනීමෙන් තුන්යම් රාත්‍රිය කෙසේ නම් ගතකරන්නහු ද? එබැවින් තොපි කෙලෙසුන් දුරු කරන දස කුසල ධර්මයෙහි හැමදාම පමා නොවී හැසිරෙව්.

(28)
භාවෙථ භො මරණමාරවිවජ්‌ජනාය
ලොකෙ සදා මරණ සඤ්‌ඤමිමං යතත්‌තා,
එවඤ්‌හි භාවනරතස්‌ස නරස්‌ස තස්‌ස
තණ්‌හා පහීයති සරීරගතා අසෙසා;

පින්වත්නි, මාරයාගේ නැතිකිරීම පිණිස ලෝකයෙහි මේ මරණ සඥාව වීර්යයෙන් යුක්තව වඩවු. මෙසේ භාවනා කිරීමෙහි ඇළුණා වූ ඒ මිනිසාගේ ශරීරයට විෂයව පවත්නා වූ සියලුම තෘෂ්ණාව ප්‍රහීන වෙයි.

(29)
රූපං ජරා පියතරං මලිනීකරොති
සබ්‌බං බලං හරති අත්‌තනි ඝොරරොගො,
නානූපභොග පරිරක්‌ඛිත මත්‌තභාවං
භො මච්‌චු සංහරති කිං ඵලමත්‌තභාවෙ?

ජරා තොමෝ අතිශයින් ම ප්‍රිය වූ රූපය කිළිටි කෙරෙයි. භයාණක කාශස්වාසදි රෝගය තෙමේ තමා කෙරෙහි වූ සියලු ම බලය හෙවත් ශක්තිය පැහැර ගනී. පින්වත්නි, මෘත්‍යු තෙමේ උපභෝග වස්තුවෙන් රකින ලද මේ ජීවිතය විනාශ කරයි. එබැවින් ජීවිතයෙන් කිනම් ප්‍රයෝජනයක් ඇත් ද?

(30)
කම්‌මානිලාපහතරොගතරංගභංගෙ
සංසාර සාගර මුඛෙ විතතෙ විපන්‌නා,
මා මාපමාදමකරිත්‌ථ කරොථ මොක්‌ඛං
දුක්‌ඛොදයො නනු පමාදමයං නරානං;

කර්ම නමැති සුළඟින් නසන ලද රෝග නමැති රළ බිඳුම් ඇති මහත් වූ සංසාර සාගර මුඛයෙහි ගිළුණා වූ නොහොත් විපතට වැටුණා වූ තොපි අප්‍රමාද වවු! අප්‍රමාද වවු! සසරින් මිදෙව්. හෙවත් නිවන් අත්පත් කරවු. ප්‍රමාදය නිසාම සත්ත්වයන් තුළ දුක් ඇතිවීම් සිදුවනවා නොවේ ද?

(31)
භොගා ච මිත්‌තසුතපොරිස බන්‌ධවා ච
නාරී ච ජීවිතසමා අපි ඛෙත්‌තවත්‌ථු,
සබ්‌බානි තානි පරලොකමිතො වජන්‌තං
නානුබ්‌බජන්‌ති කුසලාකුසලංව ලොකෙ;

සම්පත්තීහු ද මිත්‍ර පුත්‍ර පිරිවර ජනයා හා බන්ධුහු ද පන වැනි භාර්යාවෝ ද කෙත්වතුද යන මේ සියල්ලෝ ම මෙලොවින් පරලොව යන්නහු අනුව නොයෙත්. කුසල අකුසල කර්මයම මෙලොවින් පරලොව යන්නාහු පසුපස්සේ යෙයි.

(32) භො විජ්‌ජුචංචලතරෙ භවසාගරම්‌හි
ඛිත්‌තා පුරා කතමහාපවනෙන තෙන,
කාමං විභිජ්‌ජති ඛණෙන සරීරනාවා
හත්‌ථෙ කරොථ පරමං ගුණහත්‌ථසාරං;

භවත්නි, විදුලියක් මෙන් අතිශය චංචල ස්වභාවයක් ඇති භව නමැති සාගරයෙහි ඒ පුරාකෘත කුශලාකුශල කර්ම නමැති සැඩ සුළඟින් විසිකරන ලද ඒ ශරීර නමැති නෞකාව ඒකාන්තයෙන් ම සැබැවින් බිඳේ. එහෙයින් ගුණ නමැති හස්තසාරයම අත්පත්කර ගනිවු.

(33). නිච්‌චං විභිජ්‌ජතිහ ආමක භාජනංව
සංරක්‌ඛිතොපි බහුධා ඉහ අත්‌තභාවො,
ධම්‌මං සමාචරථ සග්‌ගපතිප්‌පතිට්‌ඨං
ධම්‌මො සුචිණ්‌ණමිහමෙව ඵලං දදාති;

මේ ලෝකයෙහි බොහෝ සෙයින් මොනවට රකින ලද්දා වූ ශරිරය තෙමේ මෙහි වූ අමු මැටි භාජනයක් මෙන් නනිතරම බි‍ඳේ. එහෙයින් දෙව්ලෝ ගමනට පිහිට වූ කුශලයෙහි හැසිරෙව්. ධර්මය තෙමේ මේ අත්බැව්හිදී ම හොඳින් පුරුදු කරන ලද ඒ ඵලය ම දේ.

(34). රන්‌ත්‌වා සදා පියතරෙ දිවි දෙවරජ්‌ජෙ
නම්‌හා චවන්‌ති විබුධා අපි ඛීණපුඤ්‌ඤා,
සබ්‌බං සුඛං දිවි භුවීහ වියොගනිට්‌ඨං
කො පඤ්‌ඤවා භවසුඛෙසු රතිං කරෙය්‍ය?

දෙව්ලොව හැමකල්හි අතිශයින් ම ප්‍රිය වූ දිව්‍ය රාජ්‍යෙයහි අභිරමණය කොට ක්ෂය වූ පින් ඇති ඒ දෙවියෝ ද එලොවින් චුත වෙත්. දෙව්ලොව හා මෙලොව ඇති සැප සියල්ල ම වෙන්වීම කෙළවර කොට ඇත්තේ ය. එහෙයින් නුවණැති කවරෙක් නම් භව සැපතෙයි ඇලෙන්නේ ද?

(35).
බුද්‌ධො සසාවකගණො ජගදෙකනාථො
තාරාවලීපරිවුතොපි ච පුණ්‌ණචන්‌දො,
ඉන්‌දොපි දෙවමකුටංකිත පාදකඤ්‌ජො
කො ඵෙණපිණ්‌ඩ-න-සමො තිභවෙසු ජාතො?

ලෝකයාට අසහාය ස්වාමී වූ ශ්‍රාවක සමූහයා සහිත බුදු රජ ද තරු පිරිවැරූ පුන්සඳ මඬල ද දෙවියන්ගේ ඔටුණු වලින් සලකුණු කරන ලද පා පියුම් ඇති සක්දෙව් රජද යන මේ ආදී තුන් ලොව උපන් කවරෙක් නම් පෙණ පිඩකට සමාන නොවන්නේ ද?

(36).
ලීලාවතංසමපි යොබ්‌බන රූපසොභං
අත්‌තූපමං පියජනෙන ච සම්‌පයොගං,
දිස්‌වාපි විජ්‌ජුචපලං කුරුතෙ පමාදං
භො මොහමොහිතජනො භවරාගරත්‌තො;

භවත්නි, විවිධ ලීලා ගැනීමට පැළඳි මුදුන් මල්කඩක් බඳු වූ යොවුන් බවින් යුක්ත වූ රූප සෝභාව ඇත්තා වූද, ප්‍රිය ජනයන් හා එක් වීම ද විදුලියක් මෙන් අස්ථිර යැයි දැක දැකත් භවයෙහි ඡන්ද රාගයෙන් ඇළුණු මෝහයෙන් මුළා වූ ජන තෙමේ කුසල කර්මයන් රැස් කිරීමෙහිලා ප්‍රමත්ත වේ.

(37).
පුත්‌තො පිතා භවති මාතු පතීහ පුත්‌තො
නාරී කදාචි ජනනී ච පිතා ච පුත්‌තො,
එවං සදා විපරිවත්‌තති ජීවලොකො
චිත්‌තෙ සදාතිචපලෙ ඛලු ජාතිරඞ්‌ගෙ;

මේ ජීවිතයෙහිදී යම් කිසි දෙමවුපිය කෙනෙකුන්ට ලැබුණු පුත්‍ර තෙමේ කිසියම් කලෙක්හි ඔවුනට පියා වෙයි. පිය තෙමේ ද කිසියම් කලෙක ඔහුට පුත්‍ර වෙයි. ස්ත්‍රී තොමෝ කිසි කලෙක මවු ද පියා ද නැතහොත් පුතෙක් හෝ වන්නීය. මෙසේ සත්ත්ව ලෝකය තෙමේ හැම කල්හි අතිශයින් චපල වූ විචිත්‍ර වූ ජාති නමැති රඟහලෙහි විවිධාකාරයෙන් පරිවර්තනය වන්නේය.

(38).
රන්‌ත්‌වා පුරෙ විවිධඵුල්‌ලලතාකුලෙහි
දෙවාපි නන්‌දනවනෙ සුරසුන්‌දරීහි,
තෙ වෙ’කදා විතතකණ්‌ටකසංකටෙසු
භො කොටිසිම්‌බලිවනෙසු ඵුසන්‌ති දුක්‌ඛං;

පින්වත්නි! නානප්‍රරයෙන් පිපි මල් ඇති ලතාවන්ගෙන් ගැවසීගත් නඳුන් වනයෙහි දෙවඟනන් සමග අභිරමණය කොට තෘප්තිමත් වූ ඒ දෙවියෝ ද ඒකාන්තයෙන්ම එක්කාලයෙක්හිදී පැතිරී ගිය සොළොස් අඟුල් පමණ කටු වලින් ගැවසී ගත් කොළ හිඹුල් වන අපායන්හිදුක් අනුභව කෙරෙත්.

(39).
භුත්‌වා සුධන්‌නමපි කඤ්‌චනභාජනෙසු
සග්‌ගෙ පුරෙ සුරවරා පරමිද්‌ධිපත්‌තා,
තෙ චාපි පජ්‌ජලිතලොහගුලං ගිලන්‌ති
කාමං කදාචි නරකාලය වාසභූතා;

දෙව් ලොව මහත් ඍද්ධියට පැමිණියා වූද ඒ සුර ශ්‍රේෂ්ඨයෝ පවා රන් බඳුන්හි අමෘත භෝජනය අනුභව කොටත් එයින් චුතව පසු කාලයෙක්හිදී නරකාදියෙහි උපන්නාහු ගිණිගෙන දිලිහෙන ලෝ ගුලි ගිලිත්.

(40).
භුත්‌වා නරිස්‌සරවරා ච මහිං අසෙසං
දෙවාධිපා ච දිවි දිබ්‌බසුඛං සුරම්‌මං,
වාසං කදාචි ඛුරසඤ්‌චිතභූතලෙසු
තෙ වා මහාරථගණානුගතා දිවීහ;

යම් කෙනෙක් මේ මිනිස් ලොව හෝ දෙව් ලොව හෝ මහත් රථ සමූහ පිරිවරා ඔබ මොබ ඒ අනුව ගමන් කලෝ ද, ඒ නරේන්ද්‍ර දේවේන්ද්‍රයෝ පිළිවෙළින් මුළු පොළව අනුභව කොටත්, දෙව් ලොව සුරම්‍ය දෙව් සැප විඳත් කිසි කලෙක්හි අපාගතව උඩුකුරු කරන ලද දැලිපිහි ධාරාවන්ගෙන් ගැවසීගත් භූමි තලයන්හි විසීමට පැමිණෙත්.

(41).
දෙවඞ්‌ගනා ලලිතභින්‌නතරඞ්‌ගමාලෙ
රඞ්‌ගෙ මහිස්‌සරජටාමකුටානුයාතෙ,
රන්‌ත්‌වා පුරෙ සුරවරා පමදාසහායා
තෙ චාපි ඝොරතරවෙතරණිං පතන්‌ති;

පෙර දෙවඟණන් හා පතුරුවන ලද යහළු සබඳකම් ඇති ඒ දෙවියෝ දෙවඟණන්ගේ ලාලිත්‍ය අභිනයන් හා සිත්කළු අත්පා විහිදීම් ආදියෙන් බිඳුණු රළ මාලාවන් හා සමාන බැව් ඇති මෙහෙසුරුගේ ජටා බන්ධනය හා අනුව ගිය නෘත්‍යයෙහි ඒ දේව’සරන් හා අභිරමණය කොට ද පසු කාලයෙක්හිදී බිහිසුණු වේතරණී නම් ඔසුපත් නිරයට වැටෙත්.

(42).
ඵුල්‌ලානි පල්‌ලවලතාඵලසංකුලානි
රම්‌මානි නන්‌දනවනානි මනොරමානි,
දිබ්‌බච්‌ඡරාලලිතපුණ්‌ණදරීමුඛානි
කෙලාසමෙරුසිඛරානි ච යන්‌ති නාසං;

මොනවට පිපුණා වූ ලපළු පත් ය වැල් ය ගෙඩි ජාති ය යන මෙයින් ගැවසී ගත්තා වූ නෙත් සිත් පිනවන්නා වූද නඳුන් වනයෝත්, දෙවඟණන් විසින් විලාස කරන ලද පිරුණු ගෘහ ද්වාර ඇති කෛලාසකූට මහමෙර යන පර්වතයෝද විනාශයට යෙත්.


(43).
දොලා’නිලා’නලතරංගසමා හි භොගා
විජ්‌ජුප්‌පභාතිචපලානි ච ජීවිතානි,
මායාමරීචිජලසොමසමං සරීරං
කො ජීවිතෙ ච විභවෙ ච කරෙය්‍ය රාගං?

ජීවිතය ඔන්චිල්ලාවය සුළඟය ගින්නය යන මොවුන් වැන්න උපභෝග පරිභෝග සම්පත්තීහු ජීවිතයෝ විදුලි එළිය මෙන් ඉතා චපලයහ. ශරීරය මායාවක්, මිරිඟුවක් හා දියෙහි පෙනෙන ස‍‍‍‍ඳෙහි පිලිබිඹුවක් සමාන වෙයි. එබැවින් නුවණැති කවරෙක් නම් මේ අස්ථිර ජීවිතයෙහි හා සම්පත්තියෙහි ඇලීම ඇතිකර ගන්නේ ද?

(44).
කිං දුක්‌ඛමත්‌ථි න භවෙසු ච දාරුණෙසු
සත්‌තොපි තස්‌ස විවිධස්‌ස න භාජනො කො,
ජාතො යථා මරණරොගජරාභිභූතො
කො සජ්‌ජනො භවරතිං පිහයෙය්‍ය’බාලො?

දරුණු වූ කාමාදී භවයන්හි කවර නම් දුකක් නැත්තේ ද? හැම දුකක්ම ඇත්තේය. එබැවින් කවර නම් සත්ත්වයෙක් ඒ දුකට භාජන නොවන්නේ ද? යම් සේ උපන්නා වූ පුද්ගල තෙමේ මරණය රෝගය ජරාව යන මෙයින් මඬනා ලද්දේ වෙයි ද, එබැවින් ප්‍රාඥ වූ කවර නම් සත්පුරුෂයෙක් භව සැපතෙහි ඇල්මක් ඇතිකර ගැනීමට කැමති වන්නේ ද?

(45).
කෙ වාපි පජ්‌ජලිතලොහගුලං ගිලන්‌ති
සක්‌කා කථඤ්‌චිදපි පාණිතලෙන භීමං,
දුක්‌ඛොදයං අසුචිනිස්‌සවනං අනන්‌තං
කො කාමයෙථ ඛලු දෙහමිමං අබාලො?

කවුරු නම් සිය අත්ලෙන් ගිණිගෙන දිලියෙන ලෝ ගුලි ගැනීමට කිසි ලෙසකින් හෝ සමර්ථ වෙත් ද. යලි දුකට මුල් වූ නව දොරකින් වැගිරෙන අශුචි ඇති ස්ව වශයෙහි නොපවත්නා වූ මේ ශරීරයට කවර නම් ප්‍රාඥයෙක් කැමති වන්නේ ද?

(46).
ලොකෙ න මච්‌චුසමමත්‌ථි භයං නරානං
න ව්‍යාධිදුක්‌ඛසමමත්‌ථි ච කිංචි දුක්‌ඛං,
එවං විරූපකරණං න ජරාසමානං
මොහෙන භො රතිමුපෙති තථාපි දෙහෙ;

පින්වත්නි! සත්ත්ව ලෝකයෙහි වෙසෙන මිනිස් ආදී හැම සත්නට මරුවා සමාන භයෙක් නැත්තේය. වයසට යාමෙන් ඇතිවන දිරාපත්වීම හා සමාන මිනිසා විරූප කරන කරුණෙක් ද නැත්තේය. එසේ වුවද සත්ත්ව තෙමේ මෝහය කරණකොට ගෙන සිරුරේ ඇල්මට පැමිණේ.

(47).
නිස්‌සාරතො නලකලීකදලීසමානං
අත්‌තානමෙව පරිහඤ්‌ඤති අත්‌තහෙතු,
සම්‌පොසිතොපි කුසහාය ඉවාකතඤ්‌ඤූ
කායො න යස්‌ස අනුගච්‌ඡති කාලකෙරා;

මේ ශරීරය නිසරු බැවින් කුළල්බට හුණ කෙසෙල් හා සම වේ තෙමේම තමා පිණිස හාත්පසින් පෙලෙන්නේය. ආත්මයක් ඇතැයි යන මිත්‍යා කල්පනාවෙන් තමාට දුක් දෙන්නේය. මේ ශරීරය ආහාර පානාදියෙන් මනාකොට පෝෂණය කරණු ලැබූවත් කළගුණ නොදන්නා වූ අසත්පුරුෂයෙකු මෙන් යමෙකුගේ මරණයෙන් පසුව කැටිව නොයේමය.

(48).
තං ඵෙණපිණ්‌ඩසදිසං විසසූලකප්‌පං
තොයා’නිලා’නලමහීඋරගාධිවාසං,
ජිණ්‌ණාලයංව පරිදුබ්‌බලමත්‌තභාවං
දිස්‌වා නරො කථමුපෙති රතිං සපඤ්‌ඤො?

සප්‍රාඥ මනුෂ්‍ය තෙමේ අස්ථිර හෙයින් පෙණ පිඩක් හා විෂ පෙවූ උලක් හා සමාන වූද ආපෝ ධාතුවය, තේජෝ ධාතුවය, වායෝ ධාතුවය, පෘථිවි ධාතුවය යන සතරමහා භුතයන් නමැති සර්පයන්ට වාසස්ථාන වූ දිරාපත් ගෙයක් වැනි හාත්පසින් දුර්වල වූ ඒ ආත්මභාවය දැකත් කම් සැපට කෙසේ නම් ඇලෙන්නේ ද?

(49).
ආයුක්‌ඛයං සමුපයාති ඛණෙ ඛණෙපි
අන්‌වෙති මච්‌චු හනනාය ජරාසිපාණී,
කාලං තථා න පරිවත්‌තති තං අතීතං
දුක්‌ඛං ඉදං නනු භවෙසු අචින්‌තනීයං?

සත්ත්වයාගේ ආයුෂය කෙණෙහි කෙණෙහි ගෙවේ. ජරා නමැති කඩුව ගත් අතැති මරු තෙමේ ආයුෂ නැසීම පිණිස පසුපස්සේ එයි. එතෙකුදු වුවත් පසු වූ කාළය නම් ආපසු නොඑයි. මේ දුක් ගොඩක් වූ කාමාදී භවයන්ගේ ඇති සැබෑ තත්ත්වය නැණවතා විසින් සිතිය යුතු නොවේ ද?

(50). 
අප්‌පායුකස්‌ස මරණං සුලභං භවෙසු
දීඝායුකස්‌ස ච ජරා ව්‍යසනං ච’නෙකං,
එවං භවෙ උභයතොපි ච දුක්‌ඛමෙව
ධම්‌මං සමාචරථ දුක්‌ඛවිනාසනාය;

භවයන්හි අල්පායුෂ ඇත්තහුට මරණය සුලභ වෙයි. දීර්ඝායුෂ ඇත්තහුට නොයෙක් ජරා ව්‍යසන ඇතිවෙයි හෙවත් සුලභ වේ. මෙසේ මේ දෙයාකාරයෙන්ම භවයෙහි දුකම ඇත්තේය. එබැවින් මේ දුක් නැතිකිරීම පිණිස කුසල ධර්මයෙහි හැසිරෙවු.

(51).
දුක්‌ඛග්‌ගිනා සුමහතා පරිපීළිතෙසු
ලොකත්‌තයස්‌ස වසතො භවවාරකෙසු,
සබ්‌බත්‌තතා සුචරිතස්‌ස පමාදකාලො
භො භො න හොති පරමං කුසලං චිණාථ;

පින්වත්නි! පින්වත්නි! ඉතා මහත් දුක් ගින්නෙන් හාත්පසින් පෙළන ලද්දා වූභව බන්ධනාගාරයන්හි වෙසෙන තුන් ලෝ වැසි ජනයාහට සුසිරි දහම් පිරීමට ප්‍රමාද කාලයක් නොවෙයි. නොපමාව සුසිරි දම් පිරිය යුතුයි. එබැවින් හැම අතකින්ම උතුම් කුශල ධර්මයන් රැස් කරවු.

(52).
අප්‌පං සුඛං ජලලවං විය භො තිණග්‌ගෙ
දුක්‌ඛන්‌තු සාගරජලං විය සබ්‌බලොකෙ,
සංකප්‌පනා තදපි හොති සභාවතො හි
සබ්‌බං තිලොකමපි කෙවලදුක්‌ඛමෙව;

පින්වත්නි! තණ කොළයෙහි අග රැඳි දියබිඳක් මෙන් මුළු ලෙව්හි සැප ඉතා ස්වල්පය. දුක සයුරෙහි ජලය මෙන් ඉමහති. ඒ සැපය පවා මේ අපට සැපයෙක යන හැඟීම උඩම පවත්නේය. සැපය යන හැඟීම මිස එබන්දක් කොහෙත්ම නැති බැවින්, ස්වභාවයෙන්ම මුළු තුන්ලොව තනිකර දුක් ගොඩකි.

(53)
කායො න යස්‌ස අනුගච්‌ඡති කායහෙතු
බාලො අනෙකවිධමාචරතීහ දුක්‌ඛං,
කායො සදා කලි මලාකලිලඤ්‌හි ලොකෙ
කායෙ රතො’නවරතං ව්‍යසනං පරෙති

මේ ශරීරය එහි පැවැත්ම පිණිස කිසිවෙකු පසුපස නොයෙයි. එහෙත් අනුවණ පුඟුල් තෙමේ ශරීර හේතුවෙන් නොයෙක් ආකාර ප්‍රාණඝාතාදී දුකට කරුණුවන පව් කෙරෙයි. මේ ශරීරය හැම කල්හිම පාපයෙන් හා අපවිත්‍ර දෙයින් හාත්පසින් ගැවසී ගත්තේමැයි. මෙබඳු සිරුරෙහි ඇළුණු පුද්ගල තෙමේ නිතර විපතට පැමිණේ.

(54).
මීළ්‌හාකරං කලිමලාකරමාමගන්‌ධං
සූළාසිසල්‌ලවිසපන්‌නගරොගභූතං,
දෙහං විපස්‌සථ ජරාමරණාධිවාසං
තුච්‌ඡං සදා විගතසාරමිමං විනින්‌ද්‍යං;

අශුචියට ආකරයක් වූ පාප මලයට උප්පත්ති ස්ථානයක් වූ දුගඳ හමන උල්, කඩු, හී තල, විෂඝෝර සර්ප, රෝග යන මොවුන් වැනි වූ ජරා මරණ දෙකට නිවසක් වැනි හිස් වූ නිස්සාර වූ වෙසෙසින් නින්දා කටයුතු වූ මේ සිරුර අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් දකිවු.

(55).
දුක්‌ඛං අනිච්‌චමසුභං වත අත්‌තභාවං
මා සංකිලෙසය න විජ්‌ජති ජාතු නිච්‌චො,
අම්‌භො න විජ්‌ජති හි අප්‌පමපීහ සාරං
සාරං සමාචරථ ධම්‌මමලං පමාදං;

දුක් වූ, නිත්‍ය නොවූ, සුභ නොවූ මේ ආත්මභාවය ඒකාන්තයෙන් කාම විතර්ක ආදියෙන් කිලිටි නොකරව. මෙලොව කිසි කලෙක්හිදු නිත්‍ය සත්ත්වයෙක් නැත. පින්වත්නි! යම් හෙයකින් තෙපි පමා නොවී කුශල ධර්මයෙහි හැසිරෙවු.

(56) .
මායාමරීචිකදලීනලඵෙණපුඤ්‌ජ-
ගංගාතරඞ්‌ගජලබුබ්‌බුලසන්‌නිභෙසු,
ඛන්‌ධෙසු පඤ්‌චසු ඡළායතනෙසු තෙසු
අත්‌තා න විජ්‌ජති හි කො න වදෙය්‍ය’බාලො?

මායාව, මිරිඟුව, කෙසෙල් ගස, ගින්න, පෙණපිඩ, ගංදියේ රළය, දිය බුබුලය යන මොවුනට සමාන වූ රූපාදී පංචස්කන්ධයෙහිද චක්ෂුරාදී ෂඩායතනයන්හි ද ආත්මයක් නැත්තේමයයි කවර නම් ප්‍රාඥයෙක් නොකියන්නේද?

(57).
වඤ්‌ඣාසුතො සසවිසාණමයෙ රථෙ තු,
ධාවෙය්‍ය චෙ චිරතරං සධුරං ගහෙත්‌වා,
දීපච්‌චිමාලමිව තං ඛණභඞ්‌ගභූතං
අත්‌තාති දුබ්‌බලතරන්‌තු වදෙය්‍ය දෙහං;

වඳ ස්ත්‍රියකගේ පුතෙක් සා අඟකින් කරන ලද රථයෙක්හි වියදඬු සහිතව හෙවත් රියහිස අල්වාගෙන බොහෝ කාලයක් දුවන්නේ නම් හෙවත් එම දිවීමේ යෙදුණු වඳ ස්ත්‍රියගේ පුතා හා සා අඟින් කරන ලද රථය යන දෙකරුණෙහි සත්‍යයක් තිබේ නම් අතිශයින් දුබලවූ මේ දේහයටද ආත්මයැයි කියන්නේය.

(58).
බාලො යථා සලිලබුබ්‌බුලභාජනෙන
ආකණ්‌ඨතො වත පිබෙය්‍ය මරීචිතොයං,
අත්‌තානි සාරරහිතං කදලීසමානං
මොහා භණෙය්‍ය ඛලු දෙහමිමං අනත්‌තං;

යම්සේ අඥාන තෙමේ දියබුබුළු බඳුනකින් උගුරට එන තෙක් මිරිඟු ජලය බොන්නේද, ඒ බොරු කතාව මෙන්ම සාර රහිත වූ කෙසෙල් කඳක් වැනි අනාත්ම වූ මේ ශරීරය ආත්ම යැයි මුලාවෙන් කියන්නේය.

(59).
යො’දුම්‌බරස්‌ස කුසුමෙන මරීචිතොයං
වාසං යදිච්‌ඡති ස ඛෙදමුපෙති බාලො,
අත්‌තානමෙව පරිහඤ්‌ඤති අත්‌තහෙතු
අත්‌තා න විජ්‌ජති කදාචිදපීහ දෙහෙ;

යම් මෝඩයෙක් දිඹුල් රුකෙක්හි සුගන්ධවත් වූ මල්ද මිරිඟුදිය ද ඉඳින් කැමති වේනම් ඒ බාල තෙමේ මෙහි යෙදීම හේතුකොටගෙන වෙහෙසට පැමිණේමැයි. තමාගේ යන හැඟීම කරණකොට ගෙන තෙමේම මිත්‍යා ග්‍රහණයෙන් වැනසෙයි. ඇත්ත වශයෙන් මේ සිරුරෙහි කිසි කලෙක්හිදු ආත්ම ස්වභාවයක් නැත්තේමැයි.

(60).
පොසො යථා හි කදලී සුවිනිබ්‌භුජන්‌තො
සාරං තදප්‌පම්‌පි නොපලභෙය්‍ය කාමං,
ඛන්‌ධෙසු පංචසු ඡළායතනෙසු තෙසු
සුඤ්‌ඤෙසු කිඤ්‌චිදපි නොපලභෙය්‍ය සාරං;

යම්සේ පුරුෂයෙක් කෙසෙල් කඳක් පතුරු ගසන්නේ එයින් ස්වල්පවූ ද සාරයක් ඒකාන්තයෙන් නොලබන්නේද එසේම ආත්මයෙන් හිස්වූ රූපාදී පංචස්කන්ධයෙහිද ඒ චක්ෂුරාදී ෂඩායතනයන්හිද නිත්‍ය සුභ සුඛ ආත්ම ලක්ෂණ වූ කිසිඳු සාරයක් නොලබන්නේමැයි.

(61).
සුත්‌තං විනා න පටභාවමිහත්‌ථි කිංචි
දෙහං විනා න ඛලු කොචි මිහත්‌ථි සත්‌තො,
දෙහො සභාවරහිතො ඛණභංගයුත්‌තො,
කො අත්‌තහෙතු අපරො භුවි විජ්‌ජතීහ?

යම්සේ වස්ත්‍රයෙක නූලින් තොර වස්ත්‍රභාවයක් නැත්තේද එසේම මෙහි පංචස්කන්ධය හැර කිසි සත්ත්වයෙක් නැත්තේය. මේ සිරුර ආත්මවාදී ස්වභාව රහිතය. සැනෙකින් බි‍ඳෙන ක්ෂණයක් ක්ෂණයක් පාසා විනාශ වන සුළුය. එබැවින් මේ මිහිපිට අන් කවරෙක් ආත්ම ප්‍රයෝජන පිණිස පවතීද?

(62).
දිස්‌වා මරීචිසලිලඤ්‌හි සුදූරතො භො
බාලො මිගො සමුපධාවති තොයසඤ්‌ඤී,
එවං සභාවරහිතෙ විපරීතසිද්‌ධෙ
දෙහෙ පරෙති පරිකප්‌පනයා හි රාගං;

පින්වත්නි! යම්හෙයකින් අඥාන මුවා ඉතාදුර සිට මිරිඟුව දැක ජලය යන සඥාවෙන් වහා ලඟට දුවයි ද එසේම අඥාන පුද්ගල තෙමේද නිත්‍යාදී ස්වභාව නැති විපරීත ඥානයෙන් සිද්ධ වූ හෙවත් වරදවා තේරුම්ගත් ශරීරයේ ඇල්මට පැමිණේ.

(63).
දෙහෙ සභාවරහිතෙ පරිකප්‌පසිද්‌ධෙ
අත්‌තා න විජ්‌ජති හි විජ්‌ජුමිවන්‌තලික්‌ඛෙ,
භාවෙථ භාවනරතා විගතප්‌පමාදා
සබ්‌බාසවප්‌පහනනාය අනත්‌තසඤ්‌ඤං;

ආත්ම ස්වභාවයක් නැති විතර්කන මාත්‍රයෙන් සිද්ධ වූ ශරීරයෙහි අහසෙහි විදුලිය මෙන් ආත්මයක් විද්‍යමාන නොවේ. එබැවින් භාවනාවෙහි ඇළුණා වූ තෙපි පුමාද රහිත වූවාහු සියලු කෙලෙසුන් නැසීම පිණිස අනාත්ම සඥාව වඩවු.

(64).
ලාලාකරීසරුධිරස්‌සුවසානුලිත්‌තං
දෙහං ඉමං කලිමලාකලිලං අසාරං,
සත්‌තා සදා පරිහරන්‌ති ජිගුච්‌ඡනීයං
නානාසුචීහි පරිපුණ්‌ණඝටං යථෙව;

මෙලොව සත්ත්වයෝ කෙල අශුචි ලේ කඳුළු වුරුණුතෙල් යන මෙයින් හනා නිමකරන ලද අපවිත්‍ර භාවයෙන් හා කිලුටු ස්වභාවයෙන් යුත් නිස්සාර වූ මළ පිරි කළයක් බඳු මේ ශරීරය හැමකල්හි නොයෙක් සැප දී පෝෂණය කරති.

(65).
නහාත්‌වා ජලඤ්‌හි සකලං චතුසාගරස්‌ස
මෙරුප්‌පමාණමපි ගන්‌ධමනුත්‌තරඤ්‌ච,
පප්‌පොති නෙව මනුජො හි සුචිං කදාචි
කිං භො විපස්‌සථ ගුණං කිමු අත්‌තභාවෙ?

පින්වතුනි! මහමෙර පමණ සුවඳ කැටියක් ගෙන ඇඟ ගා සාගර සතරෙම ජලය නෑවත් සිනිසා කිසිකලෙකත් පිරිසිදු නොවෙයි. එසේ නම් මේ ශරීරයෙහි කිනම් ගුණයක් ඇත්දැයි තෙපි බලන්නහුද?

(66).
දෙහො ස එව විවිධාසුචිසන්‌නිධානො
දෙහො ස එව වධබන්‌ධනරොගභූතො,
දෙහො ස එව නවධා පරිභින්‌නගණ්‌ඩො
දෙහං විනා භයකරං න සුසානමත්‌ථි;

ඒ මේ සිරුරම අශුචි උපදවන තැනකි. වධ බන්ධන රෝගයන්ගෙන් සැදුනකි. නව පොලකින් පැසවා ගිය ගෙඩියක් වැන්න. මේ සිරුර වැනි බිහිසුණු සොහොනක් තවත් නැත.

(67).
අන්‌තොගතං යදිව මුත්‌තකරීසභාගො
දෙහා බහිං අතිචරෙය්‍ය විනික්‌ඛමිත්‌වා,
මාතා පිතා විකරුණා ච විනට්‌ඨපෙමා
කාමං භවෙය්‍යු කිමු බන්‌ධුසුතා ච දාරා?

මේ සිරුර තුළ පවත්නා වූ මළ මූත්‍ර කොටස් ආදිය එළියට අවුත් ඒ ඒ තැන පැතිරී පවතී නම් මවුපියෝ පවා කරුණා ප්‍රේම රහිත වූවාහු පිලිකුල් කෙරෙති. අඹුදරුවන් හා ඥාතීන්ට ඇතිවන පිලිකුල කියනුම කවරේද?

(68).
දෙහං යථා නවමුඛං කිමිසඞ්‌ඝගෙහං
මංසට්‌ඨිසෙදරුධිරාකලිලං විගන්‌ධං,
පොසෙන්‌ති යෙ විවිධපාපමිහාචරිත්‌වා
තෙ මොහිතා මරණධම්‌මමහො වතෙවං!

දොරටු නවයක් ඇති පණුවන්ට නිවාසයක් වූ මංස ඇට ඩහ ලේ වලින් ගැවසුන දුගඳ, නැසෙසුළු මේ කය යමෙක් මෙහිදී නොයෙක් පව් කොට සන්තර්පනය කෙරේද මරණ ස්වභාවය ඇත්තා වූ ඔහු ඒකාන්තයෙන්ම මුලාවූවෝය අහෝ පුදුමයකි!

(69).
ගණ්‌ඩූපමෙ විවිධරොග නිවාසභූතෙ
කායෙ සදා රුධිරමුත්‌තකරීසපුණ්‌ණෙ,
යො එත්‌ථ නන්‌දති නරො සසිගාලභක්‌ඛෙ
කාමඤ්‌හි සොචති පරත්‌ථ ස බාලබුද්‌ධි;

ගඩක් වැනි නන් ලෙඩට නිවෙස් වන හැමදා ලේ මුත්‍ර අශුචි යන අපිවිතුරු දැයින් පිරිපුන් සිවල් හා බල්ලන් විසින් අනුභව කටයුතු වූ නොහොත් සිවලුන්ගේ කෑමට ගොදුරු වූ මේ සිරුරෙහි යමෙක් ඇලීම් වශයෙන් සතුටු වේද, අඥාන වූ හේ ඒකාන්තයෙන් පරලොවදී ශෝක කෙරේ මැයි.

(70).
භො ඵෙණපිණ්‌ඩසදිසො විය සාරහීනො
මීළ්‌හාලයො විය සදා පටිකූලගන්‌ධො,
ආසීවිසාලයනිභො සභයො සදුක්‌ඛො
දෙහො සදා සවති ලොණඝටොව භින්‌නො;

පින්වත්නි, පෙණ පිඩක් මෙන් නිස්සාර වූ අශුචි ගෙයක් මෙන් හැමදා පිළිකුල් දුගඳ ඇති, ඝෝර සර්පයන් වසන තුඹසක් බඳු බිය හා දුක උපදවන මේ සිරුර බිඳුණු ලුණු කලයක් මෙන් හැම දිනම මළ වගුරුවන්නේ ය.

(71).
ජාතං යථා න කමලං භුවි නින්‌දනීයං
පඞ්‌කෙසු භො අසුචිතොය සමාකුලෙසු,
ජාතං තථා පරහිතම්‌පි ච දෙහභූතං
තං නින්‌දනීයමිහ ජාතු න හොති ලොකෙ;

පින්වත්නි,මේ පෘථිවිය ආශ්‍රිත මඩ ගොඩෙක අපිරිසිදු ජල ඇසුරෙන් ඇතිවන පියුම නින්දා කටයුත්තක් නොවන්නේ යම් සේ ද එසේම මේ කුඛු සිරුර නිසා ඇතිවන පරාර්ථචර්යාව ද කිසි දිනෙක නින්දා කටයුතු නොවේ.

(72).
ද්‌වත්‌තිංසභාගපරිපූරතරො විසෙසො
කායො යථා හි නරනාරි ගණස්‌ස ලොකෙ,
කායෙසු කිං ඵලමිහත්‌ථි ච පණ්‌ඩිතානං
කාමං තදෙව නනු හොති පරොපකාරං;

ලෝකයෙහි ස්ත්‍රී පුරුෂයන්ගේ ශරීරයෙහි ඇති විශේෂය නම් එය කුණු තිස් දෙකකින් පිරී පැවතීමයි. නුවණැතියන්ට කයින් තිබෙන ඵලය නම් එය පරාර්ථචර්යාවෙහි යෙදවීමයි.

(73).
පොසොන පණ්‌ඩිතතරෙන තථාපි දෙහො
සබ්‌බත්‌තනා චිරතරං පරිපාලනීයො,
ධම්‌මං චරෙය්‍ය සුචිරං ඛලු ජීවමානො
ධම්‌මෙ හවෙ මණිවරො ඉව කාමදො භො;

මේ සිරුර දෙතිස් කුණපයෙන් යුක්ත වූවත් නැණැතියා විසින් බොහෝ කලක් එය රැක්ක යුතුයි. වැඩිකල් ජීවත් වන්නේ දස කුසල් දහම්හි යෙදෙන්නේ ය. පින්වතුනි, කුසල් දහම වනාහි සිතුමිණි රුවනක් මෙන් සිතු පැතු සැප ගෙන දෙන්නකි.

(74).
ඛීරෙ යථා සුපරිභාවිතමොසධම්‌හි
ස්‌නෙහෙන ඔසධබලං පරිභාසතෙව,
ධම්‌මො තථා ඉහ සමාචරිතො හි ලොකෙ
ඡායාව යාති පරලොක මිතො වජන්‌තං;

කිරි හා එක් වූ බෙහෙත් වල ගුණය ඒ කිරට එක්කළ තෙලටත් යම් සේ ඇදගන්නේ ද, එසේ ම මෙලොවදී හොඳින් පුරුදුකරන ලද ධර්මය තෙමේ මෙහි සිට පරලොව යන්නහු අනුව සෙවනැල්ල මෙන් ගමන් කරයි.


(75).
කායස්‌ස භො විරචිතස්‌ස යථානුකූලං
ඡායා විභාති රුචිරාමලදප්‌පණෙ තු,
කත්‌වා තථෙව පරමං කුසලං පරත්‌ථ
සම්‌භූසිතා ඉව භවන්‌ති ඵලෙන තෙන;

පින්වත්නි, ආභරණයෙන් සරසන ලද ශරීරයාගේ ඡායාව සිත්කලු නිර්මල දර්පණයෙහි දර්ශනීය ව යම්සේ බබලා ද, එපරිද්දේන් ම මෙලොවදී උතුම් කුසල් කොට ඒ ආනිසංස හේතු කොට ගෙන පරලොවදී මොනවට සරසන ලද අය මෙන් සත්ත්යයෝ බබලත්.

(76).
දෙහෙ තථා විවිධදුක්‌ඛ නිවාසභූතෙ
මොහා පමාදවසගා සුඛසඤ්‌ඤමූළ්‌හා,
තික්‌ඛෙ යථා ඛුරමුඛෙ මධුලෙහමානො
බාළ්‌හඤ්‌ච දුක්‌ඛමනුගච්‌ඡති හීනපඤ්‌ඤො;

තියුණු වූ දැලිපිහි මුවාතෙහි මී පැණි ලෙවකන්නා වූ පුරුෂයා යම්සේ දැඩි දුකට පැමිණෙන්නේ ද එසේම මෝහයෙන් නොයෙක් දුකට නිවාස වූ ශරීරයෙහි සැප ඇතැයි ප්‍රමාද වීමෙන් අඥානයාද සසර අධික දුකට පත්වන්නේ ය.

(77).
සංකප්‌පරාගවිගතෙ නිරතත්‌තභාවෙ
දුක්‌ඛං සදා සමධිගච්‌ඡති අප්‌පපඤ්‌ඤො,
මූළ්‌හස්‌ස චෙව සුඛසඤ්‌ඤමිහත්‌ථිලොකෙ
කිංපක්‌කමෙව නනු හොති විචාරමානෙ;

කාමාධිකව, ශරීරෙයහි ඇළුණා වූ මන්ද බුද්ධික මනුෂ්‍යයා නිති දුකක් ම ලබන්නේ ය.අවිද්‍යාවෙන් මුලා වූ තැනැත්තාටම පඤ්චස්කන්ධයෙහි සැපය යන හැඟීමෙක් ඇත්තේය. නුවණින් විමසුවොත්, එම සැපය කෑ විගස මැරෙන සරසවත් කිම්පක්ක නම් විෂ අඹ ජාතිය මෙන් වෙයි.

(78).
සබ්‌බොපභොග ධනධඤ්‌ඤවිසෙසලාභී
රූපෙන භො ස මකරද්‌ධජසන්‌නිභොපි,
යො යොබ්‌බනෙපි මරණං ලභතෙ අකාමං
කාමං පරත්‌ථපරපාණහරො නරො හි;

පින්වත්නි මෙලොවදී යමෙක් ප්‍රාණඝාත කරන්නේ ද, පරලොව සියලු ධනධාන්‍යාදී සැප විශේෂ හා අනංඟ සමාන රූපයක් ලදුවත් සිය කැමැත්තට ඉඳුරා විරුද්ධව බාල කලම මිය යයි.

(79).
සො යාචකො භවති භින්‌නකපාලහත්‌ථො
මුණ්‌ඩො ධිගක්‌ඛරසතෙහි ච තජ්‌ජයන්‌තො,
භික්‌ඛං සදාරිභවනෙ සකුචෙලවාසො
දෙහෙ පරත්‌ථි පරචිත්‌තහරො නරො යො;

යමෙක් සිය සිරුර නිසා අනුන්ගේ වස්තු සම්පත් ආදිය හොර සිතින් ගත්තේ ද ඒ පව කරණ කොට ඒ මිනිසා පරගොවදී හිස මුඩු කරනු ලැබ කබල් ගත් අත් ඇත්තේ සිය ගණන් නින්දා වචන වලින් සංග්‍රහ කරුනු ලබන්නේ කිළිටි ඇඳ සතුරු නිවෙසෙහිඳු හිඟාකන්නේ වෙයි.

(80).
ඉත්‌ථී නමුඤ්‌චති සදා පුන ඉත්‌ථිභාවා
නාරී සදා භවති සො පුරිසො පරත්‌ථ,
යො ආචරෙය්‍ය පරදාරමලඞ්‌ඝනීයං
ඝොරඤ්‌ච වින්‌දති සදා ව්‍යසනඤ්‌ච නෙකං;

යම් ස්ත්‍රියක් පරපුරුෂ සේවනය කළා නම්, ඕ ස්ත්‍රී භාවයෙන් නොමිදෙන්නීය. යමෙක් නොඉක්මිය හැකි සේ පරදාර සේවනය කළේ නම් හෝ ස්ත්‍රීභාවයට පත් වී පරලොවේ දී ඝෝර වූ, කටුක වූ, නොයෙක් ව්‍යසනාදියට පත්වන්නේ ය.

(81).
දීනො විගන්‌ධවදනො ච ජළො අපඤ්‌ඤො
මූගො සදා භවති අප්‌පියදස්‌සනො ච,
පප්‌පොති දුක්‌ඛමතුලඤ්‌ච මනුස්‌සභූතො
වාචං මුසා භණති යො හි අපඤ්‌ඤසත්‌තො;

යම් අඥානයෙක් බොරු කියා නම් හෙතෙම පරලොව දී මිනිසත් බව ලදුවත් දුඟඳ කටක් ඇති දිළිඳු අඥාන මෝඩයෙක් වෙයි. එසේ ම නිති ගොළු බවට පැමිණියේ දුටුවන් පිළිකුල් කරන විකාර ශරීරාංග ඇත්තේද වේ.

(82).
උම්‌මත්‌තකා විගතලජ්‌ජගුණා භවන්‌ති
දීනා සදා ව්‍යසනසොකපරායණා ච,
ජාතා භවෙසු විවිධෙසු විරූපදෙහා
පීත්‌වා හලාහලවිසංව සුරං විපඤ්‌ඤා;

දරැණු විෂයක් වැනි රහමෙර පානය කරන අඥාන මිනිස්සු පරලොවදී උමතු වෙත්. දුර්ගුණ ඇත්තෝ වෙත්. විළිබිය නැති දීන බැගෑපත් අය වෙත්. නොයෙක් භවයන්හි ඉපදුණු කල්හිදු බොහෝ දුක් විපත් ලැබ විරූපත්වයට ද පත්වෙත් මැයි.

(83).
පාපානි යෙන ඉහ ආචරිතානි යානි
යො වස්‌සකොටිනහුතානි අනප්‌පකානි,
ලද්‌ධාන ඝොරමතුලං නරකෙසු දුක්‌ඛං
පප්‌පොති චෙත්‌ථ විවිධව්‍යසනඤ්‌ච නෙකං;

යමෙකු විසින් මෙලෙවෙහිදී බොහෝ පාප කර්ම කරන ලද ද හේ පරලොවදී සංජීවා දී නරකයන්හි කෙළ නහුත ගණන් අවුරැදු අපමණ කටුක දුක් අනුභව කොට මෙහිදී අනේකවිධ ව්‍යසනයන්ට ද පැමිණෙන්නේ ය.

(84).
ලොකත්‌තයෙසු සකලෙසු සමං න කිංචි
ලොකස්‌ස සන්‌තිකරණං රතනත්‌තයෙන,
තංතෙජසා සුමහතා ජිතසබ්‌බපාපො
සොහං සදාධිගතසබ්‌බසුඛො භවෙය්‍යං;

ත්‍රිවිධරත්නය හා සමාන ලොවට පිහිට ඇති කරන ශාන්තිකර වස්තුවක් තුන්ලොව කිසිඳු තැනෙක නැත.ඒ් මහත් තේජස හේතු කොට ගෙන ඒ මම නසන ලද පාපයන් ඇත්තෙම් සියලු ලෝකෝත්තර සැප ලබම්වා.

(85).
ලොකත්‌තයෙසු සකලෙසු ච සබ්‌බසත්‌තා
මිත්‌තා ච මජ්‌ඣරිපුබන්‌ධුජනා ච සබ්‌බෙ,
තෙ සබ්‌බදා විගතරොගභයා විසොකා
සබ්‌බං සුඛං අධිගතා මුදිතා භවන්‌තු;

තුනලොව යම්තාක් සත්ත්වයෝ වෙත් ද මිත්‍රයෝයො. මධ්‍යස්ථයෝ ය, බන්ධු ජනයෝ ය. සතුරෝ ය. යන ඒ සියල්ලෝ ම රෝ දුකින් මිදී ශෝක දුරුකර හැම සැපට පැමිණියාහු ප්‍රීති වෙත්වා.

(86).
කායො කරීසභරිතො විය භින්‌නකුම්‌භො
කායො සදා කලිමලව්‍යසනාධිවාසො,
කායෙ විහඤ්‌ඤති ච සබ්‌බසුඛන්‌ති ලොකො
කායො සදා මරණරොගජරාධිවාසො;

මේ ශරීරය අශුචි පිරැණු බිඳුණු කලයක් වැන්න. හැමකල්හි ම පාපය නොහොත් පරාජය හා විපතට නිවෙසක් වැන්න. ලෝක සත්ත්ව තෙමේ කයෙහි සියලු සැප ඇතැයි සිතා වැනසේ. එහෙත් මේ කය හැමකල්හිම ජර මර රො ්යන මොවුනට නිවෙසක් ම වෙයි.

(87).
සො යොබ්‌බනොති ථවිරොති ච බාලකොති
සත්‌තෙ න පෙක්‌ඛති විහඤ්‌ඤතිරෙව මච්‌චු,
සොහං ඨිතොපි සයිතොපි ච පක්‌කමන්‌තො
ගච්‌ඡාමි මච්‌චුවදනං නියතං තථා හි;

හෙතෙමේ තරුණයි. හේ වෘද්ධියි. හේ බාලයැ යි කිසිදු තත්ත්ව විශේෂයක් මරැවා නොලබන්නේ සත්ත්වයන් මරන්නේ මැ යි. එසේ ම මම ද යෑම් ඊම් ඉඳුම් හිටුම් යන සිව් ඉරියව්වෙහි නියමයෙන් ම මරුමුව කරා ගමන් කරන්නෙමි.

(88).
එවං යථා විහිතදොසමිදං සරීරං
නිච්‌චංව තග්‌ගතමනා හදයෙ කරොථ,
මෙත්‌තං පරිත්‌තමසුභං මරණස්‌සතිඤ්‌ච
භාවෙථ භාවනරතා සතතං යතත්‌තා;

සිරැරෙහිමෙි කියන ලද දොස් දැනගත් තෙපි නිති ඒ ගැනමෙනෙහි කරන්නාහු ශෘදයෙහි තැන්පත් කර තබවු. එසේ ම මෙත් බැවුම හා මරණානුස්මෘති භාවනාව ද නිතර උත්සාහවත් වූවාහු වඩවු.

(89).
දානාදි පුඤ්‌ඤකිරියානි සුඛුද්‍රයානි
කත්‌වා ච තම්‌ඵලමසෙස මිහප්‌පමෙය්‍යං,
දෙය්‍යං සදා පරහිතාය සුඛාය චෙව
කිම්‌භො තදෙව නනු හත්‌ථගතඤ්‌හි සාරං?

සැපතට පමුණුවන්නා වූ දානාදී පින්කම් මෙහිදී කොට, ප්‍රමාණයක් නැති සැප සත්ත්වයෝ අනුභව කෙරෙත්. හැමදාම අත්වැඩ පරවැඩ පිණිස දන්දිය යුතුයි. පින්වත එයම ඔබගේ හස්තසාර වස්තුව නොවේ ද?

(90).
හෙතුං විනා න භවතී හි ච කිංචි ලොකෙ
සද්‌දොව පාණිතලඝට්‌ටනහෙතුජාතො,
එවඤ්‌ච හෙතුඵල භාවවිභාගභින්‌නො
ලොකො උදෙති ච විනස්‌සති තිට්‌ඨතී ච;

පින්වත්නි, ලොව කිසිවක් හේතු රහිතව නොවේම ය. අත්පුඩි ගැසීමෙන් ඇතිවන ශබ්දය මෙනි. මෙසේ හේතු ඵල විභාග වශයෙන් බෙදුණු මේ ලෝකය ඉපදී, පැවැතී විනාශ වන්නේ ය.

(91).
කම්‌මස්‌ස කාරණාමයඤ්‌හි යථා අවිජ්‌ජා
භො කම්‌මනා සමධිගච්‌ඡති ජාතිභෙදං,
ජාතිං පටිච්‌ච ච ජරාමරණාදිදුක්‌ඛං
සත්‌තා සදා පටිලභන්‌ති අනාදිකාලෙ;

පින්වත්නි, මේ අවිද්‍යා තොමෝ කුසලාකුසල කර්මයට මුල් වෙයි. කුසලාකුසල කර්ම හේතුකොට ගෙන කැත් බමුණු ගොවි ආදී ජාති භේදයට සත්ත්වයා පැමිණේ. ජාතිය නිසා හෙවත් විවිධ භේද ඇති උත්පත්තිය නිසා කෙළවරක් නැති කාලයක සිට සත්ත්වයෝ ජරාමරණාදී දුක්වලට පැමිණෙති.

(92).
කම්‌මං යථා න භවතීහ ච මොහනාසා
කම්‌මක්‌ඛයාපි ච න හොති භවෙසු ජාති,
ජාතික්‌ඛයා ඉහ ජරාමරණාදිදුක්‌ඛං
සබ්‌බක්‌ඛයො භවති දීපෙවානිලෙන;

මෙහිලා යම්සේ අවිද්‍යාවගේ නැසීමෙන් කුසලාකුසල කර්ම ඉපදීමේ ශක්තිය නැතිවේ ද, එසේ ම කර්ම නිරෝධය හේතුකොටගෙන ජාතිය නැති වේ. හෙවත් උත්පත්තිය නවතී. ජාතිය හෙවත් උපත නැවතීමෙන් ජරාමරණාදීහු නැවත කවදාවත් ම නො උපදිති. මාරුත වේගයෙන් පහන නිවී යන්නාක් මෙනි.

(93).
යො පස්‌සතීහ සතතං මුනිධම්‌මකායං
බුද්‌ධං ස පස්‌සති නරො ඉති සො අවොච,
බුද්‌ධඤ්‌ච ධම්‌මමමලඤ්‌ච තිලොකනාථං
සම්‌පස්‌සිතුං විචිනථා’පි ච ධම්‌මතං භො;

පින්වත්නි මේ ලෝකයෙහි යම් මිනිසෙක් තෙමේ බුදුරදුන්ගේ ධර්මකායය හෙවත් සුවාසූ දහසක් ධර්මස්කන්ධය දැන ඊට අනුව ජීවත් වේද, හේ ඒකාන්තයෙන් බුදුන් දකීය‘යි ඒ බුදුරජාණන් වහන්සේ වදාළහ.එබැවින් බුදුන් දහම් සඟ යන තුන් රුවන බැලීමට ශීලාදීධර්මස්වභාවය රැස්කරවු.

(94).
සල්‌ලංව භො සුනිසිතං හදයෙ නිමුග්‌ගං
දොසත්‌තයං විවිධපාපමලෙන ලිත්‌තං,
නානාවිධබ්‍යසනභාජනමප්‌පසන්‌නං
පඤ්‌ඤාමයෙන බලිසෙන නිරාකරොථ;

පින්වත්නි, ඉතා තියුණු පපුවෙහි ඇණුනු උලක් බඳු, නොයෙක් පාප නමැති අසුචියෙන් ආලේප කරන ලද්දා වූ නන්වැදෑරුම් විපත් වලට භාජනය වූ ද කිලුටු වූ ද රාග දෝස මෝහ යන තුන් දොස නමැති උල නුවණ නමැති සැත් කටුවෙන් ඉවත් කරවු.

(95).
නාකම්‌පයන්‌ති සකලාපි ච ලොකධම්‌මා
චිත්‌තං සදාපගතපාපකිලෙසසල්‌ලං,
රූපාදයො ච විවිධා විසයා සමග්‌ගා
ඵුට්‌ඨංව මෙරුසිඛරං මහතානිලෙන;

මහත් සුළඟකින් මෙර මුදුන කම්පා කරන්නට යම් සේ බැරි වේ ද, එසේ ම සියලු අටලෝ දහම්හුද නන්වැදෑරුම් රූප ශබ්ද ආදී සියලු පංචකාම වස්තූහුද හැමකල්හි ඉවත් කරන ලද කෙලෙස් නමැති උල් ඇති රහතන් වහන්සේගේ සිත කම්පා නොකෙරෙත්.

(96).
සංසාරදුක්‌ඛමගණෙය්‍ය යථා මුනින්‌දො
ගම්‌භිරපාරමිත සාගරමුත්‌තරිත්‌වා,
ඤෙය්‍යං අබොධි නිපුණං හතමොහජාලො
තස්‌මා සදා පරහිතං පරමං චිණාථ;

බුදුරජාණන් වහන්සේ සසර දුක් ගණනකට නොගෙන ගැඹුරු පාරමිතා නමැති සාගරයෙන් එතෙර ව නසන ලද මෝහ දැල් ඇත්තේ සියුම් වූ ඥේය මණ්ඩල අවබෝධ කළ සේක් ද හැමකල්හි උතුම් පරහිත කිරීමේ කුශලයම රැස් කරවු.

(97).
ඔහාය සො’ධිගතමොක්‌ඛසුඛං පරෙසං
අත්‌ථාය සංචරි භවෙසු මහබ්‌භයෙසු,
එවං සදා පරහිතං පුරතො කරිත්‌වා
ධම්‌මො මයානුචරිතො ජගදත්‌ථමෙව;

ඒ සර්වඥ තෙම නිවන් සුව හැර මහ බිය උපදවන භවයන්හි ඉපදී යම් පරාර්ථ චර්යාවක් කළේ ද මෙසේ මා විසින් හැමකල්හිම පරාර්ථයම පෙරදැරි කොටලෝකයාට හිතවැඩ පිණිස ධර්මයෙහි ම හැසිරෙන ලදී.

(98).
ලද්‌ධාන දුල්‌ලභතරඤ්‌ච මනුස්‌සයොනිං
සබ්‌බං පපඤ්‌චරහිතං ඛණසම්‌පදඤ්‌ච,
ඤත්‌වාන ආසවනුදෙකහිතඤ්‌ච ධම්‌මං
කො පඤ්‌ඤවා අනවරං න භජෙය්‍ය ධම්‌මං?

ඤාණවන්ත වූ කවරෙක් නම් ඉතා දුක සේ ලැබිය යුතු වූ මිනිසත් බව හා ප්‍රමාදභාවයෙන් තොර ක්ෂණ සම්පත්තිය ද ලැබ, කෙලෙසුන් නැසීමේ එකම හිතවතා වූ ධර්මය ද දැනගෙන ධර්මයෙහි නොහැසිරෙන්නේ ද?

(99).
ලද්‌ධාන බුද්‌ධසමයං අතිදුල්‌ලභංච
සද්‌ධම්‌ම මග්‌ගමසමං සිවදං තථෙව,
කල්‍යාණමිත්‌තපවරෙ මතිසම්‌පදඤ්‌ච
කො බුද්‌ධිමා අනවරං න භජෙය්‍ය ධම්‌මං?

බතා දුලබ බුදු සමය අසම වූ නිවන් ගෙන දෙන ශ්‍රේෂ්ඨ ශ්‍රී සද්ධර්මය, එසේ මැ කළණ මිතුරන් හා නුවණ ද ලැබගෙන කිනම් පැණවතෙක් නිති දහම්හි නොහැසිරේ ද? 

(100).
එවම්‌පි දුල්‌ලභතරං විභවෙ සුලද්‌ධා
මච්‌ඡෙරදොස විරතා උභයත්‌ථකාමා,
සද්‌ධාදිධම්‌මසහිතා සතතප්‌පමත්‌තා
භො! භො! කරොථ අමතාධිගමාය පුඤ්‌ඤං;

මෙබඳු දුර්ලභතර බුදුසමය ක්ෂණ සම්පත් ආදී සැප ලැබගෙන මසුරු දොස් රහිත වූ ඓහික පාරත්‍රික වැඩ කැමති ශ්‍රද්ධාදී සප්තාර්යධනයෙන් යුක්ත පින්වත්නි, නිවන් ලැබගනු පිණිස පින් කරවු.

සාධු …සාධු..සාධු ..

(97).
ඔහාය සො’ධිගතමොක්‌ඛසුඛං පරෙසං
අත්‌ථාය සංචරි භවෙසු මහබ්‌භයෙසු,
එවං සදා පරහිතං පුරතො කරිත්‌වා
ධම්‌මො මයානුචරිතො ජගදත්‌ථමෙව;

ඒ සර්වඥ තෙම නිවන් සුව හැර මහ බිය උපදවන භවයන්හි ඉපදී යම් පරාර්ථ චර්යාවක් කළේ ද මෙසේ මා විසින් හැමකල්හිම පරාර්ථයම පෙරදැරි කොටලෝකයාට හිතවැඩ පිණිස ධර්මයෙහි ම හැසිරෙන ලදී.

(98).
ලද්‌ධාන දුල්‌ලභතරඤ්‌ච මනුස්‌සයොනිං
සබ්‌බං පපඤ්‌චරහිතං ඛණසම්‌පදඤ්‌ච,
ඤත්‌වාන ආසවනුදෙකහිතඤ්‌ච ධම්‌මං
කො පඤ්‌ඤවා අනවරං න භජෙය්‍ය ධම්‌මං?

ඤාණවන්ත වූ කවරෙක් නම් ඉතා දුක සේ ලැබිය යුතු වූ මිනිසත් බව හා ප්‍රමාදභාවයෙන් තොර ක්ෂණ සම්පත්තිය ද ලැබ, කෙලෙසුන් නැසීමේ එකම හිතවතා වූ ධර්මය ද දැනගෙන ධර්මයෙහි නොහැසිරෙන්නේ ද?

(99).
ලද්‌ධාන බුද්‌ධසමයං අතිදුල්‌ලභංච
සද්‌ධම්‌ම මග්‌ගමසමං සිවදං තථෙව,
කල්‍යාණමිත්‌තපවරෙ මතිසම්‌පදඤ්‌ච
කො බුද්‌ධිමා අනවරං න භජෙය්‍ය ධම්‌මං?

බතා දුලබ බුදු සමය අසම වූ නිවන් ගෙන දෙන ශ්‍රේෂ්ඨ ශ්‍රී සද්ධර්මය, එසේ මැ කළණ මිතුරන් හා නුවණ ද ලැබගෙන කිනම් පැණවතෙක් නිති දහම්හි නොහැසිරේ ද? 

(100).
එවම්‌පි දුල්‌ලභතරං විභවෙ සුලද්‌ධා
මච්‌ඡෙරදොස විරතා උභයත්‌ථකාමා,
සද්‌ධාදිධම්‌මසහිතා සතතප්‌පමත්‌තා
භො! භො! කරොථ අමතාධිගමාය පුඤ්‌ඤං;

මෙබඳු දුර්ලභතර බුදුසමය ක්ෂණ සම්පත් ආදී සැප ලැබගෙන මසුරු දොස් රහිත වූ ඓහික පාරත්‍රික වැඩ කැමති ශ්‍රද්ධාදී සප්තාර්යධනයෙන් යුක්ත පින්වත්නි, නිවන් ලැබගනු පිණිස පින් කරවු.

සාධු …සාධු..සාධු ..

Sidebar