තෙරුවන් ගුණ මෙනෙහි කරමු

බුද්ධ ධම්මාච පච්චේක
බුද්ධ සංඝාච සාවකා
දා සොවා හස්සමේ මෙනෙසං
ගුණංඨා තිසරේ සදා
උතුම් වු බුදුපියාණන් වහන්සේත් බුදුපියාණන් වහන්සේ විසින් දේශනා කරනු ලැබුවා වු ශ්‍රි සද්ධර්මයත් ඒ උතුම් වු ශ්‍රි සද්ධර්මය දිවිහිමියෙන් අනුගමනය කළා වු උතුම් වු බුද්ධ ශ්‍රාවකයන් වහන්සේලාත් මම ගරුකොට සළකන්නෙමි. ඒ උතුම් වු ධර්ම ගමන් මාර්ගයෙහි ගමන් කිරීමට මගෙ සිතට ශක්තිය ලැබේවා.

තිසරණ තිලක්ඛණුපෙක්ඛං
නිබ්බාණ මන්තිමං සුඛං
සුවන්දෙ සිරසා සීතිච්චං
ලාභාමි තිවිධා මහං
උතුම් වු තිසරණය සරණ යමින් අනිත්‍ය, දුක්ඛ, අනාත්ම නම් වු ත්‍රිලක්ෂණය අවබෝධ කර ගනිමින් උතුම් වු නිර්වාණය සාක්ෂාත් කර ගැනීමට හේතු වාසනා ලැබේවා.


තිසරණංච සිරෙ ධාතු
සිරෙධාතු තිලක්ඛණං
උපෙක්ඛාච සිරෙධාතු
නිබ්බානං ධාතු මේ සිරේ
උතුම් වු තිසරණය සරණ යාම තුළින් ත්‍රිලක්ෂණය අවබෝධ කර ගැනීමට පසක් කර ගැනීමට ශක්තිය ලැබේවා. එසේම මගෙ ⁣චෛතසිතයෙහි උපේක්ෂා ගුණය වැඩි දියුණු කර ගැනීමට හේතු වාසනාව ලැබේවා. චිත්ත ශක්තිය දියුණු වේවා.


බුද්ධෙ සකුරුණේ වන්දේ
ධම්මේ පච්චේක සම්බුද්ධේ
සංඝේච සිරසා යෙච
නිසා නිච්ච නමාමහං
මහාකාරුණික වු තථාගත සම්මා සම්බුදුවරයාණන් වහන්සේලා විසින් දේශනා කරනු ලැබුවා වු ශ්‍රි සද්ධර්මය සරණ යන්නෙමි. පසේ බුදුවරයාණන් වහන්සේලා මෙන්ම බුද්ධ ශ්‍රාවකයාණන් වහන්සේලාද නමස්කාර කරමි.


නමාමි ස්ත්ථු නෝවාදප්පමාද වචනන්නිමං
සබ්බේපි චේතියේ වන්දේ
උපජ්ඣා චරියේ මමං
මස්හං පනාම තෙජේන
චිත්තං පාපේ මුත්තමං
අමාමෑණි බුදුපියාණන් වහන්සේ විසින් දේශනා කරනු ලැබුවා වු බුදු වදන ද සර්වඥයාණන් වහන්සේලා වැඩම සිටින්නා වු සියලු චෛත්‍යයන්ද ධර්ම ගමන් මාර්ගයේ මා යොමු කරවීමට මාර්ගය පෙන්වන්නා වු මාගේ ගුරු ආචාර්යවරුන් ද නමස්කාර කරමි. මේ සියලු ශක්තින්ගේ බලයෙන් පාප සිතුවිලි වලින් වැළකි සිටීමට ශක්තිය ලැබේවා.

(විපස්සනා භාවනා අසපුව facebook (@Dhammabo) පිටුවෙන් උපුටා ගන්නා ලදී.)

Sidebar