සිල් රැකීමේ අනුසස්
[ත්‍රිපිටක මුලාශ්‍ර සදහන් කළයුතුව ඇත.]
- සිල්වතා පූජා සත්කාරයන්ට භාජනය වේ.
- නිවන කරා කිසිදු බාධාවකින් තොරව ගමන් කිරීමට උපකාරි වේ.
- සබ්‍රහ්මචාරීන්ට ප්‍රියමනාප වේ.
- ශීලය තුළ පිහිටීමෙන් ලෞකික ලෝකොත්තර සම්පත් ලැබේ.
- මිනිස් ලොව ඇති සැපයන් ද දෙව් ලොව ඇති සැපයන් ද ලැබේ.
ශීලය නම් සියලු පුද්ගලයන්ගේ එකම ආරක්ෂකයා වන්නේ ය. ශීලය සමාදන් වනවා යනු අප අපටම පොරොන්දුවක් සපයා ගැනීමකි. ශීලය තුළ පිහිටීම මඟින් සිදු වන්නේ තමනුත් අන් අයගෙත් ආරක්ෂාව තමන් විසින් ම සපයා ගැනීමකි.
ශීලය සුලු කොට නොසිතන්න. අප්‍රමාදීව තම ශීලය දිවි හිමියෙන් සුරක්ෂිතව ආරක්ෂා කරන්න.
(විපස්සනා භාවනා අසපුව facebook (@Dhammabo) පිටුවෙන් උපුටා ගන්නා ලදී. )