සම්මා සම්බුදුවරුන් හට ඇති සාධාරණ හා අසාධාරන ධර්මතා
බුදුවරු කරුණු අටකින් අසමාන වෙති
සම්මා සම්බුදුරජාණන් වහන්සේලා කරුණු අටකින් අසමාන වෙති. ආයුෂය, ශරීරප්‍රමාණය, කුලය, ප්‍රධන්වීර්යය කරන කාලපරිච්ඡේදය, බුද්ධ රශ්මිය, අභිනිෂ්ක්‍රමණය කරන යානය, බෝධි වෘක්ෂය සහ පර්යංක ප්‍රමාණය යන කරුණු අටෙන් බුදුවරු අසමාන වෙති.
බුදුවරු කරුණු සතරකින් සමාන වෙති.
බුදුවරු පිළිබඳ කරුණු සතරක් නො වෙනස් ව පවතී.
01. සියලු බුදුවරුන් ගේ බෝධි පර්යංකය එක ම තැන වෙයි.
02. දම්සක් පැවැත්ම ඉසිපතන මිගදායේ සිදු වේ.
03. දෙවාරෝහනය සංකස්ස නගරද්වාරයෙ හි ද.
04. ගන්ධකුටිය ජේතවනයෙ හි ද .
මේ කරුණු සතරින් බුදුවරු සමාන වෙති. මේ කරුණු සතරින් බුදුවරු සමාන වෙති.
බුදුවරුන් ට සාධාරණ ධර්මතා සමතිසකි
01. පශ්චිමභවික බෝධිසත්වයන් සිහිනුවණින් යුතු ව මවුකුසින් බිහි වීම.
02. මවුකුස පලක් බැඳ බලාසිටීම.
03. බෝසත් මවු සිටිපියෙ හි සිට බෝසතුන් බිහි කිරීම.
04. අරණෙ හි දී මවුකුසින් බිහි වීම.
05. උපන් කෙනෙහි උතුරු දිග ට සත් පියවරක් ගොස් සීහනාද කිරීම.
06. සතරපෙරනිමිති දැක පුත් කුමරු උපන් දා මහාභිනිෂ්ක්‍රමණය කිරීම.
07. පැවිදි ව සත්දිනක් හෝ ප්‍රධන් වීර්යය කිරීම.
08. බුදුවන දවස කිරිපිඬු වැළඳීම.
09. තණ ඇතිරියෙ හි වැඩසිට සර්වඥතාඥානය ලැබීම.
10. බුද්ධත්වය සඳහා ආනාපානසති කමටහන් වැඩීම.
11. මාර පරාජය සිදු කිරීම.
12. බෝධිපර්යංකයෙ හි ම ත්‍රිවිද්‍යාව ලැබීම.
13. සත්සතිය ගතකිරීම.
14. මහාබ්‍රහ්මයා ගේ අයැදීමෙන් දහම් දෙසීම.
15. ඉසිපතන මිගදායෙ හි ම දම්සක් පැවැත්වීම.
16. ප්‍රථම ප්‍රාතිමෝක්ෂ දේශනාව නවම් පුරපසළොස්වක් පොහෝ දිනයේ දී පැවැත්වීම.
17. දෙව්රම් වෙහෙර තැන් හි ම නිබද්ධවාසය.
18. සැවැත්පුරදොර යමාමහ පෙළහර දැක්වීම.
19. තව්තිසාවේ අභිධර්ම දේශනාව.
20. සංකස්සපුර ද්වාරයෙන් දෙව්ලොවින් බැසීම.
21. නිරතුරු ඵලසමාපත්තිය ට සමවැදීම.
22. ධ්‍යාන දෙක් හි වෛනෙයජනයා බැලීම.
23. කරුණක් නැඟීකල් හි ම ශික්ෂා පැනවිම.
24. අර්ථොත්පත්ති නිමිති කොට ජාතක දේශනාව.
25. ඥාතිසමාගමයෙ හි බුද්ධ වංශ දේශනාව.
26. ආගන්තුක භික්ෂුන් සමග පිළිසඳර කිරීම.
27. ආරාධනයෙන් වස් එළඹ දායකයන් ට නො දන්වා නො යාම.
28. දිනපතා පංචබුද්ධකෘත්‍යය නො කඩ කොට සිදු කිරීම.
29. පරිනිර්වාණය ට පෙර සූකර මද්දවය වැළඳීම.
30. සූවිසි කෙළසුවහස් සමවත් සමවැදී පිරිනිවීම.”