සත්වයින් උපදිනා ආකාර
අණ්ඩජ :
බිජුවට බිදගෙන උපදින බොහෝ පක්ෂීන්, බොහෝ මත්ස්‍යයින්, බොහෝ උරගයින් වැනි සත්ත්වයන්.
මව්කුසයක විශේෂ පටලයක් (බිත්තරයක්) තුල කුඩා කලලයක් ලෙස උපත ලබයි. ක්‍රමයෙන් වැඩෙයි. මහළු වෙයි. ශරීරයද වෙනස්කම් වලට භාජනය වෙයි. මෙය අණ්ඩජයෝනිය නමින් හදුන්වයි.
ජලාබුජ :
මව් කුසක් ඇසුරු කරගෙන උපදින මනුෂ්‍යයන්, සිව්පා වැනි සත්ත්වයන්.
මව් කුසයක ජලාශයක් වැනි ස්ථානයක කුඩා කලලයක් ලෙස උපත ලබයි. ක්‍රමයෙන් වැඩෙයි. මහළු වෙයි. ශරීරයද වෙනස්වීම්වලට භාජනය වෙයි.
වස්තුකෝෂයක් බිදගෙන උපදින හෙයින් ජලාබුජයෝනිය නමින් හදුන්වයි.
සංසේදජ :
කුණුවූ මස්, මාළු ආදී දුගද හමන තැන්වල බෝවෙන පණුවන් වැනි බොහෝ ක්ෂුද්‍ර ජීවීන්.
මව්පියන්ගෙන් තොරව ගල්වල ජලාශතුල වැනි අජීවී දේවල්වල හා සත්ත්වයින්ගේ ශරීරතුල හටගනී. ක්‍රමයෙන් වැඩෙයි. මහළු වෙයි. ශරීරයද වෙනස්කම් වලට භාජනය වෙයි. මෙය සංසේදජයෝනිය නමින් හදුන්වයි.
ඕපපාතික :
දෙවියන්, බ්‍රහ්මයන්, නිරි සතුන්, ප්‍රේතයින් අමනුෂ්‍යයන් වැනි එක්වරම පහළවන සත්වයන්.
එක්වරම සම්පූර්ණ ශරීරයක් ඇතිව මව්පියන්ගෙන් තොරව උපත ලබයි. බාල මහළු කාලයක් නැත. මරණය දක්වාම උපන් ආකාරයෙන්ම ශරීරය පිහිටයි. මෙය ඕපපාතික යෝනියයි.
