අරහත්වයේ ප්‍රභේද
ශුෂ්ක විදර්ශක රහතන් වහන්සේලාගේ සිට අග්‍රශ්‍රාවකයන් වහන්සේලා දක්වා මනා විවරණයක්.
රහතන් වහන්සේලාගේ මට්ටම් ගණනාවක් තිබේ.
ශුෂ්ක විදර්ශක රහතන් වහන්සේ
ධ්‍යාන මට්ටම් එකකටවත් සම වැදීය නොහැකි. නමුත් ප්‍රථම ධ්‍යානයට සමවැදිය හැකි පුත්ගලයෙක් ප්‍රථම ධ්‍යානයට සම වැදී ඉන් නැගිට විදර්ශනාව වඩන විට තිබෙන්නා වූ සමාධි මට්ටමට සමාන සමාධි මට්ටමක් ශුෂ්ක විදර්ශකයාට තිබේ. එසේ ශුෂ්ක විදර්ශකයා සෝවාන්, සකදාගාමී, අනාගාමි, අරහත්ව මාර්ගපල යන සියල්ල සාක්ෂාත් කල විට එම රහතන් වහන්සේ ශුෂ්ක විදර්ශක රහතන් වහන්සේ ලෙස හදුන්වනු ලබයි.
ශුෂ්ක විදර්ශක රහතන් වහන්සේට ඉහලින් ධ්‍යාන මට්ටම් කිහිපයකට (ධ්‍යාන මට්ටම් 8 දක්වා) සම වැදිය හැකි රහතන් වහන්සේලා වැඩ සිටිනවා.
අෂ්ඨ සමාපත්තිලාභී රහතන්වහන්සේලා
ධ්‍යාන මට්ටම් 8ටම සම වැදිය හැකි (අෂ්ඨ සමාපත්තීන් වලට සම වැදිය හැකි) රහතන් වහන්සේලා වෙති.
ත්‍රිවිද්‍යාප්‍රාප්ත රහතන් වහන්සේලා
ඊට ඉහලින් ත්‍රිවිද්‍යා ඤාණ (පුබ්බේ නිවාසානුස්සති ඤාණය, චුතුපපාත ඤාණය, ආසවක්ඛය ඤාණය) උපදවාගත් රහතන් වහන්සේ ත්‍රිවිද්‍යාප්‍රාප්ත රහතන් වහන්සේලා ලෙස හදුන්වනු ලබනවා.
අභිඥාප්‍රාප්ත රහතන් වහන්සේලා
මේ මට්ටමත් ඉහලින් අෂ්ඨ සමාපත්තීන් වලට සම වැදිය හැකි සහ විශේෂ බල / අභිඥා (දිව්‍යචක්කු, දිව්‍යශෝත, සෘද්ධිවිධ, පරචිත්තවිජානන, මනෝමය සෘද්ධි, ?) සහිත රහතන් වහන්සේලා වැඩ සිටියි.
අභිඥා 6ම ඇති රහතන් වහන්සේලා ෂඩභිඥා සහිත රහතන් වහන්සේලා ලෙස හදුන්වයි. මේ මට්ටම ඉක්මවන තුරු මහා රහතන් වහන්සේ ලෙස නොහදුන්වයි.
මහා රහතන් වහන්සේලා
- චතුපටිසම්භිදාප්‍රාප්ත රහතන්වහන්සේලා
ෂඩභිඥා රහතන් වහන්සේලාට ඉහලින් සිව්පිලිසිඹියාප්‍රාප්ත (චතු පටිසම්භිදාප්‍රාප්ත) මහා රහතන් වහන්සේලා වැඩ සිටියි.
චතු පටිසම්භිදා :
– අර්ථ (අට්ඨ කතාව)
– ධර්ම (ත්රිපිටකය)
– නිරුක්ති (විව්යාහාරික භාෂා 100ක් පමණ ව්යාකරණ දැනුම)
– පටිභාන – ක්ෂණික වැටහෙන ඤාණය (නිරුක්ති, අර්ථ, ධර්ම ගැලපා ඕනෑම විව්යාහාරික භාෂාවකින් නිවැරදිව ධර්ම දේශනා කිරීමේ හැකියාව)
උදා: මිහිදු මහා රහතන් වහන්සේ
- අසු මහා ශ්‍රාවකයන් වහන්සේලා
මහා රහතන් වහන්සේලාට ඉහලින් අසු මහා ශ්‍රාවකයන් වහන්සේලා වැඩ සිටියි.
- සතර මහා ථෙරවරු
අසුමහා ශ්‍රාවකයන් වහන්සේලාට ඉහලින් සතර මහා ථෙරවරු වැඩ සිටියි.
– මහා කාශ්‍යප මහා රහතන් වහන්සේ
– මහා අනුරුද්ධ මහා රහතන් වහන්සේ
– මහා කච්චායන මහා රහතන් වහන්සේ
– මහා කොට්ටිත මහා රහතන් වහන්සේ
- අග්‍රශාවකයන් වහන්සේලා
සතර මහා ථෙරවරුන්ට ඉහලින් අග්‍රශාවකයන් වහන්සේලා වැඩ සිටියි.
– මහා මොග්ගල්ලාන මහා රහතන් වහන්සේ
– මහා සාරිපුත්ත මහා රහතන් වහන්සේ (මහා මොග්ගල්ලාන මහා රහතන් වහන්සේට ඉහලින් ධර්ම සේනාධිපති ලෙස වැඩ සිටියි)
අරහත්වය අනුව අග්‍රශාවකයන් වහන්සේලාට ඉහලින් වැඩ සිටින්නේ පසේ බුදු රජාණන් වහන්සේලායි.
මිටත් ඉහලින් භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජානන්වහන්සේ වැඩ සිටියි.
~කල්‍යාණ මිත්‍ර සමින්ද රණසිංහ මහතා විසින් බ්‍රහ්මායු සූත්‍රය ඇසුරෙන් සිදුකල ධර්ම සාකච්චාවකින් උපුටා ගන්නා ලදී