තෙරුවන් සරණයි
ස්වාමින් වහන්ස / කල්‍යාණ මිත්‍රයණි,
ශ්‍රී සද්ධර්මයට හා ඉතිහාසයට විකුර්ති අර්ථකතනයන් දෙන වෙබ් අඩවි Google Search හි මුල් ප්‍රතිපල අතරට පැමිණීම අවම කිරීමේ අරමුණින් නිවැරදි ධර්ම කරුණු අන්තර්ජාල ගත කිරීමේ උතුම් අරමුණ ඇතිව අප විසින් ආරම්භ කරන ලද වෙබ් අඩවියකට ඔබවහන්සේ / ඔබතුමන් නියාමනය කරන ෆේස්බුක් සමුහවල පල වන හරවත් ලිපි එකතු කිරීමට කැමැත්තෙන් සිටින්නෙමු.
අප සෑම විටම කතෘ අයිතිය සුරකින අතර ඔබවහන්සේගේ / ඔබතුමන්ගේ ඉල්ලීම මත කතෘ ලෙස පල කල පුත්ගලයාගේ නම හෝ, ෆේස්බුක් සමුහයේ නම හෝ කතෘ සදහන් නොකරන ලෙස ඉල්ලීමක් කරන්නේ නම් එලෙසද, එම ලිපි අපගේ වෙබ් අඩවියට එකතු කරනු කැමැත්තෙමු.
එම ලිපි වල අඩංගු කරුණු Search Engine Optimization සදහා යොදා ගැනීමට අපේක්ෂිතයි. එවිට නොබෝ කාලයකින් සිංහල අරුත විකුර්ති කල ධර්ම කරුණුත්, අපේ අඛණ්ඩ ලිඛිත ඉතිහාසය උවමනාවෙන් වෙනස් කරමින් ගෙනයන සාවද්‍ය දුර්මතත් අන්තර්ජාල සෙවීම් යන්ත්‍ර වල මුල් ස්ථාන වලින් ඉවත් කිරීමට අපට හැකිවේවි. එය අපගේ ජාතියේත් ආගමේත් ඉදිරි පැවැත්මට බොහෝ උපකාරී වේවි.
වෙබ් අඩවිය : www.pirivena.org
ඊ මේල් : theravadapublicbuddhistlibrary@gmail.com
තෙරුවන් සරණයි ෴