පුස්තකාළය

අරහත්වයේ ප්‍රභේද

ශුෂ්ක විදර්ශක රහතන් වහන්සේලාගේ සිට අග්‍රශ්‍රාවකයන් වහන්සේලා දක්වා මනා විවරණයක්. රහතන් වහන්සේලාගේ මට්ටම් ගණනාවක් තිබේ. ශුෂ්ක විදර්ශක රහතන් වහන්සේ ධ්‍යාන මට්ටම් එකකටවත් සම වැදීය නොහැකි. නමුත් ප්‍රථම ධ්‍යානයට සමවැදිය හැකි පුත්ගලයෙක් ප්‍රථම ධ්‍යානයට සම වැදී ඉන් නැගිට විදර්ශනාව වඩන විට තිබෙන්නා වූ සමාධි මට්ටමට සමාන සමාධි මට්ටමක් ශුෂ්ක විදර්ශකයාට තිබේ. එසේ ශුෂ්ක විදර්ශකයා සෝවාන්, සකදාගාමී,… read more »

දරු නැළවිල්ල හෙවත් ජාතික තොටිල්ල

මුනි සිරිපා සිඹිමින්නේසමනොළ ගිරි පෙදෙසින්නේමඳ සුළඟයි මේ එන්නේමගේ පුතා නිඳියන්නේ නිදහස මහ මුහුදක් වේඑහි උල්පත පුත! නුඹ වේඒ බව සිහිකොට මෙලොවේයුතුකම ඉටු කළ යුතු වේ විජය තුමා තම්මැන්නේපිරිවර සෙන් සමගින්නේසිටි සැටි දැන් සිහි වෙන්නේමගේ පුතා නැළවෙන්නේ දෙන දිවි මුත් රට වෙනුවෙන්ජාතික දරුවන් ලැබුවෙන්මිදී නොයෙක් සතුරු මුවෙන්ලක් මව් විසුවා ය සුවෙන් තවුසෙකු සේ ඇඳ පැළඳාපඬුවස්දෙව් මහ… read more »

අභිධර්ම මාර්ගය – රේරුකානේ චන්ද්‍රවිමල ස්වාමීන්වහන්සේ

මහාචාර්ය රේරුකානේ චන්දවිමල (සාහිත්‍ය චක්‍රවර්තී, පණ්ඩිත, ප්‍රවචන විශාරද, අමරපුර මහා මහෝපාධ්‍යාය ශාසන ශෝභන, ශ්‍රී සද්ධර්ම ශිරෝමණි) මහානායක ස්වාමිපාදයන්වහන්සේ විසින් සම්පාදිතයි.  ප්‍රකාශක : ශ්‍රී චන්දවිමල ධර්ම පුස්ථක සංරක්ෂණ මණ්ඩලය ශ්‍රී විනයාලංකාරාමය පොකුණුවිට 12404. ශ්‍රී ලංකාව දු.ක: (+94) 034 2263 958 ISBN : 0955-8663-03-4  

බෞද්ධයාගේ අත්පොත – රේරුකානේ චන්ද්‍රවිමල ස්වාමීන්වහන්සේ

මෙ කල වෙසෙන බෞද්ධයින්ගෙන් බොහෝ දෙනෙක් ම සැහෙන පමණට ආගම ධර්මය නො දන්නෝය. ඒ බැවින් ඇතැම් බෞද්ධයෝ පින් කෙත් වූ රත්නත්‍රය ඇසුරු කිරීමෙන් ද නොයෙක් විට පව් සිදුකර ගනිති. ලෙහෙසියෙන් කළහැකි ව තිබෙන ඇතැම් උසස් පින්කම් ලඝුකොට සිතා නොකර හරිති. සමහර විට පිනය යන හැඟීමෙන් පව් කරති. ඇතැම් බරපතල පව් කම්න්ද ලඝු කොට සිතා කරති…. read more »

Sidebar