ලිපි

අරහත්වයේ ප්‍රභේද

ශුෂ්ක විදර්ශක රහතන් වහන්සේලාගේ සිට අග්‍රශ්‍රාවකයන් වහන්සේලා දක්වා මනා විවරණයක්. රහතන් වහන්සේලාගේ මට්ටම් ගණනාවක් තිබේ. ශුෂ්ක විදර්ශක රහතන් වහන්සේ ධ්‍යාන මට්ටම් එකකටවත් සම වැදීය නොහැකි. නමුත් ප්‍රථම ධ්‍යානයට සමවැදිය හැකි පුත්ගලයෙක් ප්‍රථම ධ්‍යානයට සම වැදී ඉන් නැගිට විදර්ශනාව වඩන විට තිබෙන්නා වූ සමාධි මට්ටමට සමාන සමාධි මට්ටමක් ශුෂ්ක විදර්ශකයාට තිබේ. එසේ ශුෂ්ක විදර්ශකයා සෝවාන්, සකදාගාමී,… read more »

සම්මා සම්බුදුවරුන් හට ඇති සාධාරණ හා අසාධාරන ධර්මතා

බුදුවරු කරුණු අටකින් අසමාන වෙති සම්මා සම්බුදුරජාණන් වහන්සේලා කරුණු අටකින් අසමාන වෙති. ආයුෂය, ශරීරප්‍රමාණය, කුලය, ප්‍රධන්වීර්යය කරන කාලපරිච්ඡේදය, බුද්ධ රශ්මිය, අභිනිෂ්ක්‍රමණය කරන යානය, බෝධි වෘක්ෂය සහ පර්යංක ප්‍රමාණය යන කරුණු අටෙන් බුදුවරු අසමාන වෙති. බුදුවරු කරුණු සතරකින් සමාන වෙති. බුදුවරු පිළිබඳ කරුණු සතරක් නො වෙනස් ව පවතී. 01. සියලු බුදුවරුන් ගේ බෝධි පර්යංකය එක ම… read more »

භික්ෂුවිභඞගය වේරඤ්ජ කාණ්ඩය : ලිපි අංක 02

එකල විසල්පුර ආසන්නයේ කලන්දගාම නම් ගමෙහි කලන්ද සිටුවරයාගේ පුත් වූ සුදින්න නම් සිටු පුතෙක් වෙයි. හෙතෙම යහළුවන් පිරිවරා පැමිණ යන මඟෙහි භාග්‍යවතුන් වහන්සේගෙන් බණ අසා පැවිදි වීමට තීරණය කලහ. කෙසේ වෙතත් තම සිටු කුලයෙන් අවසර නො ලැබුන හෙයින් ඒ වෙනුවෙන්ම නිරාහාරව සිට අවසානයේ තම දෙව්පියන්ගෙන් අවසර ගත්හ. පැවිද්දට අවසර ලැබීමෙන් පසු නොබෝ කලකින් භාග්‍යවතුන් වහන්සේ… read more »

භික්ෂුවිභඞගය වේරඤ්ජ කාණ්ඩය : ලිපි අංක 01

භාග්‍යවතුන් වහන්සේ විසින් වේරඤ්ජ බමුණා හට දහම් කථාවෙහි තෙද ගන්වා බල ගන්වා අවසානයට තමන් වහන්සේ විසින් ත්‍රිවිද්‍යාව අවබෝධ කල ආකාරය හා ආ‍ර්‍ය්‍යමාර්‍ගඥානයෙන් මෝහ අන්ධකාරය නසා ප්‍රඥාලෝකය පහළ කොට අප්‍රමාදීව කෙලෙස් තවන වීර්‍ය්‍යයෙන් යුක්ත වූ නිවන පිණිස මෙහෙයවන සිත් ඇතිව වාසය කරන ආකාරය දේශනා කරන ලදී. මේ දැහැමි කථාව අවසානයෙහි යටිකුරැ වු යමක් උඩුකුරැ කොට පෙන්වන්නේ… read more »

සියල්ලම හේතූන් හා ඵලයන්ය

එබැවින් එයට හේතු දත යුතු ය. වීර්‍ය්‍ය ඇතිවීමේ හේතු එකොළොස “එකාදස ධම්මා විරිය සම්බොජ්ඣංගස්ස උප්පාදාය සංවත්තන්ති, අපායභය පච්චචෙක්ඛණතා, ආනිසංස දස්සාවිතා, ගමනවිථි පච්චචෙක්ඛණතා, පිණ්ඩපාතාපචායනතා, දායජ්ජමහත්ත පච්ච-චෙක්ඛණතා සත්‍ථු මහත්ත පච්චචෙක්ඛණතා, ජාති මහත්ත පච්චචෙක්ඛණතා, සබ්‍රහ්මචාරිමහත්ත පච්චචෙක්ඛණතා, කුසීතපුග්ගල පරිවජ්ජනතා, ආරද්ධවිරිය පුග්ගල සෙවනතා, තදධි මුත්තතාති.” මෙයින් විරිය සම්බොජ්ඣංගයට හේතු එකොළොසක් දැක් වේ. විරිය සම්බොජ්ඣංගය යනු ද වීර්‍ය්‍යය ම ය. මෙය… read more »

සත්වයින් උපදිනා ආකාර

අණ්ඩජ : බිජුවට බිදගෙන උපදින බොහෝ පක්ෂීන්, බොහෝ මත්ස්‍යයින්, බොහෝ උරගයින් වැනි සත්ත්වයන්. මව්කුසයක විශේෂ පටලයක් (බිත්තරයක්) තුල කුඩා කලලයක් ‌ලෙස උපත ලබයි. ක්‍රමයෙන් වැඩෙයි. මහළු ‌වෙයි. ශරීරයද ‌වෙනස්කම් වලට භාජනය ‌වෙයි. මෙය අණ්ඩජයෝනිය නමින් හදුන්වයි. ජලාබුජ : මව් කුසක් ඇසුරු කරගෙන උපදින මනුෂ්‍යයන්, සිව්පා වැනි සත්ත්වයන්. මව් කුසයක ජලාශයක් වැනි ස්ථානයක කුඩා කලලයක් ‌ලෙස… read more »

තේලකටාහ ගාථා

ඔබ දැන් දැනගැනීමට සූදානම් වන මේ රමණීය.තේල කටාහ ගාථා 100. කුමන අන්දමේ දෙයක්දැයි කෙටියෙන් හෝ දැන ගැනීම ඉතා ප්‍රයෝජනවත් නිසා.ඒ පිළිබඳ ඉතා කෙටියෙන් කරන විස්තරයයි මේ – පෙර මේ ලංකාද්වීපයේ වාසය කල කැළණි තිස්ස නම් රජකෙනෙකු ගේ අගබිසව හා අනියම් සබඳතාවයක් ඇතිකර ගෙන සිටි එක් රජකුමරෙකු තම වරද රජු දැනගත් බවදැන පළා ගියේය. මේ කුමරා… read more »

ත්‍රිපිටක ඉතිහාසය

මහාවිහාර ධර්ම ශාස්‌ත්‍රීය සම්ප්‍රදාය අනුරාධපුර යුගය සිංහල සාහිත්‍යාවලිය ආරම්භ කිරීමේ දායකත්වය දැක්‌වූ මුඛ්‍යතම පාලන යුගය ලෙස සලකනු ලැබේ. එකල සහ ඊට පෙරද පශ්චාත් අනුරාධපුර යුගයට අයත් සෙල්ලිපි, සීගිරි කුරුටි ගී සහ දම්පියා අටුවා ගැටපද වැනි සන්න පොත් පත් ලිපි ලේඛනද අප සතු මහාර්ඝ දායාදයෝ වෙති. අනුරාධපුර යුගය සිංහල සාහිත්‍යයේ ස්‌වර්ණමය යුගය පමණක්‌ නොව පොදුවේ පාලි… read more »

බුදුගුණ අනන්තයි අප්‍රමාණයි

මා ඔබ සරණ ගිය ඒ භාග්‍යවත් බුදුරජානන්වහනසේ  1 ) සෝ භගවා ඉතිපි අකම්පිතෝ :- කිසිවකට ත් කම්පා නො වන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අකම්පිත’ වන සේක.  2 ) සෝ භගවා ඉතිපි අකංඛෝ :- සැකයෙන් තොර වූ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අකංඛ’ වන සේක.  3 ) සෝ භගවා ඉතිපි අකප්පියෝ :- තෘෂ්ණා සංකල්පනාවන් නො කරන හෙයින්… read more »

අරහං සම්මා සම්බුදු ගුනය.

෴.අරහතො.෴ ( 01 )අරහං සම්මා සම්බුදු ගුනය.නමෝ තස්ස භගවතෝ සම්මා සම්බුද්ධස්ස සෝ භගවා ඉතිපි අරහං. 🌺 ෴….🏵️….෴🌺 ෴.කෙලෙස් සතුරන නසා.මිඳීමට අපහසුම සංසාර චක්‍රයේ අර සිඳ දමා.හැම ලෝ වාසීන්ගේ අාමිෂ ප්‍රතිපත්ති පූජාවන්ට සුදුසු රහසිනිදු කිසිදු පවක් නැති සියලූම ඇලීම් හා ගැටීම් වලින් මිඳුනු අති පාරිසුද්ධ සන්තානයකින් යුතුහෙයින් එ් ගුණයෙන් සමන්වාගත හෙයින් ෴🏵️🌷📿 අරහං නම්වන සේක්මය📿🌷🏵️🙏🏵️🙌🏵️🙏 “ආරකත්තා හතත්තාච – කිලේසාරීන සෝ… read more »

Sidebar