March, 2020 | පිරිවෙණ

සම්මා සම්බුදුවරුන් හට ඇති සාධාරණ හා අසාධාරන ධර්මතා

බුදුවරු කරුණු අටකින් අසමාන වෙති සම්මා සම්බුදුරජාණන් වහන්සේලා කරුණු අටකින් අසමාන වෙති. ආයුෂය, ශරීරප්‍රමාණය, කුලය, ප්‍රධන්වීර්යය කරන කාලපරිච්ඡේදය, බුද්ධ රශ්මිය, අභිනිෂ්ක්‍රමණය කරන යානය, බෝධි වෘක්ෂය සහ පර්යංක ප්‍රමාණය යන කරුණු අටෙන් බුදුවරු අසමාන වෙති. බුදුවරු කරුණු සතරකින් සමාන වෙති. බුදුවරු පිළිබඳ කරුණු සතරක් නො වෙනස් ව පවතී. 01. සියලු බුදුවරුන් ගේ බෝධි පර්යංකය එක ම… read more »

භික්ෂුවිභඞගය වේරඤ්ජ කාණ්ඩය : ලිපි අංක 02

එකල විසල්පුර ආසන්නයේ කලන්දගාම නම් ගමෙහි කලන්ද සිටුවරයාගේ පුත් වූ සුදින්න නම් සිටු පුතෙක් වෙයි. හෙතෙම යහළුවන් පිරිවරා පැමිණ යන මඟෙහි භාග්‍යවතුන් වහන්සේගෙන් බණ අසා පැවිදි වීමට තීරණය කලහ. කෙසේ වෙතත් තම සිටු කුලයෙන් අවසර නො ලැබුන හෙයින් ඒ වෙනුවෙන්ම නිරාහාරව සිට අවසානයේ තම දෙව්පියන්ගෙන් අවසර ගත්හ. පැවිද්දට අවසර ලැබීමෙන් පසු නොබෝ කලකින් භාග්‍යවතුන් වහන්සේ… read more »

භික්ෂුවිභඞගය වේරඤ්ජ කාණ්ඩය : ලිපි අංක 01

භාග්‍යවතුන් වහන්සේ විසින් වේරඤ්ජ බමුණා හට දහම් කථාවෙහි තෙද ගන්වා බල ගන්වා අවසානයට තමන් වහන්සේ විසින් ත්‍රිවිද්‍යාව අවබෝධ කල ආකාරය හා ආ‍ර්‍ය්‍යමාර්‍ගඥානයෙන් මෝහ අන්ධකාරය නසා ප්‍රඥාලෝකය පහළ කොට අප්‍රමාදීව කෙලෙස් තවන වීර්‍ය්‍යයෙන් යුක්ත වූ නිවන පිණිස මෙහෙයවන සිත් ඇතිව වාසය කරන ආකාරය දේශනා කරන ලදී. මේ දැහැමි කථාව අවසානයෙහි යටිකුරැ වු යමක් උඩුකුරැ කොට පෙන්වන්නේ… read more »

Sidebar