July, 2018 | පිරිවෙණ - Part 2

ධර්ම රත්නය

සතර මාර්ගය, සතර ඵලය, නිර්වාණය යන නව ලෝකෝත්තර ධර්ම හා තථාගතයන් වහන්සේ විසින් පන්සාළිස් වසක් මුළුල්ලෙහි දෙව් මිනිසුන්ට දේශනය කළ ධර්ම සමූහය වූ පිටකත්‍ර‍ය ද යන මේ දස වැදෑරුම් ධර්මය ධර්‍මරත්න ය යි. එහි සතර මාර්ගය යනු සෝවාන් මාර්ගය, සකෘදාගාමී මාර්ගය, අනාගාමී මාර්ගය, අර්හත් මාර්ගය යන සතර ය. සතර ඵලය යනු සෝවාන් ඵලය, සකෘදාගාමී ඵලය, අනාගාමි ඵලය, අර්හත් ඵලය යන සතර ය. මේ ලෝකෝත්තර… read more »

බුද්ධ රත්නය

ඉතා දීර්ඝ කාලයක් මුළුල්ලෙහි රැස් කළ පින් බෙලෙන් සියලු පව් නසා සියල්ල දැන වදාළා වූ කපක් මුළුල්ලෙහි කීවද ඉවර නො වන ගුණ ඇත්තා වූ මහෝත්තමයන් වහන්සේ බුද්ධ නම් වන සේක. ලෝකයෙහි ඇත්තා වූ පදවි අතුරෙන් සියල්ලට ම උසස් පදවිය බුද්ධ පදවිය ය. එය ලැබීමට යටත් පිරිසෙයින් සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් මුළුල්ලෙහි ධන පරිත්‍යාග, පුත්‍ර‍ පරිත්‍යාග, භාර්‍ය්‍යා පරිත්‍යාග, අංග පරිත්‍යාග,… read more »

බෞද්ධයාගේ අත්පොත – රේරුකානේ චන්ද්‍රවිමල ස්වාමීන්වහන්සේ

මෙ කල වෙසෙන බෞද්ධයින්ගෙන් බොහෝ දෙනෙක් ම සැහෙන පමණට ආගම ධර්මය නො දන්නෝය. ඒ බැවින් ඇතැම් බෞද්ධයෝ පින් කෙත් වූ රත්නත්‍රය ඇසුරු කිරීමෙන් ද නොයෙක් විට පව් සිදුකර ගනිති. ලෙහෙසියෙන් කළහැකි ව තිබෙන ඇතැම් උසස් පින්කම් ලඝුකොට සිතා නොකර හරිති. සමහර විට පිනය යන හැඟීමෙන් පව් කරති. ඇතැම් බරපතල පව් කම්න්ද ලඝු කොට සිතා කරති…. read more »

පූර්ණ උපෝසථය සහ අර්ධ උපෝසථය

උපෝසථ සීලයන් සමාදන් වීමේදී පලමුව උතුම් වූ භාග්‍යවතුන් වහන්සේට තෙවරක් නමස්කාර කර තිසරණ සමාදන් වී තමා කැමති සීලය නිවැරදිව උච්චාරණය කර කියා සමාදන් විය යුතු ය. උපෝසථ සීලයක් සමාදන් ව පැය 24 ක කාලයක් සිටීමෙන් පූර්ණ උපෝසථයක් සපිරෙයි. පැය 24 ක කාලයක් සිටීමට වීර්ය ය මඳ පුද්ගලයා විසින් අවම වශයෙන් පැය 12 ක කාලයක් එම… read more »

උපෝසථ දසාංග සීලය

පාණාතිපාතා වෙරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වෙරමණී සික්ඛාපදං සමාදියාමි අබ‍්‍රහ්මචරියා වෙරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වෙරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමාදට්ඨානා වෙරමණී සික්ඛාපදං සමාදියාමි විකාල භෝජනා වෙරමණී සික්ඛාපදං සමාදියාමි නච්ච ගීත වාදිත විසූකදස්සනා වෙරමණී සික්ඛාපදං සමාදියාමි මාලා ගන්ධවිලේපන ධාරණ මණ්ඩන විභූසනට්ඨානා වෙරමණී සික්ඛාපදං සමාදියාමි උච්චාසයන මහාසයනා වෙරමණී සික්ඛාපදං සමාදියාමි ජාත රූප රජත පටිග්ගහණා වෙරමණී සික්ඛාපදං සමාදියාමි

උපෝසථ අෂ්ටාංග සීලය

පාණාතිපාතා වෙරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වෙරමණී සික්ඛාපදං සමාදියාමි අබ‍්‍රහ්මචරියා වෙරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වෙරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමාදට්ඨානා වෙරමණී සික්ඛාපදං සමාදියාමි විකාල භෝජනා වෙරමණී සික්ඛාපදං සමාදියාමි නච්ච ගීත වාදිත විසූකදස්සන මාලා ගන්ධවිලේපන ධාරණ මණ්ඩන විභූසනට්ඨානා වෙරමණී සික්ඛාපදං සමාදියාමි උච්චාසයන මහාසයනා වෙරමණී සික්ඛාපදං සමාදියාමි

ආදිබ‍්‍රහ්මචරියක පංච සීලය

පාණාතිපාතා වෙරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වෙරමණී සික්ඛාපදං සමාදියාමි අබ‍්‍රහ්මචරියා වෙරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වෙරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමාදට්ඨානා වෙරමණී සික්ඛාපදං සමාදියාමි   ප‍්‍රඥා සම්පන්න ධෛර්ය සම්පන්න ගිහියා විසින් කාමයෙහි හැසිරීම ගිනි අඟුරු වලක් සෙයින් දැක බ‍්‍රහ්මචාරී ව සිටිය යුතු බව ද එපමණ ශක්තිය නොමැත්තා විසින් අවම වශයෙන් අනුන් සතු ස්ත‍්‍රීන් කරා නොයා යුතු බව ද… read more »

පංච සීලය සමාදන් වීම

පාණාතිපාතා වෙරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වෙරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡුාචාරා වෙරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වෙරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමාදට්ඨානා වෙරමණී සික්ඛාපදං සමාදියාමි

තිසරණ සරණ යෑම

බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි   දුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි දුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි දුතියම්පි සංඝං සරණං ගච්ඡාමි   තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි

ගිහි සීලය

ගිහි සීලය යනුවෙන් හැදින්වෙන්නේ බෞද්ධ උපාසක උපාසිකාවන්ගේ සීලය යි. බෞද්ධ උපාසක උපාසිකාවන් අතර ගිහි සුදුවත් හඳිනා බ‍්‍රහ්මචාරී උපාසක උපාසිකාවන් ද ගිහි සුදුවත් හඳිනා කාමභෝගී උපාසක උපාසිකාවන් ද සිටි බව ත‍්‍රිපිටකයෙහි සඳහන් වේ ( දීඝනිකාය – මහා පරිනිර්වාණ සූත්‍රය (☸ බු.ච.ස.ත්‍රි.  | බු.ජ.ත්‍රි.) ). ගිහි සුදුවත් හඳිනා කාමභෝගී උපාසක උපාසිකාවන්ගේ නිත්‍ය සීලය තිසරණ සහිත පංචසීලය යි. ගිහි සුදුවත් හඳිනා… read more »

Sidebar