භික්ෂුවිභඞගය වේරඤ්ජ කාණ්ඩය : ලිපි අංක 01

භාග්‍යවතුන් වහන්සේ විසින් වේරඤ්ජ බමුණා හට දහම් කථාවෙහි තෙද ගන්වා බල ගන්වා අවසානයට තමන් වහන්සේ විසින් ත්‍රිවිද්‍යාව අවබෝධ කල ආකාරය හා ආර්‍ය්‍යමාර්‍ගඥානයෙන් මෝහ අන්ධකාරය නසා ප්‍රඥාලෝකය පහළ කොට අප්‍රමාදීව කෙලෙස් තවන වීර්‍ය්‍යයෙන් යුක්ත වූ නිවන පිණිස මෙහෙයවන සිත් ඇතිව වාසය කරන ආකාරය දේශනා කරන ලදී.
මේ දැහැමි කථාව අවසානයෙහි යටිකුරැ වු යමක් උඩුකුරැ කොට පෙන්වන්නේ ද, වැසූ යමක් විවෘත වුයේ ද, මං මුළා වූයෙක් මඟ කියන්නේ ද, ඇස් ඇත්තෙක් අඳුරෙහි පහන් දල්වා රාත්‍රීයේ යමක් දකින්නේ යම්සේ ද, ඒ පරිද්දෙන්ම වේරඤ්ජ බමුණා හට භවත් ගෞතමයාණන් වහන්සේ විසින් නන් අයුරින් දෙසූ දහමත් එසේ ම විය. හෙතෙම ත්‍රිවිධ රත්නය දිවිහිමියෙන් සරණ ගියා වූ උපාසකයෙකු විය.
හෙතෙම තථාගතයාණන් වහන්සේ ඇතුලු භික්ෂුසංඝයා සමඟ ඔහුට අනුග්‍රහය පිණිස වෙරඤ්ජා නුවර වස් විසීමට ආරාධනා කරන ලදි. භාග්‍යවතුන් වහන්සේ විසින් නිශ්ශබ්ද බවින් එය පිළිගත් සේක.
එකල වේරඤ්ජා නුවර මහා දුර්භික්ෂයකි. දුකසේ ශික්ෂාව පිරිය යුතුවේ. ජීවිතය හා මරණය අතර සටනකි. තැන තැන විසිරැනු මිනී ඇට වේ. පිඩු සිඟීමෙන් යැපෙන්නට පහසු නොවේ. එකල්හි උත්තර් ප්‍රදේශයෙන් පැමිණි අස්වෙළෙන්දෝ පන්සීයක් පමණ වේරඤ්ජාවට පැමිණෙමින් සිටි. භික්ෂූන් පෙරවරැ කලෙහි පිඩු පිණිස ගිය ද පිඩු නොලැබෙන හෙයින් අශ්වයන් කොටු කර ඇති තැන්හී පිඩු පිණිස ඇවිද යවහාල් පත බැගින් පිඩු ලැබීමෙන් අනතුරැව එය ගෙනවිත් වනේ කොටා වළදති. ආනන්ද තෙරැණ් යවහාල් පතක් ගලෙහි දමා කොටා අඹරා මී සකුරැ යොදා භාග්‍යවතුන් වහන්සේට පිළිගන්වන ලදි.
භාග්‍යවතුන් වහන්සේහට මොහොල් හඩෙහි කරැණ දන්නේ ද නමුත් විචාරයි. කල් දැන විචාරයි. කල් දැන නො විචාරයි. අර්ථ ඇති දෑ පමණක් විචාරයි. අනර්ථ විෂයෙහි ආපත්ති ස්කන්ධයාගේ නැසීම පිණිස විචාරයි. බුදුවරැ දහම් දෙසන්නෙමු. ශ්‍රාවකයින්ට ශික්ෂා පද පණවන්නෙමු යන දෙ කරැණෙහි ලා භික්ෂූන් අමතයි.
” ආනන්ද, මේ වනයෙහි මොහොල් ගැටෙන හඩ කිමෙක්ද ? ” ඉක්බිති ආනන්ද තෙරැණ් කරැණු සැල කරන ලදි. ” ආනන්ද, මැනවි, මැනවි. සත්පුරැෂයෝ වූ තොප විසින් දුර්භික්ෂය ද තෘෂ්ණාව ද ජය ගන්නා ලදි. ගිහියෝ මස් හා හැල්සාල් බතට පවා අවමන් කරයි. ” යැයි වදාළ සේක.
ඉන් අනතුරැව මහමුගලන් තෙරැණුවෝ පැමිණ වහන්ස මේ පොළොවෙහි යට පෙදෙස මිහිරි රසයෙන් සමෘද්ධ වෙයි. පිලවුන් නැති මීවදයක් යම් සේ ද එමෙන් රසවත් වෙයි. වහන්ස, භික්ෂූන් පෘථිවිරසය වළඳත්වා’ යි මම පොළොව පෙරළන්නේ නම් මැනැවි.
” මුගලන, මේ පොළොව ඇසුරැ කොට ඇති ප්‍රණීන්ට කුමක් වේ ද? ”
” වහන්ස, මා පොළොව හා සමාන එක් අත්ලක් මවා ප්‍රණීන් එයට මාරැ කරන්නම්. අනිත් අතින් පොළොව පෙරළන්නෙමි. ”
” මුගලන, එය නුසුදුසුය. එය දැකීමෙන් සත්වයා චිත්තවිපර්‍ය්‍යසායට ( ස්වභාවය වෙනස් වීමෙන් මනසේ ඇතිවන විපරීත බාවය ) පවා පැමිණෙති. ”
” වහන්ස, සියලු භික්ෂූසංඝ තෙමේ උතුරැකුරැ දිවයිනට ගියේ නම් මැනවි. ”
” මුගලන, උතුරැකුරැ දිවයිනට සියලු සංඝයා යෑම තොපට රැචි නොවේ. ”
මේ අතරතුර හුදකලාව චිත්ත විවේකයෙන් සිටි සැරියුත් තෙරැණ් හට විතර්කයක් පහළ විය. ” කවර බුද්ධ ශාසනයක් දිගුකල් පවත්නේ ද? කවර බුද්ධ ශාසනයක් දිගුකල් නො පවත්නේ ද? “
අනතුරැව පස්වරැවේ ඵලසමවතින් නැඟිසිට භාග්‍යවතුන් වහන්සේවෙත එළඹ මේ කරැණ සැළ කලේය.
” ශාරිපුත්‍රයනි, විපස්සී සිඛී හා වෙස්සභු යන භාග්‍යවතුන් වහන්සේලාගේ ශාසනය බොහෝ කලක් නො පැවැතුනේ වෙයි. නමුත් ශාරිපුත්‍රයනි, කකුසඳ, කෝනාගමන හා කාශ්‍යප යන භාග්‍යවතුන් වහන්සේලාගේ ශාසනය බොහෝ කලක් පැවැතුනේ වෙයි. ”
” ශාරිපුත්‍රයනි, විපස්සී සිඛී හා වෙස්සභු යන බුදුවරැන් ශ්‍රාවකයින්ට විස්තර වශයෙන් ධර්මය දේශනා කරන්න උත්සාහ රහිත වූහ. නවාංග ශාස්තෘශාසනය ද ස්වල්ප විය. ශික්ෂාපද නො පණවන ලදී. ආඥා වශයෙන් පණවන ලද පාතිමොක්ඛය දේශනා නොකරන ලදි.
ඒ බුදුවරැන්ගේ ද ඒ හා සම්මුඛශ්‍රාවකයන්ගේ ද පරිනිර්වාණයෙන් අනතුරැව පසුකාලීනව විවිද නම් ගෝත්‍ර හා ජාතින්යෙන් පැමිණ පැවිදි වු ශ්‍රාවකයන් ඒ ශාසනය වහාම අතුරැදන් කළහ.
ශාරිපුත්‍රයනි, යම් සේ නන් වැදෑරැම් පුෂ්පයෝ මල් ආසනයේ තැන් පත් කරන ලද්දේ ද, ඒ පුෂ්පයෝ නූලක බහා මල්මාලාවක් සේ ගෙත්තම් නොකරන කල්හී ඒ මල් වාත ධාරාවෙන් විසුරැවා තිබූ තැනින් ඉවත් ව යන්නේ යම්සේ ද, ඒ අයුරින් ම ඒ බුදුසමයේ ඒ බුදුවරැන්ගේ ද ඒ හා සම්මුඛශ්‍රාවකයන්ගේ ද පරිනිර්වාණයෙන් අනතුරැව පසුකාලයේ පැවිදි වූ ශ්‍රවකයෝ ඒ ශාසනය වහාම අතුරැදහන් කලහ.
තවද, ඒ බුදුවරැන් තම සිතින් ශ්‍රාවකයන්ගේ සිත් දැක ශ්‍රාවකයින්ට අවවාද කරන්නට උත්සාහ කලහ. ‘ කාමවිතර්ක නො කරවු. අනිත්‍ය වශයෙන් මෙනෙහි කරවු. නිත්‍ය වශයෙන් මෙනෙහි නො කරවු. අකුශලය දුරැ කරවු. කුසල් වු මෙයට පැමිණ වාසය කරවු. ‘යැයි අවවාද කරන ලදි. මෙසේ අවවාද කරනු ලබන කල්හි ඒ දහස් ගණන් මහණුන්ගේ සිත් උපාදාන රහිතව සිත් කාමාදි ආස්‍රවයන්ගෙන් මිදුනේය.
යමක් හේතු කොට ගෙන ඒ භාග්‍යවතුන් වහන්සේලාගේ ශාසනය බොහෝ කල් නො පැවතුනේ ද, ශාරිපුත්‍රයනි, මේ එයට හේතුවයි. මේ එයට ප්‍රත්‍යය යි. ”
” වහන්ස, කකුසඳ, කෝනාගමන හා කාශ්‍යප යන භාග්‍යවතුන් වහන්සේලාගේ ශාසනය බොහෝ කලක් පැවැතුනේ වෙයි. එයට හේතුව හා ප්‍රත්‍යය කුමක් ද ? ”
” ශාරිපුත්‍රයනි, කකුසඳ කොනාගමන හා කාශ්‍යප යන බුදුවරැන් ශ්‍රවකයින්ට විස්තර වශයෙන් ධර්මය දේශනා කරන්න උත්සාහ සහිත වූහ. නවාංග ශාස්තෘශාසනය ද බොහෝ විය. ශික්ෂාපද පණවන ලදී. ආඥා වශයෙන් පණවන ලද පාතිමොක්ඛය දේශනා කරන ලදි.
ඒ බුදුවරැන්ගේ ද ඒ හා සම්මුඛශ්‍රාවකයන්ගේ ද පරිනිර්වාණයෙන් අනතුරැව පසුකාලීනව විවිද නම් ගෝත්‍ර හා ජාතින්යෙන් පැමිණ පැවිදි වු ශ්‍රවකයන් ඒ ශාසනය දීර්ඝ කාලයක් තැබූහ.
ශාරිපුත්‍රයනි, යම් සේ නන් වැදෑරැම් පුෂ්පයෝ මල් ආසනයේ තැන් පත් කරන ලද්දේ ද, ඒ පුෂ්පයෝ නූලක බහා මල්මාලාවක් සේ ගෙත්තම් කරන කල්හී ඒ මල් වාත ධාරාවෙන් විසුරැවා තිබූ තැනින් ඉවත් නො යන්නේ යම්සේ ද, ඒ අයුරින් ම ඒ බුදුසමයේ ඒ බුදුවරැන්ගේ ද ඒ හා සම්මුඛශ්‍රාවකයන්ගේ ද පරිනිර්වාණයෙන් අනතුරැව පසුකාලයේ පැවිදි වූ ශ්‍රවකයෝ ඒ ශාසනය දීර්ඝ කාලයක් තැබූහ.
යමක් හේතු කොට ගෙන ඒ භාග්‍යවතුන් වහන්සේලාගේ ශාසනය බොහෝ කල් පැවතුනේ ද, ශාරිපුත්‍රයනි, මේ එයට හේතුවයි. මේ එයට ප්‍රත්‍යය යි. ”
අනතුරැව සැරියුත් තෙරණුවෝ විසින් සිවුර ඒකාංශ කොට වැඳ නමස්කාර කොට මේ ශාසනයෙහි දිගුකල් පැවැත්ම වෙනුවෙන් ශ්‍රාවකයින්ට ශික්ෂාපද පණවන ලෙස ඉල්ලා සිටියහ.
” ශාරිපුත්‍රයනි, බලාපොරොත්තුවෙන් සිටිනු. තථාගත තෙමේ එයට කල් දන්නේය. ශාරිපුත්‍රයනි, යම්තාක් මේ ශාසනයෙහි ආස්‍රවයන් ඉපද සිටීමට ආධාරවන ඇතැම් ධර්මයෝ සංඝයා කෙරෙහි පහළ නොවේ ද, ඒතාක් ශාස්තෘ තෙමේ ශ්‍රාවකයින්ට සිකපද නො පණවයි. පාමොක් නො දෙසයි. ශාරිපුත්‍රයනි, යම් කලෙක වනාහි මේ ශාසනයෙහි ආස්‍රවයන් ඉපද සිටීමට ආධාරවන ධර්මයෝ සංඝයා කෙරෙහි පහළ වේ ද, එකල්හි ශාස්තෘ තෙමේ එම ආස්‍රවස්ථානීය ධර්මයන් නැසීම පිණිස ශ්‍රාවකයින්ට සිකපද පණවයි. පාමොක් දෙසයි. “
ශාරිපුත්‍රයනි, සංඝ තෙමේ යම් තාක් බොහෝ කාලයක් මේ ශාසනයෙහි සිටීමෙන් හා මහත් බවට පත්වීමෙන් ආස්‍රවස්ථානීය ධර්මයෝ සංඝයා කෙරෙහි පහළ වෙත් ද, එකල්හි ශාස්තෘ තෙමේ එම ආස්‍රවස්ථානීය ධර්මයන් නැසීම පිණිස ශ්‍රාවකයින්ට සිකපද පණවයි. පාමොක් දෙසයි.
ශාරිපුත්‍රයනි, සංඝ තෙමේ යම් තාක් ස්ථවීර මධ්‍ය හා නවක වශයෙන් විපුලත්වයට හා මහත් තත්වයට පැමිණියේ වේද, එකල්හී ආස්‍රවස්ථානීය ධර්මයෝ ( තමන් උසස් යැයි දනවන මාන්නය ආදී ) සංඝයා කෙරෙහි පහළ වෙත් ද, එකල්හි ශාස්තෘ තෙමේ එම ආස්‍රවස්ථානීය ධර්මයන් නැසීම පිණිස ශ්‍රාවකයින්ට සිකපද පණවයි. පාමොක් දෙසයි.
ශාරිපුත්‍රයනි, යම් තාක් සංඝ තෙමේ ලාභයෙන් මහත් බවට පැමිණියේ ද, ඒ කෙරෙහි ඇතැම් ආස්‍රවස්ථානීය ධර්මයෝ (කීර්ති ප්‍රසංශා, සිවුපස හා පිරිකර ආදී ලාභයන් ලැබීමේ අපෙක්ෂාවන් ආදී ) සංඝයා කෙරෙහි පහළ වෙත් ද, එකල්හි ශාස්තෘ තෙමේ එම ආස්‍රවස්ථානීය ධර්මයන් නැසීම පිණිස ශ්‍රාවකයින්ට සිකපද පණවයි. පාමොක් දෙසයි.
ශාරිපුත්‍රයනි, යම් තාක් සංඝ තෙමේ යම් කලෙක බහුශ්‍රැතයෙන් හා උගත් බවට පැමිණියේ වේද, එකල්හී මේ ශාසනයෙහි සංඝයා කෙරෙහි ඇතැම් ආස්‍රවස්ථානීය ධර්මයෝ පහළ වේ ද, එකල්හි ශාස්තෘ තෙමේ එම ආස්‍රවස්ථානීය ධර්මයන් නැසීම පිණිස ශ්‍රාවකයින්ට සිකපද පණවයි. පාමොක් දෙසයි.
ශාරිපුත්‍රයනි, භික්ෂුසංඝ තෙමේ අර්බුද රහිතය, නිදොස්ය, දුසිල් මහණුන්ගෙන් තොරය පිරිසිදුය, සිල් ආදී සරැ දහම්හි පිහිටියේ ය. ශාරිපුත්‍රයනි, මේ පන්සීයක් මහණුන් අතුරින් සියලු දෙනා සෝවාන් ය. අපායෙහි නො යන සුලුය. නිවණට නියත සම්බෝධිය ම පිහිට කොට ඇත්තේ වෙයි.
මතු සම්බන්ධයි.
~ හේන්පිට ධම්මබෝධි ස්වාමින්වහන්සේ විසින් සම්පාදිතයි.