සමාධිය පිළිබඳව පරිපන්ථ කරුණු
පරිපන්ථ කරුණු නම් සමාධිය කැඩී බිදී වැනසීයාමට හේතු වන කරුණුය. එබදු කරුණු හයකින් යුත්තවේ. භාවනා අරමුණයෙහි සිත තබාගෙන සිටින විට ඒ භාවනා අරමුණට සම්බන්ද වෙනත් සිත් පහලවේ. ඒ පහළවු අරමුණ දිගේ සිත පවතින විට,
පළමුවැන්න නම් — අරමුණට සම්බන්දව අතීත සිදුවීම් වලටද සිත දිවෙයි. එසේ භාවනා අරමුණෙන් පිට පැන ගිය සිත තමාට නොදැනීම වාගේ එසේ තිබී එය දැන ගන්නෙ බොහෝ වේලාවකට පසුවය. මෙසේ බොහෝ වේලාවක් ප්‍රධාන අරමුණෙන් බැහැරව නොයෙක් අරමුණුවල තිබීම නිසා සමාධිය අඩුවේ. මෙයින් පහල වන්නෙ සිතේ විකේෂ්පයයි. මේ තත්වය සමාධිය මේරීමට විශාල බාධාවකි.
දෙවැන්න නම් — අනාගතයට සිත දිවීමයි. එය බොහෝවිට සිදුවන්නෙ ප්‍රර්ථනා ස්රෑපයකිනි. බොහෝ වෙලාවක් සිතේ ආශාව සිත තුල කැලබීමෙන් ඇතිවන කම්පනයෙන් සමාධිය නැතිවී යනු ඇත.
තෙවැන්න නම් — සිතේ ලීන ස්වභාවයයි. එයින් සිදුවන්නේ සිත කුසීත වීමයි. එය සමාධියට බලවත් බාදාවකියි.
සිව්වැන්න නම් — ඇතැම් විටකදී යෝගාවචරයා සිතට තදින් උනන්දුවක් පහළ කර ගෙන බලවත් උනන්දුවක් උපදවා ගෙන ප්‍රමානය ඉක්මවා භාවනාවේ යෙදෙන්නට පටන් ගනී. මෙය කයට මෙන්ම සිතටද ඔරොත්තු නොදෙන තත්වයකි. කයට වෙහෙස දැනෙයි. හිසට වේදනාව දැනෙයි. සිතය බලවත් අවුල් ගතියක් ඇතිවෙයි. මෙයින් සමාධිය පිරිහෙයි.
පස්වැන්න නම් — සිත රාගයට යට වීමෙන් ඇතිවෙන පසුබෑමයි. මෙය සිදුවන්නෙ නොයෙකුත් අරමුණු කරා සිතට යෑමට ඉඩ හැරීමෙන් සමාධිය පිරිහෙයි.
සයවැන්න නම් — දේෂ සහිත බාහිර අරමුණු ඔස්සෙ සිත යැවීමෙන් ව්‍යාපාදය බලපෑමෙන් භාවනා සමාධියේ පිරිහීමසිදුවන බව සැලකිය යුතුයි.
මේනිසා මේ අවස්ථාවන්ගෙන් ආරක්ෂා වීමට සිත බාහිර අරමුණු දිගේ ගමන් කිරීම වළකා ගත යුතුය. මේ පරිපන්ථ අවස්ථා සයෙන් වෙන්ව සිත තබාගැනීමෙන් සමාධියේ වෝදාන අවස්ථා සය සම්පූර්ණ වන්නේය.෴
(විපස්සනා භාවනා අසපුව facebook (@Dhammabo) පිටුවෙන් අවසරය සහිතව උපුටා ගන්නා ලදී.)
සැබැඳි ලිපි : සතිය සහ සමාධිය