සම්මා සම්බුද්ධෝ සම්බුදු ගුනය.
෴. සො භගවා ඉතිපි සම්මා සම්බුද්ධෝ .෴
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
“සම්මා සම්බුද්ධ සද්ධම්ම
සම්මා සම්බුද්ධ දේශනා
සම්මා සම්බුද්ධ ඤ්යෙයස්ස
සම්මා සම්බුද්ධ තේ නමො”
? ෴….?️….෴? ෴. අවබෝධ කලයුතු උතුම්ම දේ වන අපහසුම දේ වන ශ්‍රී සද්ධර්මය ස්වම්භුජ්ඤාණයෙන් මැනවින් අවබෝධ කල නිසාද.එසේම ඒ පරම අමා ශ්‍රී සද්ධර්මය දෙවියන් මිනිසුන් බඹුන් යනාදී කිසිවෙකුට නොහැකි අන්දමේ උත්තමණීය ලෙසද විශිෂ්ඨ ලෙසද අනුත්තර ලෙසද දේසනා කල නිසාද.මාඟේ බුදුපියාණන් වහන්සේ සම්මා සම්බුද්ධ නම්වන සේක. ඒ උත්තමණීය සම්මා සම්බුද්ධ ගුනයට මාඟේ නමස්කාරයද ජීවිතයද පූජා කරමී. පූජාවේවා.
…෴?️????️෴…
??️??️?
.
?️ අර්ථ –
මාඟේ සම්මා සම්බුදු පියාණන් වහන්සේ කිසිතැනක වැරදීමක් නැති පරිදි නො පැහැදිලි බවක් නැතිව අත්ලෙහි ඇති දෙයක් සේ ඉතා පැහැදිලි ලෙස අනිකකුගෙන් උගෙනීමක් හෝ උපදෙස් ගැනීමක් නො කොට තමන් විසින්ම අතීතානාගත වර්තමාන යන කාලත්‍රයට අයත් නොවු ද සියල්ල දැන වදාල බැවින් තථාගතයන් වහන්සේ සම්මාසම්බුද්ධ නම් වෙති.
බුද්ධ යන වචනයෙන් දත් කෙනෙකු කියවේ. දතුවන් අතර අනුන්ගෙන් උගෙන අනුන්ගෙන් උපදෙස් ගෙන යම් යම් දේ දැනගත්තෝ ද වෙති. ස්වශක්තියෙන්ම දැන ගත්තෝ ද වෙති. අනුන්ගෙන් අසා දත් තැනැත්තේ බුද්ධ නම් වෙයි. එහෙත් සම්බුද්ධ නො වෙයි. අනුන්ගේ උපකාරයක් නැතිව ස්වශක්තියෙන් දතුවෝ සම්බුද්ධ නම් වෙති. සම්බුද්ධ යන නාමය ලැබෙන්නේ පසේබුදුවරුන්ට හා ලොවුතුරා බුදුවරුන්ට පමණකි. සම්බුද්ධ වුව ද පසේබුදුහු සියල්ල නො දනිති, ලොවුතුරා බුදුහු සියල්ලම දනිති. වැරදීමක් නැතිවම දනිති, අපැහැදිලිකමක් නැතිව පැහැදිලි ලෙසම දනිති. එබැවින් ලොවුතුරා බුදුහු සම්මාසම්බුද්ධ නම් වෙති. සම්මාසම්බුද්ධ යන වචනය අභිධර්ම පිටකයේපුග්ගලපඤ්ඤත්ති පකරණයෙහි මෙසේ විස්තර වේ.
‘කතමො ච පුග්ගලෝ සම්මාසම්බුඬො? ඉධෙකච්චො පුග්ගලෝ පුබ්බේ අනනුස්සුතෙසු ධම්මේසු සාමං සච්චානි අභිසම්බුජ්ක්‍ධති, තත්ථ ච සබ්බඤ්ඤුතං පාපුණාති, බලෙසු ච වසීභාවං, අයං වුච්චති පුග්ගලො සම්මාසම්බුඬො’
(සම්මාසම්බුද්ධ නම් කවරදැයි විවරණය කරන මේ පාඨය එහි ඇති වචන පටිපාටිය අනුව තේරුම් කිරීමට දුෂ්කර පාඨයෙකි.) “යම් පුද්ගලයෙක් අනිකකු ගෙන් නො අසා ස්වශක්තියෙන්ම ස්ඛන්ධාදි ධර්ම විෂයෙහි චතුස්සත්‍යය දැන ගනීද, කිසිවක් ඉතිරි නොවන පරිදි සියල්ල පිළිබඳව ම සත්‍යය දැනගැනීම් වශයෙන් සර්‍වඥත්වය ට පැමිණේද, බලයන්හි වශීභාවය ලබා ද ඒ පුද්ගල තෙමේ සම්‍යක් සම්බුද්ධ නම් වේය.” යනු එහි අදහසය.
අප බෝධිසත්ත්වයන් වහන්සේ අතීත බුදුසසුන්වල පැවිදිව ත්‍රිපිටක ධර්මය උගෙන ශමථවිදර්‍ශනා භාවනාවන්හි යෙදී ඇති බැවින් පෙර ජාතිවල ඒ ධර්ම අසා ඇත. එහෙත් බුදු වන ජාතියෙදී උන්වහන්සේ විසින් චතුස්සත්‍ය යන වචන මාත්‍රය පවා අනිකුගෙන් අසා නැත. අතිදීර්ඝකාලයක් පිරූ පාරමිතා කුශලබලයෙන් කිසිවෙකුගෙන් නො අසා ඒ ධර්ම උන්වහන්සේට අවබෝධ කළ හැකි විය. කිසිදු අඩුවක් නැතිව සියල්ල පිළිබඳවම සත්‍යයන් අවබෝධ කර ගැනීමෙන් තථාගතයන් වහන්සේ සර්‍වඥ වු සේක. සර්‍වඥතාඥාණය ලැබෙනු සමගම දශබල ඥානයෝද උන්වහන්සේට ඇති වූහ. සර්‍වඥතාඥාණ දශබලඥානයන් ලැබීමෙන් ලොවුතුරා බුදුබව සම්පූර්ණ වේ. ඉන්පසු බුද්ධත්වය සඳහා කළ යුත්තක් නැත. ලොවුතුරාබුදුවරුන් පසේ බුදුවරුන් හැර සෙස්සන්ට අනුන්ගෙන් නො අසා චතුස්සත්‍යන් දත හැකි නොවන්නේ ඒවා ඉතා ගැඹූරු නිසා ය.
සාධු?
සාධු??
සාධු???
¤☸¤══════¤☸¤☸¤══════¤☸¤
නමස්කාර වේවා.
මෙසේ “සම්මාසම්බුද්ධ” සම්බුදු ගුනයෙන් සමන්වාගත මාගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ එකාන්තයෙන්ම. ” සම්මාසම්බුද්ධ ” සම්බුදු ගුන සපිරි උතුම්ම උතුමාණෝ වන සේකමය. එසේ හෙයින් “සම්මාසම්බුද්ධ ” නම් සම්බුදු ගුණයෙන් සමන්වාගත මඟේ අමාමෑණී වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේට.
මාඟේ නමස්කාරයවේවා
මා දිවියද සදා පූජාකරමී
පලමුවද පූජාකරමී පූජාවේවා
දෙවනුවද පූජා කරමී පූජාවේවා
තෙවනුවද පූජාකරමී පූජා ම වේවා.
සාධු.!.?සාධු.!!.??සාධු .!!!???
භාවනාව සඳහා
? මෙනෙහි කරන ක්‍රමය.
1 ) සම්මා සම්බුද්ධ නොහොත් මනා අවබෝධය යනු කුමක්ද?
මනා අවබෝධය යනු කුමක්ද?
02 ) කලානම් අවබෝධ කළ කෙනෙකුට අයත් අය අදාළ හේතු බුදුරජාණන් වහන්සේ තුළ තිබුණ ද?
03 ) එවන් අවබෝධයක් ලැබූ කෙනෙක් තුළ පැවතිය යුතු උතුම්වූ ගුණාංග බුදුරජාණන් වහන්සේගේ ජීවිතය තුළ විද්‍යාමාන උනාද ?
සාධු?සාධු??සාධූ??
මේ අතිතුම් සම්මා සම්බුදු ගුනකඳ අපටත්
ආදර්ශය වේවා..
සහ
ආදර්ශ කරගමු
මා ඔබ අප සැමට
? මා ගනිමි ආදර්ශ.
සියල් කෙලෙස් දුරුලන අවබෝධය.
ලබනට නිතියෙන් වඩනෙමි මා වෙර.
මාහට සේ හැම ලෝ සත වෙතටම වටිනා දෙය වූ
දම් අවබොධය ලැබදෙමි ලබනට පිංකල අයහට.
??ආශිර්වාද වේවා මට ඔබට අප සැමට සමසේ.
??????????????????
?️ සම්බුදුගුණ?️
? ආශිර්වාද ප්‍රාර්ථනා
????? සත්‍යක්‍රියා….?????
මේ උතුම් මනසිකාරය තුල මා ඔබ සරන ගිය මහා මහොත්තම සම්මා සම්බුදු සමිඳුන් ගේ අපරිමිත සීලයේ ගුන සුවඳ හදට දැනෙනු ඇත.
ඒවා නිකන්ම හුදුසීල් නොවන්නේ එහි මුල මැඳ අග යන තුන් තැනම ඉතා නිවැරදිම හා පරිපූර්ණම වැඩ පිලිවලකින් යුතු නිසයි.කෙසේ වෙතත්.
ලොව්තුරු සම්බුදු පියාණන් වහන්සේටවත් සමාන වෙනත් ශාස්තෘවරයෙක් වත්.
එ් ශ්‍රී සද්ධර්මයට සමාන වෙනත් සද්ධර්මයක් වත්.ඒ උතුම් වූ ආර්ය මහා සංඝ රත්නයට සමාන උතුම් ශ්‍රාවක පිරිසකවත් මේ විශ්වයේ. කොතනකවත් නැත.
මෙය ඒකානත සත්‍යයක්මයි මෙය දෙවියන් බඹුන් මරුන් සහිත මේ සමස්ත විශ්වයේ කිසිවෙකුටවත් කරුනු සහිතව සාධක සහිතව ප්‍රතික්ෂේප කල නො හැකි දෙයකි.මෙය ඒකාන්ත සත්‍යයක් මයි මේ සත් බෙලෙන් යහපතක් ම වේවා ඔබ අප සැමටම
මෙසේ මෙසේ ” සම්බුද්ධෝ” ගුණයෙන් සමන්නාගත සම්මා සම්බුදු හිමි ගුණයද සත්‍යක් මයි ඒ සම්බුදු ගුන සත්‍යනුභාව බෙලෙන්ද ඔබ සැමටත් සකල ලෝ වාසීන්ටත්.පිරිසුදු ව බබලන.
දෙව් මිනිසුන්ද ඉක්මවිය හැකි.
නිවන් අමතයෙන් නිති සැනහෙන.
අතුල්‍ය වූ අසමාණ වූ.
අවබෝධයෙන් පිරිපුණ්.
අණන්ත තේජසින් යුතු.
අසත්‍යට නො නැමෙන.
අනභිභවණිය වූ.
නිකෙලෙස් උත්තම සිතක් පිණිසත්.
අප්‍රමාන සීල ගුණයෙන් යුතු සිතක් පිණිසත්.අසරණ හැම විටකම සරනක ලැබෙන්නටත්
කිසිදු අයහපතකට මැඬ නොපැවැත්විය සිතක් පිණිසත්. හැකි ප්‍රහීන නොවන ගුනැති. සිතක් පිණිසත්.
දහමින් ප්‍රභාවිත විශිෂ්ඨ සිතක් පිණිසත්.
විශිෂ්ඨ දර්ශනයෙන් හෙබි උතුම් නිවුනු සිතක් පිණිසත්. හැම මමායනයෙන් තොර සහ හැම කෙලෙස් මල රහිත වූ හැම යහපත් කිත් පැසසුම් ලබනා සිතක පිණිසත්.
නිති මැනවින් සංවර වූ ආර්‍ය සීලී සිතක් සහිත වීම පිණිසත්
අසත්‍ය කිසිවිට නො පවසන සිතක් පිණිසත්.
අසම සම අසදිස උතුම් චරිතයක් පිණිසත්
හැම සැකයෙන් තොර වූත්.ශෝකයෙන් තොරවූත්
නුවනැත්තන්ගෙන් ප්‍රශංසා ලැබිය යුතු අන්දමේ මෙත් සිතක් සහිතවීම පිණිසත්.
මනා සතියෙන්ම සිත නිති පැවැත්විය හැකි.අන්‍යන්ද තම සිතද නිති මැනවින් හික්මවාගත හැකි.ස්භාවයක් පිණිසත්.
කිසිවකට මැඩපැවැත්විය නොහැකි බිය නොවන උතුම් නිර්භයසීලි අසහාය සිතක් පිණිසත් හේතුවේවා.
මැනවින් හික්මුණු අජානීය වූ..අසමාන ප්‍රඥ්ඤාවක් සහිත සිතක් පිණිසම හේතුවේවා…
නික්ලේශී සිතැති උතුමෙකු වන්නම ලැබේවා…
අපගේ සිල් රුව ගුණ ණැන සුවඳින් මුලුමහත් විශ්වයම ආලෝකමත් වේවා.සුවඳවත් වේවා එයින්ම බැබලේවා..
වෙනත් පහත් ජාති කුල මානාදියෙන් බැබලීමට උත්සාහ නොකරන්නෝ වෙත්වා……
සුගත සම්බුදු සුන්දර මඟ පෙන්වීම හැමවිට මට අපට හැමවිටම සසර වේවා හැමවිටම සියල්ලම මැනවින් අවබෝධ කිසිවක් ආවරණ නො වේවා
සියල්ලන්ටම හා සියල්ලට නායක කුල සහිත ගුණ සහිත මැනවින් දමණය වූ ඍජුවූ කයක් මනසක් පිණිස ම වේවා……..
ආහාර සමුදය වැටහේවා…
පෙර විසූ කඳ පිලිවෙලද වැටහේවා..
ආලෝකමත් දිවියක්ම වේවා…
නොයෙක් ඉර්ධීන්ගෙන් යුතු දිවියක්ම වේවා.
හැම සැකආදී දුරුකල යුතු දෙය දුරුවේවා.
ප්‍රහීනකල යුතු දෙය ප්‍රහීන වේවා..
කාමයන් ගැන නෙත් නො යේවා.
කාමය අභිභවනය වූ අතිඋතුම් වූ
කාමාභිභූ දිවියක්ම වේවා.
අපිස් බව නිති සිත රැඳේවා.
හැම ආශ්‍රවයන් නසන නුවනින් යුතු දිවියක්ම වේවා
කර්‍ම හා විපාකයන් ගැන සිතේවා…
හුඳකලා සුව දැනේනා දිවියක්ම වේවා.
නිති හිස මත අමා සද්ධර්මයම පවතීවා…
නිති හැමටම කළණ දසුනක්ම වේවා…
නිති සැබෑ අවිහිංසාවාදී ගුනෙන් යුතු වෙත්වා.
ඒක පුද්ගල වූ උත්තමණිය ජීවිතයක් ම වේවා..
හැම රෝගයන් ගෙන් මිඳූනු
එයට මඟ දත් සහ මඟ පෙන්වන ගුන වැඩේවා
නිවන් මඟ දක්ෂ වේවා.
හැමට ප්‍රිය ගුන වැඩේවා…
නිවන් මඟ නිති දර්ශනය වේවා..
මහ කුළුනු ගුන සිත වැඩේවා…
කලගුන දන්නා බව නිති සිත රැඳේවා
කිසිවකින් කිසිවිට නො සැලෙන
තාදී සිතක සැනසුම නිති ඔබ හද පවතීවා.
සැම සිත් වැටහේවා…
නිති උතුම් හැසිරීමෙන් ලොව සරන්නට ලැබේවා.
රන්වන් කයක් රන්වන් ගුන කයක්ද වේවා.
කෙලෙස් අඳුරින දුරුවූ සිතක් කයක්ම වේවා..
ඒ පිණිස මේ සම්මා සම්බුදු ගුණකඳහි ආශීර්වාද පුණ්‍යබලය ඒකාන්ත සත්‍යයක්‍රියාවක්ම වේවා..
බුදුගුණ අනන්තයි…
සදහම් ගුණ අනන්තයි…
මහසඟ ගුණ අනන්තයි…
ඒ අනන්තරවූ බුදු ගුණ බලයෙන්ද …
අනන්ත සදහම් ගුණ බලයෙන්ද…
අනන්ත මහ සඟගුණ බලයෙන්ද…
අනන්ත මව්පිය ගුණ බලයෙන්දඅනන්ත.
අාචාර්‍ය උපාධ්‍යාය ගුණ බලයෙන්ද.
අනන්ත මග බෝසත් ගුණ බලයෙන්ද
අනන්ත අාර්ය දිව්‍ය රාජ ගුණ බලයෙන්ද.
අනන්ත අාර්ය බ්‍රහ්ම රාජ ගුණ බලයෙන්ද
මාගේ සීල සමාධි ප්‍රඥ්ඤා දී ගුණ බලයෙන්ද
ඔබ සැම නිදුක් වෙත්වා !.
නිරෝගි වෙත්වා !.
සුවපත් වෙත්වා !.
මාගේ මාගේ මව්පිය ගුරු දෙගුරු උතුමෝ ඔබ සැම කලණ මිතුරෝද හිතවන්තයෝද මැදහත් වූවෝද අහිතවත් වූවෝද සියලු දෙවියෝද සියලු මනුෂ්‍යයෝද සියලු සත්වයෝද
නිදුක් වෙත්වා !.
නිරෝග වෙත්වා !.
සුවපත් වෙත්වා !.
අායුෂයෙන් වැඩෙත්වා !.
වර්ණයෙන් වැඩෙත්වා !.
සැපයෙන් වැඩෙත්වා !.
කාය බලයෙන් වැඩෙත්වා !.
ඥාන බලයෙන් වැඩෙත්වා !.
සුවසේ නිදත්‍වා !.
සුවසේ පිබිදෙත්‍වා !.
දෙවි මිනිසුන්හට ප්‍රිය වෙත්‍වා !.
දෙවි බඹුන්ගෙන් අාරක්‍ෂාව ලබත්‍වා !.
ගුණයෙන්,නුවණින් වැඩෙත්වා !.
යසසින්,ඉසුරෙන් වැඩෙත්වා !.
සැපතින්,සම්පතින් වැඩෙත්වා !.
හිරි,ඔතප් ගුණයෙ වැඩෙත්වා !.
ශ්‍රද්ධාවෙන්,සීලයෙන් වැඩෙත්වා !. ශෘතයෙන්,ත්‍යාගයෙන් වැඩෙත්වා !.
ඥානයෙන්,අවබෝධයෙන් වැඩෙත්වා !.
සාමයෙන් සමාදානයෙන් වැඩෙත්වා !.
ශාන්තියෙන්,ඉවසීමෙන් වැඩෙත්වා !.
සැනසුම් සුවයෙන් වැඩෙත්වා !. මෛත්‍රියෙන්,කරුණාවෙන් වැඩෙත්වා !.
මුදිතාවෙන්,උපේක්‍ෂාවෙන් වැඩෙත්වා !.
සමථ,විදසුන් නුවණින් වැඩෙත්වා !.
සියවස් කාලයක් දීර්ඝායුෂ වළඳත්‍වා !.
දෙලොව සුභ සෙත ලබත්‍වා !.
සියළු සත්‍වයෝ සුමිහිරි නිවන් සැපතින් සුවපත් වෙත්‍වා !.
සුවපත් වෙත්‍වා !..
සුවපත් වෙත්‍වා !..
සම්මා සම්බුදු සරණයි ….!!!ඔබට
මේ ආදී අනන්තවූ තුණුරුවන් ගුණ බලයෙන්
සුභම සුභ උදෑසණක් වේවා…!!!
පින්බර වාසනාවන්ත දවසක්වේවා …!!!
අද දවස පුරාවට මත් දිවිය පුරාවටමත් ඔබගේ ගතේ සිතේ සියලූම වේදනාවන් පීඩාවන් පහවීයේවා…!!!
සිතෙහි සතුට සැනසුම නිරතුරුවම පවතීවා…!!!
අද දවස පුරාවට ඔබගේ සිතෙහි දාන ශීල භාවනාදි බොහෝ කුශල චේතනාවන් වැඩේවා …!!!
පහලවන්නාවූ කුශල චේතනාවන් මස්තකප්‍රාප්ත කරගැණීමට වාසනාවන්ත හේතු සකස් වෙත්වා…!!!
ඔබගේ සිත ශීලයෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් වැඩෙත්වා
අනන්ත බුදුගුණ බලයෙන් ඔබ සැමට සැනසීම වේවා.!!.සියලු මිසදුටු බලවේග හිරු දුටු අඳුරක් සේ පහව යත්වා.සියලු සැදැහැතියනට ධර්මමය සැනසිල්ල විඳගන්න ලැබේවා.!!.
සිල් සුවඳින් … ගුණ සුවදින් … නැණ නුවනින් වැඩේවා.!!!.
නිදුක් ,නිරෝගී ,සුවපත්ම වේවා.!!. සාධු.!!.සාධු.!!.
සියලූම යහපත වේවා.
නිවන් මඟ පිණිසම වේවා.
සුඛී හෝතූ…
~ කල්‍යාණ මිත්‍ර අමිල රුවන්