විජ්ජාචරණසම්පණ්ණෝ සම්බුදු ගුනය

෴ සො භගවා ඉතිපි විජ්ජාචරණසම්පණ්ණෝ ෴

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස

“විජ්ජාචරණ සම්පණ්නං – තිස්සෝ විජ්ජා පකාසිතො
පඤ්ච විජ්‍ජා අට්ඨදස – චරණන්තං නමාමහං”

? ෴….?️….෴? ෴. අෂ්ඨ විද්‍යාවන්ගෙන් හා පසලොස් චරන ධර්මයන්ගෙන්ද යුක්ත වූ නිසා විජ්ජා චරන සම්පන්න වූ මාගේ සම්මා සම්බුදු පියාණන් වහන්සේට මාඟේ නමස්කාරයම වේවා ජීවිතයද පූජාවේවා. 
…෴?️????️෴…
??️??️?

.
?️ අර්ථ –

මාඟේ සම්මා සම්බුදු පියාණන් වහන්සේ සැබෑම යහපත් වූ විශිෂ්ඨතම වූ විද්‍යාවන්ගෙන් සහ අතිතුම් ම හැසිරීමෙන් යුක්ත වූ නිසාවෙන්.

ලොව්තුරා සම්මාසම්බුද්ධත්වය ලැබීම යනු විද්‍යාවේ පහළවීම (විජ්ජා උදපාදි) සේ දැක්වෙන්නේ එහෙයිනි. චරණ යන්නෙහි මූලික අර්ථය ‘පාදය’ හෝ ‘යෑම ‘යනුයි. නිර්වාණය සාක්‍ෂාත් කරගැනීම සඳහා උපකාර වන ශීලය, ඉන්ද්‍රිය සංවරය ආදී ගුණධර්ම සමූහය නිවන කරා යාමට පාදයක් වැනි හෙයින් හෝ මෙම ගුණධර්ම සම්පූර්ණ කිරීමෙන් නිවනට යා හැකි බැවින් හෝ ඒවා ‘චරණ’ යන නමින් හඳුන්වනු ලැබේ.

විද්‍යා – චරණ දෙකින් පළමුවෙන් සම්පූර්ණ කළ යුත්තේ චරණය යි. චරණ ධර්මයන්හි නොපිහිටා නැතහොත් චරණය නොමැතිව විද්‍යාව ලැබිය නොහැකි ය. එහෙයින් මෙම ප්‍රකාශය ප්‍රතිපත්ති සපුරාලීමේ පිළිවෙළ අනුව “චරණවිජ්ජා සම්පන්නො’ යනුවෙන් තිබිය යුතු වුවත් ද්වන්ද සමාසයේ දී අල්ප අකුරු ඇති පදය මුලට ගැනීමේ ව්‍යාකරණ රීතිය නිසා ‘විජ්ජාචරණ සම්පන්නො’ යනුවෙන් පෙනී සිටියි.

මෙහි විද්‍යාව යනු..
තථාගතයන් වහන්සේ විසින් බොහෝ සූත්‍රවල ත්‍රිවිද්‍යාවක් දක්වා වදාරා තිබේ. අම්බට්ඨ සූත්‍රයෙහි පමණක් අෂ්ට විද්‍යාවක් දේශනය කර තිබේ.

ත්‍රිවිද්‍යාව නම්:-

01. තමන්ගේ ද සෙස්සන්ගේ ද පෙර ඉපද සිටි ජාති පිළිවෙළ නාමගෝත්‍රාදි වශයෙන් දක්නා වූ පූර්වේනිවාසානුස්මෘති ඥානය,

02. ඒ ඒ සුගති දුර්ගති භවවලින් ච්‍යූතව කර්‍මානුරූපව නැවත ඒ ඒ භව වල උපදනා සත්ත්වයන් දක්නා දිව්‍යංචක්ෂූරභිඥානය,

03. දුඃඛ සමුදය නිරෝධ මාර්ග යන චතුරාර්‍ය්‍ය සත්‍යයන් තත් වූ පරිදි දැන කාමාදි ආශ්‍රවයන් ක්‍ෂය කර නිවන් රසය මතු කර දෙන අර්හන්මාර්ගඥානය,

යන මේ ඥාන තුන ය. දශබලකථාවෙහි අටවන නවවන දශවන තථාගතබල වශයෙන් දැක්වෙන්නේ ද මේ විද්‍යා තුන ය. මේ විද්‍යා තුන ඇතැම් සුත්‍රයක තථාගතයන් වහන්සේ විසින් ලැබු අයුරු දක්වා තිබේ. ඇතැම් සුත්‍රයක ශ්‍රාවකයන් විසින් ලබා ගන්නා අයුරු දක්වා තිබේ. “අයං ඛො මෙ බ්‍රාහ්මණ, රත්තියා පඨමෙ යාමෙ පඨමා විජ්ජා අධිගතා. අයං ඛො මෙ බ්‍රාහ්මණ, රත්තියා මජ්ක්‍ධිමෙ යාමෙ දුතියා විජ්ජා අධිගතා. අයං ඛො මෙ බ්‍රාහ්මණ, රත්තියා පව්ජිමෙ යාමේ තතිය විජ්ජා අධිගතා” යනාදීන් භයභෙරව සුත්‍රාදියෙහි “බ්‍රාහ්මණය, මා විසින් රාත්‍රියේ ප්‍රථම යාමයේ දී මේ ප්‍රථම විද්‍යාව ලබන ලද්දේ ය. මධ්‍යම යාමයේ ද්විතීය විද්‍යාව ලබන ලද්දේය. පශ්චිම යාමයේ තෘතිය විද්‍යාව ලබන ලද්දේ ය’ යි තමන් වහන්සේගේ විද්‍යා සම්පත්තිය වදාරා තිබේ.

එක් කලෙක තථාගතයන් වහන්සේ වේශාලි නගරය සමීපයේ මහ වනයෙහි කූටාගාර ශාලාවෙහි වැඩ වෙසෙන සේක්, ඒකපුණ්ඩරික නම් පිරිවැජි අසපුවට වැඩම කළ සේක. එහි වෙසෙන වච්ඡ නම් පිරිවැජි තෙමේ තථාගතයන් වහන්සේ පිළිගෙන වඩා හිඳුවා “පින්වත් ගෞතමයන් වහන්ස, ශ්‍රමණ ගෞතමයෝ සර්වඥයෝ ය, සියල්ල දන්නෝ ය. ඇවිදින සිටින නිදන සැම විට ම සියල්ල ම පෙනෙන ඥාන දර්ශනයක් උන්වහන්සේට ඇත යයි කියනු මා විසින් අසා ඇත්තේ ය. ගෞතමයන් වහන්ස, ඔවුහු නුඹ වහන්සේ විසින් වදාරන ලද්දක් කියත් ද? නැත හොත් නුඹ වහන්සේට අවමන් කරනු සඳහා එසේ කියත් දැ’යි විචාළේ ය. “වචිඡය, ඔවුහු මා විසින් කියන ලද්දක් කියන්නෝ නො වෙති, ඔවුහු අභූතයෙන් මට නිග්‍රහ කරන්නෝ ය’යි තථාගතයන් වහන්සේ වදාළහ.

“පින්වත් ගෞතමයන් වහන්ස, කෙසේ කියන්නෝ නුඹ වහන්සේ විසින් කියන ලද පරිදි කියන්නෝ දැ’යි වච්ඡ විචාලේ ය. වච්ඡය ශ්‍රමණ ගෞතමයෝ ත්‍රිවිද්‍යා ඇත්තෝ ය යි කියන්නෝ මා විසින් කියන ලද්දක් කියන්නෝ ය. මාහට අභූතයෙන් නින්දා නො කරන්නෝ ය’යි වදාරා තථාගතයන් වහන්සේට ඇති ත්‍රිවිද්‍යා ද වදාළ සේක.

(ම.නි. තෙවිජ්ජවච්ඡගොත්ත සුත්ත)

ශ්‍රාමාණ්‍යඵලසූත්‍රාදි බොහෝ සූත්‍ර ධර්මවල ශ්‍රාවකයන් විසින් ත්‍රිවිද්‍යාව සම්පාදනය කරන අයුරු වදාරා තිබේ. ඒ සුත්‍ර අනුව මේ ත්‍රිවිද්‍යාව ශ්‍රාවකයන් ද ඇති ගුණයක් බව කිය යුතුය.

?මෙහිදී අෂ්ඨ විද්‍යාද දත යුතුය…

අම්බට්ටක සුත්‍රයේ අෂ්ඨවිද්‍යාවක් වදාරා තිබේ. එය අන් සූත්‍රයක නොදක්නා ලදී. ඒ කරුණු අට ශ්‍රාමාණ්‍යඵලසූත්‍රයෙහි ශ්‍රාමණ්‍යඵල වශයෙන් (පැවිද්දෙහි ප්‍රයෝජන වශයෙන්) වදාරා ඇත.

විදර්ශනාඥානය

මනෝමයඍඬිඥානය

ඍඬිවිධඥානය

දිව්‍යශ්‍රෝත්‍රඥානය

පරචිත්තවිජානනඥානය

පූර්වේනිවාසානුස්මෘතිඥාව

දිව්‍යංචක්ෂුරහිඥානය

ආශ්‍රවක්ෂයකරඥානය

මේ ඒ අෂ්ටවිද්‍යාවය.

මේ විද්‍යා අට දේශනය කර තිබෙන්නේ සාමාන්‍ය ජනයා අනුව නොව, අෂ්ටසමාපත්තිලාභීන්ගේ වශයෙනි. විදර්ශනාඥානය යනු නාමරූප ධර්මයන් හා ඒවායේ අනිත්‍යාදි ලක්ෂණ දක්නා ඥානය ය. මෙහි ප්‍රථම විද්‍යාව වශයෙන් අදහස් කරන විදර්ශනා ඥානය සාමාන්‍ය පුද්ගලයන් විසින් උගෙනීමෙන් හා තරමක් භාවනාවෙහි යෙදීමෙන් ලබා ඇති දුබල විදර්ශනාඥානයක් නො ව, මඟපල ලබා දීමට සමත් උසස් විදර්ශාඥානය ය. අෂ්ටසමාපත්තීන් උපදවා ඒවා තුදුස් ආකාරයෙන් පුරුදු කොට වශීභාවය ලබාගත් යෝගාවචරයාගේ සිට සිත චතුර්‍ථධ්‍යාන සමාධියෙන් සමාහිතව සියලූ උපක්ලේශවලින් මිදි පිරිසිදු වූ කල්හි, මනාකොට භාවිතා කිරීම නිසා මෘදු වූ කල්හි, කර්මණ්‍ය වූ කල්හි, නිශ්චලව සිටි කල්හි යෝගාවචර තෙමේ ඥාන දර්ශන ප්‍රතිලාභය සඳහා ඒ සිත මෙහෙයවයි. ඔහුගේ ඒ ශුද්ධ වූ සිතින් තමාගේ ආත්මභාවය බලන්නට එහි තතු විමසන්නට වන් කල්හි රූප කය විනිවිද පෙනෙන්නට වෙයි. එහි රූප වෙන් වී පෙනෙයි. ඒවා ඉපද ඉපද බිඳී බිඳී යන සැටි පෙනෙයි. මැනවින් ඔප කොට මැද සිදුරු කොට හුයකින් අමුණා අති මාණික්‍යයක් අත්ලෙහි තබා බලන්නකුට එය තුළ ඇති හුය මැනවින් පෙනෙන්නාක් මෙන් ඔහුට රූප කය තුළ පවත්නා වූ ඔහුගේ සිත ද මැනවින් පෙනෙන්නට වෙයි. සිත ඉපද ඉපද බිඳී බිඳී යන සැටි පෙනෙන්නට වෙයි. සිත හා බැඳී උපදනා වූ ස්පර්ශ වේදනාදි වෛතසික ධර්ම ද පෙනෙන්නට වෙයි. මේ විද්‍යා කථාවෙහි විදර්ශනා ඥානය යි කියනු ලබන විද්‍යාව එසේ නාමරූපයන් ඇසට පෙනෙන්නාක් මෙන් පිරිසිදු ලෙස පෙනෙන ඥානය යි.

අෂ්ඨසමාපත්ති විෂයෙහි වශීභාවය ඇති කර ගෙන සිත සකස්කර ගත් යෝගාවචරයා හට තමන්ගේ කය තුළ තමා හා සමාන වූ සර්වාංග පරිපූර්ණ කයක් නිර්මාණය කොට කොපුවක තුබු දෙයක් පිටතට ගන්නාක් මෙන් එය තමන්ගේ කයින් පිටතට හත හැකි ය. එසේ කරන්නා වූ චතුර්ථ ධ්‍යානචිත්ත සම්ප්‍රයුක්ත ඥානය මනෝමයඍඬි නම් වු ද්වීතීය විද්‍යාව ය.

සිත සකස් කර ගත්තා වූ යෝගවචරයා හට බොහෝ රූප නිර්මාණය කොට තමාට ම බොහෝ දෙනනුන් සේ පෙනී සිටිය හැකි ය. බොහෝ දෙනෙකුන්ව සිට එකකු ද විය හැකි ය. නො පෙනෙන තැන පෙනෙන සේ සිටිය හැකි ය. පෙනෙන් තැන නොපෙනෙන සේ සිටිය හැකි ය. ප්‍රාකාර භිත්ති – පර්වත ඇති තැන් වලින් කිසිවක් නැති තැනකින් යන්නාක් මෙන් ඒවායේ නො ගැටී යා හැකි ය. දියෙහි මෙන් පොළොවෙහි ගිළීම මතුවීම කළ හැකි ය. අහසෙහි පොළොවෙහි මෙන් ඉරියව් පැවැත්විය හැකිය. චන්ද්‍ර සුර්‍ය්‍යයන් අතගෑ හැකි ය, බ්‍රහ්මලෝකය දක්වා ලෝයෙහි තමාගේ ඊශ්වරත්වය පැවැත් විය හැකිය. ඒවා කිරිමට සමත් වන චතුර්ථධ්‍යාන සම්ප්‍රයුක්ත ප්‍රඥාව ඍඬිවිධාඥන නම් වූ තෘතිය විද්‍යාව ය.

විසුද්ධිමග්ගයේ ජඅනුස්සති නිද්දේසයට අනුව විජ්ජා යන්නෙන් ත්‍රිවිද්‍යා හා අෂ්ටවිද්‍යා ගණනය කෙරෙයි. මැදුම් සඟියේ භයභෙරව සූත්‍රාදියෙහි ත්‍රිවිද්‍යාවන් විස්තර වී ඇති අතර දික් සඟියේ අම්බට්ඨ සූත්‍රයෙහි අෂ්ටවිද්‍යාවන් විස්තර වී තිබේ. උක්ත අෂ්ටවිද්‍යාවන් පහත දැක්වේ.

1. විපස්සනා ඤාණය – නාම රූප ධර්මයන් හා ඒවායේ අනිත්‍යාදි ලක්‍ෂණ අවබෝධ කරගන්නා ඥානය

2. මනෝමය ඉද්ධි ඤාණය – මනෝමය කයක් නිර්මාණය කිරීමේ (තමන්ගේ කය තුළ තමා හා සමාන වූ සර්වාංග පරිපූර්ණ කයක් නිර්මාණය කොට එය තමාගේ කයින් පිටතට ගැනීමේ) හැකියාව ඇති ඤාණය

3. ඉද්ධිවිධ ඤාණය – විවිධ ඍද්ධි ප්‍රාතිහාර්ය දැක්වීමේ හැකියාව ඇති ඥානය

4. දිබ්බසෝත ඤාණය – පියවි කනට නො ඇසෙන සියුම් වූ ඉතා දුර ඇති ශබ්ද ඇසීමේ ඥානය

5. පරචිත්තවිජානන/චෙතෝපරිය ඤාණය – අනුන්ගේ සිත්වල ස්වභාවය හඳුනාගන්නා ඥානය

6. පුබ්බේනිවාසානුස්සති ඤාණය – තමන්ගේ ද සෙස්සන්ගේද පෙර ඉපිද සිටි ජාතීන්ගේ පිළිවෙළ නාම ගෝත්‍ර වශයෙන් දක්නා ඥානය

7. දිබ්බචක්ඛු/ චුතූපපාත ඤාණය – කර්මානුරූපීව උපදින මැරෙන සත්වයන්ගේ ස්වරූපය දක්නා ඥානය

8. ආසවක්ඛය ඤාණය – චතුස්සත්‍යය තත් වූ පරිදි දැන කාම ආදි ආස්‍රවයන් ක්‍ෂය කිරීමෙන් ලැබෙන ඤාණය

සම්මා සම්බුදුරජාණන් වහන්සේ මෙම විද්‍යා අටෙන් යුක්ත බැවින් උන්වහන්සේ විජ්ජා සම්පන්න නම් වේ.

?පසලොස් චරණධර්‍ම?
මම සම්බුදු ගුණයෙහි දෙවැනි ලක්‍ෂණය චරණයයි. එය බුද්ධ ගුණයක් සේ දැක්වෙන නමුත් බුදුවරුන්ගේ චරණ ධර්ම විවරණය වී ඇති සූත්‍රයක් ත්‍රිපිටකයේ ඇතුළත් වී නැත. ශ්‍රාවකයන් අරමුණු කොට පැහැදිලි කළ චරණ ධර්ම නවයක් දීඝ නිකායේ අම්බට්ඨ සූත්‍රයෙහි ඇතුළත් වේ. මජ්ඣිම නිකායේ සේඛ සූත්‍රයෙහි එබඳු ධර්ම පසළොසක් විස්තර වේ. විජ්ජාචරණ සම්පන්න සම්බුදු ගුණය විස්තර කරන විසුද්ධිමග්ගය චරණ ධර්ම සේ දක්වා ඇත්තේ උක්ත සේඛ සූත්‍රයෙහි සඳහන් චරණ ධර්ම පසළොසයි.

1. ප්‍රාතිමෝක්‍ෂ සංවර ශීලය
2. ඉන්ද්‍රිය සංවරය
3. ආහාරයෙහි පමණ දැනීම
4. ජාගරියානුයෝගය
5. ශ්‍රද්ධාව
6. හිරිය
7. ඔත්තප්පය
8. බහුශ්‍රැත භාවය
9. වීර්යය
10. සිහිය
11. ප්‍රඥාව
12. ප්‍රථම ධ්‍යානය
13. ද්විතීය ධ්‍යානය
14. තෘතීය ධ්‍යානය
15. චතුර්ථ ධ්‍යානය

චරණය උසස් බුද්ධගුණයක් වුව ද ලොවුතුරා බුදු වරුන්ගේ චරණ මේය යි දක්වා ඇති සුත්‍රයක් දක්නට නැත. බොහෝ සුත්‍රවල ශ්‍රාවකයන්ගේ වශයෙන් චරණධර්ම දේශනය කර තිබෙනු දක්නා ලැබේ. එහෙත් ඒ ධර්ම චරණ යන නාමයෙන් දක්නා ලැබෙන්නේ මජ්ඣිමනිකායේ මජ්ඣිමපණ්ණාසකයේ සේඛසූත්‍රයෙහි හා දීඝනිකායේ අම්බට්ඨසුත්‍රයෙහිත් ය. සේඛසූත්‍රයෙහි චරණ නාමයෙන් ධර්ම පසළොසක් දක්වා තිබේ. අම්බට්ඨසුත්‍රයෙහි චරණ නාමයෙන් ධර්ම නමයක් දක්වා තිබේ.

ශාක්‍ය රට කපිලවස්තූ පුරයේ ශාක්‍යයෝ රැස්වීම් ශාලාවක් කරවා එය පළමුවෙන් ම බුදුරජාණන් වහන්සේ ලවා පරිභෝග කරවන රිසියෙන් එහි වැඩම කොට එය පරිභෝග කරන ලෙස බුදුරදුන්ට ආරාධනා කළෝය. තථාගතයන් වහන්සේ ඔවුන්ගේ ආරාධනාව පිළිගෙන මැනවින් සරසා තිබූ ඒ ශාලාවට භික්ෂුසංඝයා සමඟ වැඩම කොට එහි මැද කණුව සමීපයේ නැගෙනහිර දෙසට මුහුණ ලා වැඩහුන් සේක. භික්ෂුසංඝයා වහන්සේ ද පා සෝදා ශාලාවට ඇතුළුව පසු පස බිත්තිය අයින දිගට නැගෙනහිරට මුහුණ ලා තථාගතයන් වහන්සේ පෙරටුකොට වැඩහුන්හ. කපිලවස්තුපුරයේ ශාක්‍යයෝ ශාලාවට පිවිස නැගෙනහිර බිත්තියට පිට ලා භාග්‍යවතුන් වහන්සේ පෙරටුකොට හුන්හ. භාග්‍යවතුන් වහන්සේ බොහෝ රෑ වන තෙක් ඔවුනට දහම් දෙසා සතුටු කරවා ආනන්ද ස්ථවිරයන් වහන්සේ අමතා ‘ආනන්දය මාගේ පිට රිදෙන්නේය. මම මඳක් විවේක ගන්නෙමි, එතෙක් මේ ශාක්‍යයනට සේඛපටිපදාව දේශනා කරන්නය’යි වදාරා උන්වහන්සේ පනවන ලද ශයනය මත මඳක් ශයනය කළ සේක.

පෘථග්ජන ද නොවු අර්හත්ඵලයට ද පැමිණ නැති ඒ අතර සිටින පුද්ගලයෝ සේඛ නම් වෙති. ඔවුන් විසින් මතු මතු මාර්ගඵලවලට පැමිණීම සඳහා පිරිය යුතු ප්‍රතිපත්තික්‍රමය සේඛපටිපදා නමි. තථාගතයන් වහන්සේ ඒ මංගල දිනයේ සේඛපටිපදාව දේශනය කරන්නට නියම කළේ මේ බුදු සසුනෙහි එය මංගල ධර්මයක් නිසාත්, ඒ පිරිසෙහි ශෛක්ෂයන් සිටි නිසාත් ය. ආනන්දස්ථවිරයන් වහන්සේ ඒ පිරිසෙහි ප්‍රමුඛයා වන මහානාම ශාක්‍යයා අමතා චරණධර්ම පසළොසත් ත්‍රිවිද්‍යාවත් දේශනය කළහ. දේශනයෙන් පසු තථාගතයන් වහන්සෙ නැගිට “සාධු සාධු ආනන්ද, සාධු ඛො ත්වං ආනන්ද කාපිලවත්ථවානං සාක්‍යානං සෙඛපටිපදං අභාසි” යනු වදාරා ආනන්දස්ථවිරයන් වහන්සේට සාධුකාර දී දේශනය අනුමත කළ සේක. එයින් ආනන්දස්ථවිරයන් වහන්සේගේ දේශනය බුද්ධභාෂිතයට සමාන විය. බුද්ධභාෂිතයට ඇතුළු විය.

“යම්පි මහානාම අරියසාවකො සීලසම්පන්නො හොති, ඉදම්පිස්ස හොති චරණස්මිං, යම්පි මහානාම අරියසාවකො ඉන්ද්‍රියයෙසු ගුත්තද්වාරො හොති ඉඳම්පිස්ස හොති චරණස්මිං, යම්පි මහානාම අරියසාවකො ජාගරියං අනුයුත්තො හොති ඉදම්පිස්ස හොති චරණස්මිං, යම්පි මහානාම අරියසාවකො සත්තහි සද්ධම්මෙහි සමන්නාගතො හොති ඉදම්පිස්ස හොති චරණස්මිං, යම්පි මහානාම අරියසාවකො චතුන්නං ඣානානං අභිචෙතසිකානං දිට්ඨධම්මසුඛවිහාරනං නිකාමලාභී හොති අකිච්ඡලාභී අකසිරලාභී ඉඳම්පිස්ස හොති චරණස්මිං”

(සෙඛසුත්ත ම.නි.)

මේ පාඨයෙන් චරණ නාමයෙන් ධර්ම පසළොසක් දක්වා තිබේ. ඒ ධර්මයෝ නම්:

ප්‍රාතිමෝක්ෂ සංවර ශීලය,

ඉන්ද්‍රිය සංවරය.

භෝජනයෙහි මාත්‍රඥතාව,

ජාගරියානුයෝගය,

ශ්‍රද්ධාව,

හිරිය,

ඔත්තප්පය,

බහුශ්‍රැතභාවය,

වීර්යය,

ස්මෘතිය,

ප්‍රඥාව,

ප්‍රථමධ්‍යානය,

ද්විතීයධ්‍යානය,

තෘතීයධ්‍යානය,

චතූර්ධ්‍යානය,

යන මොහුය.

මේ චරණ ධර්ම පසළොස දේශනය කර තිබෙන්නේ වර්තමාන භවයේදි ම හෝ නොහැකි වුව හොත් දෙවන තුන්වන භවයකදී හෝ මඟඵල ලබා නිවන් දක්නා බලාපොරොත්තුවෙන් වීර්ය කරන කල්‍යාණ පාථග්ජන පැවිද්දන්ගේ හා ශෛක්ෂපුද්ගලයන්ගේ වශයෙනි. මේ දේශනය කරන ලද්දේ ගිහි පිරිසකටය. ඒ අනුව මේ ප්‍රතිපත්ති ක්‍රමය ගිහියන්ට ද සාධාරණ බව කිය යුතුය. ගිහියන් විසින් මේ ප්‍රතිපත්ති ගිහි ජිවිතයට සුදුසු සේ පැවැත්විය හැකිය. තථාගතයන් වහන්සේ බුද්ධත්වයට පැමිණීයේ ද මේ ප්‍රතිපත්තිමාර්ගයෙන් ම ය. උන්වහන්සේ කෙරෙහි මේ ධර්මය උසස් ලෙස ඇත්තේය. එබැවින් භාග්‍යවතුන් වහන්සේ චරණ සම්පන්න වන සේක.

චරණධර්මයන්ගෙන් පළමුවැන්න ප්‍රාතිමෝක්ෂ සංවර ශීලය ය. ලොවුතුරා බුදුවරුන්ගේ ශීලය වශයෙන් කිය යුත්තේ බ්‍රහ්මජාල සූත්‍රයෙහි චූලසීල – මජ්ඣිමසීල – මහාසීල යන නම් වලින් දක්වා ඇති ශීලය ය. තථාගතයන් වහන්සේගේ ඒ ශීලය කිලිටි වන්නේ හෝ බිඳෙන්නේ හෝ නොවේ. උන්වහන්සේ හැම කල්හි සූපරිශුද්ධ ශීලයෙන් යුක්ත වන සේක. ඒ ශීල තුනම ශ්‍රාමාණ්‍යඵල සූත්‍රාදියෙහි ශ්‍රාවකයන්ගේ ශීලය වශයෙන් ද වදාරා තිබේ. විනය සිකපද පනවන්නට කලින් ශ්‍රාවකන්ට තිබූ ශීලය එය ය. විනය සිකපද පැනවීමෙන් ඒ ශීලය වඩාත් පුළුල් කර තිබේ. ඇතැම් තැන් විනයෙහිදී ලිහිල් ව ඇති බව ද කිය යුතුය. විනය ක්‍රමයෙන් කියත හොත් සප්තාපත්තිස්කන්ධයන් නො ඉක්වීම ප්‍රාතිමෝක්ෂ සංවර ශීලය යි කිය යුතුය. ශීලය සම්පූර්ණ කරන තැනැත්තා විසින් ආචාරගෝචර සම්පන්න ද විය යුතුය. ගෘහස්ථ ශ්‍රාවකයන් විසින් ආජිවාෂ්ටමකශීල පඤ්චශීල අෂ්ටාංගශීල දශශීලයන්හි පිහිටීමෙන් චරණ සම්පත්තිය ඇති කර ගත යුතුය.

ඉන්ද්‍රීයසංවරය දෙවන චරණය ය. චක්ඛුන්ද්‍රිය- සෝතින්ද්‍රිය – ඝාණින්ද්‍රිය – ජිව්හින්ද්‍රිය- කායින්ද්‍රිය – මනින්ද්‍රිය කියා ඉන්ද්‍රිය සයක් ඇත්තේය. ඒවා රූප, ශබ්ද, ගන්ධ, රස, ස්ප්‍රෂ්ටව්‍ය ධර්ම යන අරමුණු චිත්තසන්තානයට ඇතුළු වන ද්වාරයෝ ය. සත්ත්වයන් විසින් පිටත ඇති රූපාදි ආරම්මණයක් සිතට ගන්නා ද්වාරයෝය. ඇස ඇති නම්, රූප ඇති නම්, ඇසට රූපයන් පැමිණීම, චක්ෂුරියන්ද්‍රීය නමැති දොරටුවෙන් චිත්තසන්තානයට රූපයක් ඇතුළු වීම නො වැළැක්විය හැකි කරුණකි. ශ්‍රෝතාදි ඉන්ද්‍රීයයන් ගැනද එසේම කිය යුතුය. සම්මා සතිය යි කියන යහපත් සිහියෙන් තොර ව වාසය කරන්නාගේ සිතට ඇස නමැති දොරටුවෙන් රූපයන් පිවිසි කල්හි ඒ රූපය හොඳ එකක් වී නම් මේ දෙය, මේ පුද්ගලයා ලස්සන ය, හොඳ ය කියා තණ්හාව ඇති වේ. රාගය ඇති වේ. සිතට පිවිසි රූපය නොමනා නම් මේ දෙය මේ පුද්ගලයා කැතය නරක කියා ඒ රූපය ගැන ද්වේශය ඇති වේ. දුටු රූපය ලස්සනය හොඳය කියා තණ්හාව ඇති වු තැනැත්තාට ඒ තණ්හාව නිසා අකුසල චිත්ත පරම්පරාවක් ඇති වේ. සමහර විට අකුසල ක්‍රියා පරම්පරාවක් ද ඇති වේ. දුටු දෙය දුටු පුද්ගලයා, කැතය, නරකය කියා ද්වේශය ඇති වු තැනැත්තාට ද ඒ ද්වේශය නිසා අකුසල චිත්ත පරම්පරාවක් ඇති වේ. සමහර විට අකුසල ක්‍රියා පරම්පරාවක් ඇති වේ. ශ්‍රෝත්‍රාදි ද්වාර ගැනද එසේ ම කිය යුතුය. පුද්ගලයා සිහියෙන් යුක්ත වුවහොත් සිතට පිවිසෙන අරමුණ සම්බන්ධයෙන් අකුසල චිත්ත පරම්පරාවක් ඇති නොවේ. ෂට්ද්වාරයෙන් ගැනෙන අරමුණු සම්බන්ධයෙන් අභිද්‍යාව්‍යාපාදාදි අකුසලයන් ඇති නොවන සැටියට පරෙස්සම් වීම ඉන්ද්‍රිය සංවරය ය. අකුසලයන් ඇති නො වන ලෙස ඉන්ද්‍රියයන් වසන පියන, සිහියය. ඉන්ද්‍රිය සංවරය නැතියවුන්ට නිතරම අකුසලධර්ම ඇති වන බැවින් පෘථග්ජන භාවයෙන් නො නැඟිය හැකිය. නිවනට ළං විය නො හැකිය. තථාගතයන් වහන්සේට උසස් සිහියක් ඇත්තේය. උන්වහන්සේ සෑම කල්හි සිහියෙන් යුක්ත වන්නාහ. එහෙයින් –

‘තථාගතස්ස බුඞස්ස – සබ්බභූතානුකම්පිනො,

තස්සච්චයා න විජ්ජන්ති – තස්ස නත්ථි අපාගතං,

සො න සම්මොහමාපාදි – සොධ ධීරො සදා සතො’

(සංයුක්ත නිකාය 13)

යනු වදාරන ලදී. ‘සකල සත්ත්වයනට අනුකම්පා කරන්නා වූ ඒ තථාගතයන් වහන්සේගේ ධර්මය ඉක්මවා හැසීරීමක් නැත, අපරාධයක් නැත, ඒ භාග්‍යවතුන් වහන්සේ මුළා නොවන්නාහ. සෑම කල්හි සිහියෙන් යුක්ත වන්නාහ’ යනු එහි තේරුමය.

භෝජනයෙහි මාත්‍රඥතාව යනු නුවණින් කරුණු සළකා ආහාර ගැනීම හා පමණ නොඉක්මවා ආහාර ගැනීමය. ගම්දරුවෝ සාගින්න නැතද ආහාරයක් ලද හොත් විනෝදය පිණිස වළඳති. ඇතැම්හු ඥාතිමිත්‍රයන් හමු වූ විට ඔවුන් හා එක්ව විනෝදය පිණිස ආහාර ගනිති. මඟපල ලැබිමට පිළිවෙත් පුරන නිවන් සොයන සත්පුරුෂයා විසින් විනෝදය පිණිස ආහාර ගැනීම නොකළ යුතුය. ඇතැම්හු මල්ලවාදීන් මෙන් කාය බලය වැඩි කරගනු පිණිස ආහාර වළඳති. එසේ කායබල වඩනු පිණිස මඳ වඩනු පිණිස ආහාර නොවැළඳිය යුතුය. ඇතැම්හු ශරීරයේ අංගප්‍රත්‍යංගයන් තර කර ගැනීම සඳහා, ලේ මස් වැඩි කර ගැනීම සඳහා සුදුසු ආහාර සොයා වළඳති, එසේ ද අහර නො වැළඳිය යුතුය. ඇතැම්හු ශරීරයේ පැහැය හොඳ කර ගැනීම පිණිස වැඩි කර ගැනීම පිණිස සුදුසු අහර සොයා වළඳති. එසේ ද ආහාර නො වැළඳිය යුතුය. ආහාරයේ ප්‍රයෝජනය සලකා ආහාර ගැනිම කළ යුතුය. මේ කය පවතිනු පිණිස ආහාර ගත යුතුය. දිවි නොනැසෙන පිණිස ආහාර ගත යුතුය. පිඩා දුරු කර ගනු පිණිස ආහාර වැළඳිය යුතුය. ත්‍රිශික්ෂා සංඛ්‍යාත ශාසන ප්‍රතිපත්තිය පිරිය හැකි වීම පිණිස ආහාර වැළඳිය යුතුය. උපන් සාගිනි නැති කර ගැනීම පිණිස හා සාගින්න ඇති නොවීම පිණිස ආහාර ගත යුතුය. ශරීරය හා ජීවිතය චිරකාලයක් පවතිනු පිණිස අහර වැළඳිය යුතුය.

ලෝකයේ කෙරෙන පව්කම්වලින් වැඩිහරියක් කෙරෙන්නේ ආහාර නිසාය. ආහාරය නිසා රාගාදි ක්ලේශයෝ ද වැඩෙති. කියන ලද පිරිදි නුවණින් කරුණු සලකා අහර වලඳන්නහු අතින් ආහාර සෙවිම් ආදිය සම්බන්ධයෙන් සෙස්සන් කරන නොයෙක් පව්කම් නොකරෙන්නේය. රාගාදි කෙලෙස් නො වැඩෙන්නේය. ඔහු නිවැරදි ලෙස අහර වළඳන්නෙක් වන්නේ ය. දැහැමින් ලද ආහාරය වුවද නුවණින් තොරව තණ්හාවෙන් වළඳන්නහුට පමණට වඩා අහර ගැනීමෙන් වන්නා වූද, අපථ්‍යාහාර ගැනීමෙන් වන්නා වු ද, නොයෙක් රෝගයෝ හටගනිත්, නුවණින් අහර වළඳන්නහුට රෝගයන්ගෙන් තොරව සුවසේ ජිවත් විය හැකි වන්නේය. සුවසේ ත්‍රිශික්ෂා පරිපූරණය කළ හැකි වන්නේ ය. එබැවින් භෝජනයෙහි මාත්‍රාඥතාව චරණ ධර්මයක් වේ. පැවිද්දන් විසින් විශේෂයෙන් භෝජනයෙහි මාත්‍රාඥ විය යුතු ය. ගිහියන්ට ද එසේ වීම සුදුසු ය. ආහාර තණ්හාව ඇතුළු සකළ තාෂ්ණාවෙන් ම සහමුලින් නසා සිටින තථාගතයන් වහන්සේ මේ ගුණයෙන් අනූන බව අමුතුවෙන් කිය යුත්තක් නොවේ.

ජාගරියානුයෝග යනු නොනිදා සිටීමෙහි යෙදීමය. තිරිසන් සත්ත්වයෝ ද නොයෙක් විට අවදිව සිටිති. මෙහි ජාගරියානුයෝග යනුවෙන් අදහස් කරන්නේ අවදිව සිටීම් මාත්‍රය නොව, නො නිදා කාමච්ඡන්දාදි නීවරණයන්ගෙන් සිත පිරිසිදු කිරීම ය. එනම්, ශමථ විදර්ශනා භාවනාවන්හි යෙදීම ය. උපන් නීවරණයට සිතෙහි පවත්නට නොදී එය වහා සිතින් බැහැර කීරීමය. ජාගරියානුයෝගය පුරන ආර්‍ය්‍යශ්‍රාවකයෝ ද කල්‍යාණ පෘථග්ජනයෝ ද හිඳීම සක්මන යන ඉරියව් දෙකින් භාවනාවෙහි යෙදෙමින් සිත පිරිසිදු කරමින් දවල් කාලය ගත කරති. රාත්‍රියේ ප්‍රථම යාමයත් එසේ ම ගත කරති. රාත්‍රියේ මධ්‍යම යාමයේ දකුණු ඇලයට හැරී එක් පයක් මත අනික් පය මඳක් ඉඳිරියට කොට තබා සිහියෙන් යුක්තව වෙලාවට අවඳිවීමේ සංඥාව ඇති ව සිංහශෙය්‍යාවෙන් සයනය කෙරෙති. පශ්චිම යාමයෙහි අවදිව සිත පිරිසිදු කෙරෙති. එසේ පිළිපැඳීම ජාගරියානුයෝග නම් වේ. මහාබෝධිසත්ත්වයන් වහන්සේ ජාගරියානුයෝගයෙන් ලොව්තුරා බුදුබවට පැමිණියහ. බෝධී මූලයේදී අර්හත් මාර්ග ඥාණයෙන් ක්ලේශයන් නසා මතු කිසිකළෙක කිලිටි නොවන පරිදි සිත පිරිසිදු කරගත් භාග්‍යවතුන් වහන්සේට සිත පිරිසිදු කිරීමට ය කියා කළ යුත්තක් නැත. එහෙත් උන්වහන්සේ තමන් වහන්සේට ඉදිරියට කළ යුත්තක් නැත කියා නිකම්ම කල් නො ගෙවන සේක. උන්වහන්සේ බුදුවීමෙන් පසු ද සෙස්සන්ට වඩා අවදිව සිටින සේක. ඒ බව දැන ගැනීමට තථාගත දිනචර්‍ය්‍යාව දක්වනු ලැබේ. ඒ මෙසේය:-

භාග්‍යවතුන් වහන්සේ අලූයම නැඟිට ශරීරයට පහසුව පිණිසත් උපස්ථායකයනට අනුග්‍රහ පිණිසත් මුඛාධෝවනාදි ශරීර පරිකර්මයන් කොට පිඬු පිණිස වඩනා කාලය පැමිණෙන තුරු විවේකාසනයෙක්හි වැඩ සිටි කාලය පැමිණි කල්හි අඳනය හැඳ පටිය බැඳ සඟළසිවුර පොරවා පාත්‍රය ගෙන ඇතැම් දිනක හුදකලාව ද ඇතැම් දිනක භික්ෂුසංඝයා පිරිවරා ගෙනද, නගරයට හෝ ගමකට පිඬු පිණිස පිවිසෙති. ඇතැම් දිනක සාමාන්‍ය පිණ්ඩපාතික භික්ෂුවක් මෙන් ද ඇතැම් දිනක මහත් වූ ප්‍රාතිහාර්‍ය්‍යයෙන් ද පිඬු පිණිස වඩිති. ප්‍රාතිහාර්‍ය්‍යයෙන් වඩනා කල්හි හමා යන සුළඟින් උන් වහන්සේ වඩනා මඟ පිරිසිදු වෙයි. වළාකුළු වැසි පොද හෙළා මඟ දූවිලි නැති කෙරෙයි. අහසෙහි වියනක් සේ සැඳි රැස් අවරණය කෙරෙයි. තවත් වාතයෝ මඟ මල් විසුරවති. උස්තැන් මිටිව මිටිතැන් උස්ව පොළොව සමතලා වෙයි. ලෝක නාථයන් වහන්සේ පා තබන තන්හි පොළොව මොළොක් ව සුවපහස් දෙන්නේ වෙයි. පියුම් හෝ පැන නැගී පා පිළිගනී. තථාගතයන් වහන්සේ ගමට පා තබනු සමඟ ම උන් වහන්සේගේ ශරීරයෙන් සවණක් බුදුරැස් විහිද රන්රස වගුරවන්නාක් මෙන් නානාවර්ණ වස්ත්‍රයෙන් වසන්නාක් මෙන් ගෙවල් ආදිය අලංකාර කෙරෙමින් ඔබ මොබ යන්නට පටන් ගනී. හස්තී අශ්වාදිහු හඬ නඟති. බෙර වීණා ආදියෙන් ඉබේ ම හඬ නඟින්නට පටන් ගනී. මිනිසුන් පෙළෙන අබරණවලින් හඬ නික්මෙන්නට වේ. ඒ ලකුණු වලින් තථාගතයන් වහන්සේ වඩනා බව මිනිස්සු දැන ගනිති. ඔවුහු මැනවින් හැඳ පැළඳ සුවඳ මල් ආදිය ගෙන විදිවලට බසිති. ඔවුහු භාග්‍යවතුන් වහන්සේට සුවඳින් මලින් පුදා වැඳ අපට දසනමෙක, අපට විසිනමෙක යනාදීන් කියා තථාගතයන් වහන්සේගෙන් භික්ෂුන් ලබාගෙන භාග්‍යවතුන් වහන්සේගේ ද පාත්‍රය ගෙන තම තමන්ගේ නිවෙස්වල අසුන් පනවා වඩා හිඳුවා භික්ෂු සංඝයා සහිත තථාගතයන් වහන්සේට මැනවින් සත්කාර කෙරෙති. භාග්‍යවතුන් වහන්සේ වළදා අවසානයේ ඔවුන්ගේ සන්තාන බලා ඔවුනට සුදුසු පරිදි දහම් දෙසන්නාහ. දහම් අසා ඇතමෙක් සරණාගමනයෙහි පිහිටති. ඇතමෙක් පඤ්චශීලයෙහි පිහිටති. ඇතමෙක් සෝවාන් ඵලයෙහි ද ඇතමෙක් සකෘදාගාමි අනාගාමි ඵලවල ද පිහිටති. ඇතමෙක් පැවිදි ව අර්හත්ඵලයෙහි පිහිටති. මෙසේ ජනයාට අනුග්‍රහ කොට වෙහෙරට වැඩම කොට භික්ෂූන් වළදා අවසන් වන තුරු තථාගතයන් වහන්සේ මණ්ඩල මාලයේ පනවන ලද බුද්ධාසනයෙහි වැඩ හිඳින්නාහ. භික්ෂුන් වහන්සේ වළදා අවසන් බව උපස්ථාකයා විසින් බුදුරදුන්ට සැල කළ කල්හි උන්වහන්සේ ගඳකිළිය අබියස පනවන ලද අසුනෙහි වැඩහිඳ පා සෝදා ගඳකිළියේ පඩිය මත සිට

‘භික්ඛවෙ අප්පමාදෙන සම්පාදෙථ, දුල්ලභො බුඬුප්පාදො ලොකස්මිං, දුල්ලභො මනුස්සත්තපටිලාභො, දුල්ලභා ඛණසම්පත්ති, දුල්ලභා පබ්බජ්ජා, දුල්ලභං සද්ධම්ම සවණං’

යනුවෙන් ‘මහණෙනි, අප්‍රමාදයෙන් මහණදම් පුරව්, බුඬෝත්පාදය දුර්ලභ ය. මනුෂ්‍යත්වය දුර්ලභ ය. ක්ෂණ සම්පත්තිය දුර්ලභ ය. පැවිද්ද දුර්ලභ ය. සද්ධර්ම ශ්‍රවණය දුර්ලභ ය’යි භික්ෂුන්ට අවවාද කෙරෙති. එහිදී ඇතැම් භික්ෂුහු කමටහන් අසති, භාග්‍යවතුන් වහන්සේ ඔවුන්ගේ චර්‍ය්‍යානුකූලව කමටහන් දෙති. ඉක්බිති සැමදෙනා වහන්සේ භාග්‍යවතුන් වහන්සේ වැඳ තම තමන්ගේ තැන්වලට යෙති. ඇතමෙක් අරණ්‍ය වෘක්ෂ මූලාදියට යෙති. ඇතැම් සෘද්ධිමත් භික්ෂුහු දිව්‍ය ලෝකවලට ද යෙති. තථාගතයන් වහන්සේ ගඳකිළියට පිවිස මඳක් සැතපී විඩා සන්සිදුවා නැඟිට දෙවනවර ලෝකය බලන්නාහ. තුන්වන වරට සවස් කාලයේ තථාගතයන් වහන්සේ වෙත දහම් ඇසීමට පැමිණෙන්නවුන් බලන්නාහ. ඔවුන් පැමිණි කල්හි තථාගතයන් වහන්සේ දම්සභාමණ්ඩපයට වැඩ වදාරා ඔවුනට සුදුසු පරිදි බණ වදාරා සුදුසු කල්හි ඔවුන් යවන්නාහ.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ධර්මාසනයෙන් නැඟී ජලස්නානය කරනු කැමති සේක් නම්, ස්නානය කරන තැනට වැඩම කොට ස්නානය කරන්නාහ. උපස්ථායකයා බුද්ධාසනය ගඳකිලි මිදුලෙහි පනවන්නේය. භාග්‍යවතුන් වහන්සේ ස්නානය කොට එහි වැඩසිටින්නාහ. එතැනට ද ඒ ඒ දිශාවලින් භික්ෂුහු පැමිණෙන්නාහ. ඇතැම්හු භාග්‍යවතුන් වහන්සේගෙන් ප්‍රශ්න අසන්නාහ. ඇතැම්හු කමටහන් අසන්නාහ. ඇතැම්හු දහම් දෙසන්නට ඉල්ලන්නාහ. තථාගතයන් වහන්සේ ඔවුනගේ අදහස් සම්පූර්ණ කරමින් රාත්‍රියේ ප්‍රථමයාමය ඉක්මවන සේක.

ප්‍රථමයාමාවසානයේ තථාගතයන් වහන්සේ වෙතින් මිනිසුන් බැහැරවු පසු රාත්‍රියේ මධ්‍යමයාමයේ උන්වහන්සේගෙන් නොයෙක් ප්‍රශ්න අසනු සඳහා නොයෙක් දිශාවලින් බොහෝ දෙවියෝ පැමිණෙන්නාහ. භාග්‍යවතුන් වහන්සේ ඔවුන්ගේ ප්‍රශ්න විසඳමින් මධ්‍යම යාමය ඉක්මවන සේක.

උදයේ පටන් වාඩිවෙමින් ම සිටියා වූ භාග්‍යවතුන් වහන්සේ එයින් වූ පීඩාව සන්සිඳවනු පිණිස රාත්‍රියේ පශ්චිම යාමයේ මුල් කොටසෙහි සක්මන් කරන්නාහ. දෙවන කොටසේදී ගඳකිළියට පිවිස සිහිනුවණින් යුක්ත ව සිංහශෙය්‍යාවෙන් ශයනය කරන සේක. තුන්වන කොටසෙහි නින්දෙන් අවදි ව වැඩ හිඳ පෙර බුදුවරුන්ගේ සසුන්වල දානශීලාදි වශයෙන් පින්කර ඇති පුද්ගලයන් දකිනු පිණිස ලොව බලා වදාරාන සේක. මේ තථාගතයන් වහන්සේගේ දිනචර්‍ය්‍යාව ය.

(බ්‍රහ්මජාලසුත්තට්ඨකථා)

තථාගතයන් වහන්සේට තමන් වහන්සේගේ ශූඬිය පිණිස විමුක්තිය පිණිස කළ යුතු කිසිවක් නැත ද උන්වමන්සේ ශ්‍රාවකයන් නිදන මධ්‍යමයාමයේ ද අවදි ව පරාර්ථචර්‍ය්‍යාවෙහි යෙදෙන සේක. උන්වහන්සේ සැතපෙනුයේ රාත්‍රියෙන් සයෙන් කොටසක් පමණ වන සුළු කාලයේ ය. එබැවින් ජාගරියානුයෝග නමැති චරණය ශ්‍රාවකයන්ට වඩා උසස් ලෙසින් භාග්‍යවතුන් වහන්සේට ඇත්තේය.

‘ශ්‍රද්ධාව, හිරිය, ඔත්තප්පය, බහුශ්‍රැතතාව, වීර්‍ය්‍යය, ස්මෘතිය, ප්‍රඥාව යන මේ ධර්ම සත තථාගතයන් වහන්සේ විසින්,

‘සත්තිමෙ භික්ඛවෙ සද්ධම්මා, කතමෙ සත්ත? සද්ධෝ හොති, හිරිමා හොති, ඔත්තප්පි හොති, බහුස්සුතො හොති, ආරද්ධවිරියො හොති, සතිමා හොති, පඤ්ඤවා හොති ඉමෙ ඛො භික්ඛවෙ සත්තසද්ධම්මා’

(අඞ්ගුත්තර සත්තක නිපාත)

යන සූත්‍රයෙහි සද්ධම්ම යන නාමයෙන් ද වදාරා තිබේ. එහි තේරුම, යහපත් ධර්ම සත්පුරෂයන්ගේ ධර්ම යනුයි. ශ්‍රද්ධාදි ධර්ම සතට සප්තසද්ධර්මය යි කියනු ලැබේ. සප්තසද්ධර්මය චරණ සතකි.

ශ්‍රද්ධා යනු බුදුරදුන්ගේ සුබුද්ධත්වය, ධර්මයේ සුධර්මත්වය, සංඝයාගේ සුසංඝත්වය හා කර්ම-කර්මඵලාදිය පිළිගැනීම ය. දානාදි පින්කම්වල ඵලය විශ්වාස කොට පින් කරන්නා වූ පෘථග්ජනයන්ගේ ශ්‍රද්ධාව ඕකප්පන සද්ධානම් වේ. ලෝකාත්තර මාර්ගඥානයෙන් චතුස්සත්‍යයන් ප්‍රත්‍යක්ෂ කිරීමෙන් ඇති වන ආර්‍ය්‍යයන්ගේ ශ්‍රද්ධාව ප්‍රත්‍යක්ෂ ශ්‍රද්ධා නම් වේ. ඒ දෙකින් ප්‍රත්‍යක්ෂ ශ්‍රද්ධාව කවරාකාරයකිනුදු වෙනස් කළ නොහැකිය. එය භවාන්තරයට පැමිණිමෙන් ද වෙනස් නො වේ. ශ්‍රද්ධාව නිවනට යාමට අත්‍යවශ්‍යාංගයකි. වෙනස් නො වන ප්‍රත්‍යක්ෂ ශ්‍රද්ධා ඇති ආර්‍ය්‍යයෝ පහත නො වැටි පිළිවෙළින් මතු මතු මඟපල වලට පැමිණ අර්හන් මාර්ගයෙන් සකල ක්ලේශයන් නසා නිවනට පිවිසෙති. අචලශ්‍රද්ධාව නැති පෘථග්ජනයෝ වැටි වැටී ගමන් කරන්නෝය. ශ්‍රද්ධාව තථාගතයන් වහන්සේ විසින් නොයෙක් තැන නොයෙක් අයුරින් වර්ණනා කරන ලද්දකි.

පව් පිළිකුල් කරන ස්වාභවය හිරි නමි. පවට බියවන ස්වාභවය ඔත්තප්ප නමි, තථාගනයන් වහන්සේ විසින් දේශිත ආදිමධ්‍යපර්‍ය්‍යවසාන යන තුන් තැනම යහපත් වූ ධර්මයන් නැවත නැවත කියමින් ප්‍රගුණ කර සිත්හි දරා ගෙන ඒවායේ අර්ථයන් තේරුම් ගෙන ඇති බව බහුශ්‍රැතතා නමි. අකුශලයන් ප්‍රහාරණය කිරීමෙහි හා කුශලයන් වැඩීමෙහි නො පසු බස්නා බව ඉදිරියට ම යන බව මෙහි අදහස් කරන විර්‍ය්‍යය. අකුශල පක්ෂයෙහි සිතට පවත්නට නොදී කුශලය මතුකර දෙන්නා වූ ද, කර කියා බොහෝ කල් ගත වූ කරුණ වුවද සිතට නඟා දෙන්නා වූ ද ප්‍රඥා සම්ප්‍රයුක්ත ස්මෘතිය මෙහි අදහස් කරනසිහිය ය. සංස්කාරයන්ගේ ඉපදීම් බිඳිම් දෙක දැකීමට සමත් වන්නා වූ ලේභ ද්වේශ මෝහ ස්කන්ධයන් බිඳීමට දුරුකිරීමට සමත් ආර්‍ය්‍යවූ විදර්ශනා ප්‍රඥාව හා මාර්ග ප්‍රඥාව මෙහි අදහස් කරන ප්‍රඥාව ය.

බුද්ධාදි රත්නත්‍රය ගැන හා කර්ම කර්ම ඵලාදිය ගැන තථාගතයන් වහන්සේ මෙන් දන්නා අනිකකු නැත. උන්වහන්සේට ඒවා ගැන කිසිදු සැකයක් නැත. ඒ සියල්ල ප්‍රත්‍යක්ෂ වශයෙන් දැනීම නිසා තථාගතයන් වහන්සේට උසස් ම ශ්‍රද්ධාවක් ඇත. කර්ම කර්මඵලයන් ප්‍රත්‍යක්ෂ ලෙසින් ම දත් තථාගතයන් වහන්සේට පමණ පාපය ගැන පිළිකුලක් බියක් අනිකකුට නැත. ධර්මස්වාමී වු තථාගතයන් වහන්සේගේ ධර්ම ඥානය ගැන අමුතුවෙන් කිය යුත්තක් නැත. අන් කවරකුටවත් නැති තරමේ උසස් සිහියක් ද උන්වහන්සේට ඇත. අකුශල ප්‍රහාණය පිණිස හා කුසලයන් ඇති කර ගැනීම සඳහා උත්සහා කළ යුතු බවක් තථාගතයන් වහන්සේට නැත. එහෙත් මහා කාරුණික වූ භාග්‍යවතුන් වහන්සේ අන්‍යයන්ගේ යහපත පිණිස සැම කල්හි උත්සාහ කරන සේක. උන්වහන්සේගේ ප්‍රඥා සම්පත්තිය ගැන අමුතුවෙන් කිය යුත්තක් නැත.

රූපාවචරසමාපත්ති සතරය, අරූපාවචර සමාපත්ති සතරය යන අෂ්ට සමාපත්තීහුම චරණයෝ ය. මෙහි ධ්‍යාන සතරක් පමණක් චරණ වශයෙන් කියා ඇත්තේ අරූපාවචරධ්‍යාන ද චතූර්ථධ්‍යානයට අයත් නිසාය.

විද්‍යාසම්පත්තියෙන් තථාගතයන් වහන්සේගේ සර්‍වඥත්වය පිරෙන්නේ ය. චරණ සම්පත්තියෙන් මහාකාරුණිත්වය පිරෙන්නේ ය. උන් වහන්සේ සර්‍වඥතාඥානයෙන් සත්ත්වයන්ගේ අර්ථාන්ථයන් දැන වදාරා මහාකරුණාවෙන් අනර්ථයන් දුරු කොට සත්ත්වයන් අර්ථයෙහි යොදවන්නාහ. තථාගතයන් වහන්සේ විද්‍යාචරණසම්පන්න බැවින් උන්වහන්සේගේ ශ්‍රාවකයෝ ද සූප්‍රතිපන්නයෝ වෙති.

සේඛ සූත්‍රයෙහි විස්තර වී ඇති මෙම චරණ ධර්ම දේශනා කර ඇත්තේ වර්තමාන භවයේ දී ම හෝ නැතහොත් ඊළඟ භවය දී හෝ මාර්ග ඵල ලබා නිවන් දැකීමේ බලාපොරොත්තුවෙන් වීර්ය කරන කල්‍යාණ පෘථග්ජනයන් හා සේඛ (ශෛක්‍ෂ) පුද්ගලයන් අරමුණු කරගෙනය. තථාගතයන් වහන්සේ බුද්ධත්වයට පත් වූයේද මෙම ප්‍රතිපත්ති මාර්ගයෙන් ම ය. මෙම ධර්ම පසළොස උන්වහන්සේ තුළ උසස් ලෙස පවතී. එහෙයින් භාග්‍යවතුන් වහන්සේ චරණ සම්පන්න නම් වෙති.මෙම සම්බුදු ගුණයෙහි ඇතුළත් විද්‍යා සම්පත්තියෙන් බුදුරජාණන් වහන්සේගේ සර්වඥත්වයද චරණ සම්පත්තියෙන්

මහා කාරුණිකත්වය ද අර්ථවත් වෙයි. උන්වහන්සේ සර්වඥතා ඤාණය තුළින් සත්වයන්ගේ අර්ථ අනර්ථයන් දැනගෙන මහාකරුණාවෙන් අනර්ථයන් දුරු කරමින් සත්වයන් කුසලය වෙත නැඹුරු කරවයි.

සම්මා සම්බුදුරජාණන් වහන්සේ මෙසේ විද්‍යාවෙන් හා චරණයෙන් යුක්තව සත්වයන් කුසලය වෙත යොමු කරවන හෙයින් බුද්ධශ්‍රාවකයෝ ද මනා ප්‍රතිපත්තීන්හි පිහිටා කුසල සම්පන්න තත්වයට පත් වූ සේක.

?නැවතත් කෙටියෙන් සිහි තබා ගැන්ම පිණිසම..
අෂ්ඨ විද්‍යා හා පස⁣ලොස් චරණ ධර්‍ම…

* අෂ්ඨ විද්‍යා

1) විපස්සනා ඤාණ – විපස්සනා ඤාණය.
2) මනෝම ඉද්ධී – කොපුවෙන් කඩුව ඉවතට ගන්නාක් බඳුව
සිරුරින් මනස වෙනකරගෙන හැසිරීමට ඇති හැකියාව.
3) ඉද්ධප්පබේදො – විවිධ අප්‍රමාණ ඉර්ධීන් පෑමේ හැකියාව.
4) දිබ්බ ⁣සෝතං – දිවකන. ඹ්නෑ තරම් දුරක වන සබ්දයන්
ඇසීමේ (ඈත විශ්වයක උවද)හැකියාව
5) පරස්ස චේතො පරියාය ඤාණං – තම සතින් අන්‍යයන්ගේ
සිත් පිරිසඳ දැනීමේ හැකියාව.
6) පුබ්බේ නිවාසානු ගතඤ්ච ඤාණං – තමන්ගේ හෝ අන්‍ය
සත්වයන්ගේ පෙර භවයන් කැමති තාක් දුරට කැමති
තරමින් දැනගැනීමේ හැකියාව.
7) දිබ්බචක්ඛු – දිව ඇසින් කැමතිතාක් ලෝ ධාතූන් බැලීමේ
අසමාන හැකියාව.
8 ) ආශවසංකයං – ස්වයම්බුජ්ඤාණයෙන් ආශ්‍රවයන් ක්ෂය
කිරීම පිලිබඳ ඌ අති විශිෂ්ඨ අසමාන හැකියාව.

“ඒතානි ඤාණානි ඉදට්ඨ විජ්ජා” මේ අෂ්ඨ විද්‍යාවෙන්ද

* පසලොස් චරණධර්‍ම

1) සීලං වරං – උතුම් අසමාන සීලය.
2) ඉන්ඳ්‍රිය සංවරෝ – අසමාන පාරිසුද්ධ ඉන්ඳ්‍රිය සංවරය.
3) මත්තා සිතා – අහාරාදී සෑම දෙයෙහිම පමණ දන්නාබව.
4) ජාගරියානු යෝගෝ – මහා අර්ථයක් ඇතිව නිවැරීමෙහි
යෙදනබව.
5) සද්ධා – සම්බෝධිය කෙරෙහි වූ අසමාන අචල ශ්‍රද්ධාව.
6) හිරි – පාපයට කෙරෙහි ලැජ්ජා වන බව.
7) ඔතප්පං – පාපය කෙරෙහි බිය වන බව
8 ) බහුස්සුතත්ථං – අසමාන වූ බහුශ්‍රත බාවය.
9)පරක්ඛමෝ – අයහපත හමුවෙහි වන අසමාන පරාක්‍රම
සීලී භාවය.
10) සතී – අසමාන ඌ සතිය.
11) මතී – අසමාන ඌ මෘතිය. මතකය ධාරන ශක්තිය.
12) ප්‍රථම ධ්‍යානය.
13) ද්වීතීය ධ්‍යානය.
14) තෘතීයද්ධ්‍යානය.
15) චතුර්ථද්ධ්‍යානය.
යන (උත්තම හැසිරීම් සංක්‍යාත)
පසලොස් චරන ධර්මයන්ගෙන්ද යුක්ත වන සේක.

සාධු?සාධු??සාධූ??? 

දීඝ නිකාය අම්බට්ඨ සූතය හා සේඛ සූත්රය
වැනි සූත්‍ර ආදීයෙන් හා එහි අටුවාවන්ගෙන් මේ ගැන තවත් තොරතුරු දැනගත හැක.

සාධු? 
සාධු??
සාධු??? 

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

නමස්කාර වේවා.
මෙසේ “විජ්ජාචරණසම්පණ්ණෝ” සම්බුදු ගුනයෙන් සමන්වාගත මාගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ එකාන්තයෙන්ම. ” විජ්ජාචරණසම්පණ්ණෝ ” සම්බුදු ගුන සපිරි උතුම්ම උතුමාණෝ වන සේකමය. එසේ හෙයින් “විජ්ජාචරණසම්පණ්ණෝ ” නම් සම්බුදු ගුණයෙන් සමන්වාගත මඟේ අමාමෑණී වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේට.
මාඟේ නමස්කාරයවේවා 
මා දිවියද සදා පූජාකරමී 
පලමුවද පූජාකරමී පූජාවේවා 
දෙවනුවද පූජා කරමී පූජාවේවා 
තෙවනුවද පූජාකරමී පූජා ම වේවා. 

සාධු.!.?සාධු.!!.??සාධු .!!!???

භාවනාව සඳහා 
? මෙ⁣නෙහි කරන ක්‍රමය.
1 ) විජ්ජා යනු කුමක්ද චරන යනු කුමක්ද?

2 ) එම විජ්ජාචරණ ධර්මයන් කෙනෙකු තුළ තුළ පිහිටීමට අදාල හේතු මොනවාද?

3 ) මේ විද්‍යා සහ චරණ ධර්මයන් භාග්‍යවතුන් වහන්සේ තුළ තිබුණද? ඒ හේතු සහිතව බුදුරජාණන් වහන්සේ තුළ තිබුණා ද ?
නොහොත්
එසේ පැවතුන කෙනෙක් තුළ ඇති වන ජීවිත ලක්ෂණ බුද්ධ චරිතය තුළ විද්‍යමාන වූයේ ද යන මේ කාරණය විජ්ජා චරණ ගුනයය තුළින් සිහිපත් කර බැලිය යුතුයි.

සාධු?සාධු??සාධූ??

මේ අතිතුම් සම්මා සම්බුදු ගුනකඳ අපටත්
ආදර්ශය වේවා..
සහ
ආදර්ශ කරගමු 
මා ඔබ අප සැමට

? මා ගනිමි ආදර්ශ.
සියලු විද්‍යා පරතෙර ගොස් උතුම් චරණය පලකෙරූ..
මමද සම්බුදු සමිඳු අනුවම දරමි විද්‍යා අති ගරූ
චරණ⁣යෙන් ලෝ බබලවන්නෙමි සැම දනන් සිත් සනසමින්.

??ආශිර්වාද වේවා මට ඔබට අප සැමට සමසේ.
??????????????????

?️ සම්බුදුගුණ?️
? ආශිර්වාද ප්‍රාර්ථනා
????? සත්‍යක්‍රියා….?????

මේ උතුම් මනසිකාරය තුල මා ⁣ඔබ සරන ගිය මහා මහොත්තම සම්මා සම්බුදු සමිඳුන් ගේ අපරිමිත සීලයේ ගුන සුවඳ හදට දැනෙනු ඇත.
ඒවා නිකන්ම හුදුසීල් නොවන්නේ එහි මුල මැඳ අග යන තුන් තැනම ඉතා නිවැරදිම හා පරිපූර්ණම වැඩ පිලිවලකින් යුතු නිසයි.කෙසේ වෙතත්.
ලොව්තුරු සම්බුදු පියාණන් වහන්සේටවත් සමාන වෙනත් ශාස්තෘවරයෙක් වත්.
එ් ශ්‍රී සද්ධර්මයට සමාන වෙනත් සද්ධර්මයක් වත්.ඒ උතුම් වූ ආර්ය මහා සංඝ රත්නයට සමාන උතුම් ශ්‍රාවක පිරිසකවත් මේ විශ්වයේ. කොතනකවත් නැත.
මෙය ඒකානත සත්‍යයක්මයි මෙය දෙවියන් බඹුන් මරුන් සහිත මේ සමස්ත විශ්වයේ කිසිවෙකුටවත් කරුනු සහිතව සාධක සහිතව ප්‍රතික්ෂේප කල නො හැකි දෙයකි.මෙය ඒකාන්ත සත්‍යයක් මයි මේ සත් බෙලෙන් යහපතක් ම වේවා ඔබ අප සැමටම
මෙසේ මෙසේ ” විජ්ජාචරණසම්පණ්ණෝ” ගුණයෙන් සමන්නාගත සම්මා සම්බුදු හිමි ගුණයද සත්‍යක් මයි ඒ සම්බුදු ගුන සත්‍යනුභාව බෙලෙන්ද ඔබ සැමටත් සකල ලෝ වාසීන්ටත්.පිරිසුදු ව බබලන.
දෙව් මිනිසුන්ද ඉක්මවිය හැකි.
නිවන් අමතයෙන් නිති සැනහෙන.
අතුල්‍ය වූ අසමාණ වූ.
අවබෝධයෙන් පිරිපුණ්.
අණන්ත තේජසින් යුතු.
අසත්‍යට නො නැමෙන.
අනභිභවණිය වූ.
නිකෙලෙස් උත්තම සිතක් පිණිසත්.
අප්‍රමාන සීල ගුණයෙන් යුතු සිතක් පිණිසත්.අසරණ හැම විටකම සරනක ලැබෙන්නටත්
කිසිදු අයහපතකට මැඬ නොපැවැත්විය සිතක් පිණිසත්. හැකි ප්‍රහීන නොවන ගුනැති. සිතක් පිණිසත්.
නිති කෙලෙසුන්ගෙන් තොර මනා අවබෝධයෙන් පිරිපුන් උතුම් හැසිරීමෙන හා දැනුමින් යුතු
දහමින් ප්‍රභාවිත විශිෂ්ඨ සිතක් පිණිසත්.
විශිෂ්ඨ දර්ශනයෙන් හෙබි උතුම් නිවුනු සිතක් පිණිසත්. හැම මමායනයෙන් තොර සහ හැම කෙලෙස් මල රහිත වූ හැම යහපත් කිත් පැසසුම් ලබනා සිතක පිණිසත්.
නිති මැනවින් සංවර වූ ආර්‍ය සීලී සිතක් සහිත වීම පිණිසත්
අසත්‍ය කිසිවිට නො පවසන සිතක් පිණිසත්.
අසම සම අසදිස උතුම් චරිතයක් පිණිසත්
හැම සැකයෙන් තොර වූත්.ශෝකයෙන් තොරවූත්
නුවනැත්තන්ගෙන් ප්‍රශංසා ලැබිය යුතු අන්දමේ මෙත් සිතක් සහිතවීම පිණිසත්.
මනා සතියෙන්ම සිත නිති පැවැත්විය හැකි.අන්‍යන්ද තම සිතද නිති මැනවින් හික්මවාගත හැකි.ස්භාවයක් පිණිසත්.
කිසිවකට මැඩපැවැත්විය නොහැකි බිය නොවන උතුම් නිර්භයසීලි අසහාය සිතක් පිණිසත් හේතුවේවා.
මැනවින් හික්මුණු අජානී⁣ය වූ..අසමාන ප්‍රඥ්ඤාවක් සහිත සිතක් පිණිසම හේතුවේවා…
නික්ලේශී සිතැති උතුමෙකු වන්නම ලැබේවා…
අපගේ සිල් රුව ගුණ ණැන සුවඳින් මුලුමහත් විශ්වයම ආලෝකමත් වේවා.සුවඳවත් වේවා එයින්ම බැබලේවා..
වෙනත් පහත් ජාති කුල මානාදියෙන් බැබලීමට උත්සාහ නොකරන්නෝ වෙත්වා……
සුගත සම්බුදු සුන්දර මඟ පෙන්වීම හැමවිට මට අපට හැමවිටම සසර වේවා හැමවිටම සියල්ලම මැනවින් අවබෝධ කිසිවක් ආවරණ නො වේවා
සියල්ලන්ටම හා සියල්ලට නායක කුල සහිත ගුණ සහිත මැනවින් දමණය වූ ඍජුවූ කයක් මනසක් පිණිස ම වේවා……..
ආහාර සමුදය වැටහේවා…
පෙර විසූ කඳ පිලිවෙලද වැටහේවා..
ආලෝකමත් දිවියක්ම වේවා…
නොයෙක් ඉර්ධීන්ගෙන් යුතු දිවියක්ම වේවා.
හැම සැකආදී දුරුකල යුතු දෙය දුරුවේවා.
ප්‍රහීනකල යුතු දෙය ප්‍රහීන වේවා..
කාමයන් ගැන නෙත් නො යේවා.
කාමය අභිභවනය වූ අතිඋතුම් වූ
කාමාභිභූ දිවියක්ම වේවා.
අපිස් බව නිති සිත රැඳේවා.
හැම ආශ්‍රවයන් නසන නුවනින් යුතු දිවියක්ම වේවා
කර්‍ම හා විපාකයන් ගැන සිතේවා…
හුඳකලා සුව දැනේනා දිවියක්ම වේවා.
නිති හිස මත අමා සද්ධර්මයම පවතීවා…
නිති හැමටම කළණ දසුනක්ම වේවා…
නිති සැබෑ අවිහිංසාවාදී ගුනෙන් යුතු වෙත්වා.
ඒක පුද්ගල වූ උත්තමණිය ජීවිතයක් ම වේවා..
හැම රෝගයන් ගෙන් මිඳූනු 
එයට මඟ දත් සහ මඟ පෙන්වන ගුන වැඩේවා
නිවන් මඟ දක්ෂ වේවා.
හැමට ප්‍රිය ගුන වැඩේවා…
නිවන් මඟ නිති දර්ශනය වේවා..
මහ කුළුනු ගුන සිත වැඩේවා…
කලගුන දන්නා බව නිති සිත රැඳේවා
කිසිවකින් කිසිවිට නො සැලෙන
තාදී සිතක සැනසුම නිති ඔබ හද පවතීවා.
සැම සිත් වැටහේවා…
නිති උතුම් හැසිරීමෙන් ලොව සරන්නට ලැබේවා.
රන්වන් කයක් රන්වන් ගුන කයක්ද වේවා.
කෙලෙස් අඳුරින දුරුවූ සිතක් කයක්ම වේවා..
ඒ පිණිස මේ සම්මා සම්බුදු ගුණකඳහි ආශීර්වාද පුණ්‍යබලය ඒකාන්ත සත්‍යයක්‍රියාවක්ම වේවා..

බුදුගුණ අනන්තයි…
සදහම් ගුණ අනන්තයි…
මහසඟ ගුණ අනන්තයි…
ඒ අනන්තරවූ බුදු ගුණ බලයෙන්ද …
අනන්ත සදහම් ගුණ බලයෙන්ද…
අනන්ත මහ සඟගුණ බලයෙන්ද…
අනන්ත මව්පිය ගුණ බලයෙන්දඅනන්ත.
අාචාර්‍ය උපාධ්‍යාය ගුණ බලයෙන්ද.
අනන්ත මග බෝසත් ගුණ බලයෙන්ද
අනන්ත අාර්ය දිව්‍ය රාජ ගුණ බලයෙන්ද.
අනන්ත අාර්ය බ්‍රහ්ම රාජ ගුණ බලයෙන්ද
මාගේ සීල සමාධි ප්‍රඥ්ඤා දී ගුණ බලයෙන්ද
ඔබ සැම නිදුක් වෙත්වා !.
නිරෝගි වෙත්වා !.
සුවපත් වෙත්වා !.
මාගේ මාගේ මව්පිය ගුරු දෙගුරු උතුමෝ ඔබ සැම කලණ මිතුරෝද හිතවන්තයෝද මැදහත් වූවෝද අහිතවත් වූවෝද සියලු දෙවියෝද සියලු මනුෂ්‍යයෝද සියලු සත්වයෝද
නිදුක් වෙත්වා !.
නිරෝග වෙත්වා !.
සුවපත් වෙත්වා !.
අායුෂයෙන් වැඩෙත්වා !.
වර්ණයෙන් වැඩෙත්වා !.
සැපයෙන් වැඩෙත්වා !.
කාය බලයෙන් වැඩෙත්වා !.
ඥාන බලයෙන් වැඩෙත්වා !.
සුවසේ නිදත්‍වා !.
සුවසේ පිබිදෙත්‍වා !.
දෙවි මිනිසුන්හට ප්‍රිය වෙත්‍වා !.
දෙවි බඹුන්ගෙන් අාරක්‍ෂාව ලබත්‍වා !.
ගුණයෙන්,නුවණින් වැඩෙත්වා !.
යසසින්,ඉසුරෙන් වැඩෙත්වා !.
සැපතින්,සම්පතින් වැඩෙත්වා !.
හිරි,ඔතප් ගුණයෙ වැඩෙත්වා !.
ශ්‍රද්ධාවෙන්,සීලයෙන් වැඩෙත්වා !. ශෘතයෙන්,ත්‍යාගයෙන් වැඩෙත්වා !.
ඥානයෙන්,අවබෝධයෙන් වැඩෙත්වා !.
සාමයෙන් සමාදානයෙන් වැඩෙත්වා !.
ශාන්තියෙන්,ඉවසීමෙන් වැඩෙත්වා !.
සැනසුම් සුවයෙන් වැඩෙත්වා !. මෛත්‍රියෙන්,කරුණාවෙන් වැඩෙත්වා !.
මුදිතාවෙන්,උපේක්‍ෂාවෙන් වැඩෙත්වා !.
සමථ,විදසුන් නුවණින් වැඩෙත්වා !.
සියවස් කාලයක් දීර්ඝායුෂ වළඳත්‍වා !.
දෙලොව සුභ සෙත ලබත්‍වා !.
සියළු සත්‍වයෝ සුමිහිරි නිවන් සැපතින් සුවපත් වෙත්‍වා !.
සුවපත් වෙත්‍වා !..
සුවපත් වෙත්‍වා !..

සම්මා සම්බුදු සරණයි ….!!!ඔබට 

මේ ආදී අනන්තවූ තුණුරුවන් ගුණ බලයෙන් 
සුභම සුභ උදෑසණක් වේවා…!!!
පින්බර වාසනාවන්ත දවසක්වේවා …!!!
අද දවස පුරාවට මත් දිවිය පුරාවටමත් ඔබගේ ගතේ සිතේ සියලූම වේදනාවන් පීඩාවන් පහවීයේවා…!!!
සිතෙහි සතුට සැනසුම නිරතුරුවම පවතීවා…!!!
අද දවස පුරාවට ඔබගේ සිතෙහි දාන ශීල භාවනාදි බොහෝ කුශල චේතනාවන් වැඩේවා …!!!
පහලවන්නාවූ කුශල චේතනාවන් මස්තකප්‍රාප්ත කරගැණීමට වාසනාවන්ත හේතු සකස් වෙත්වා…!!!
ඔබගේ සිත ශීලයෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් වැඩෙත්වා
අනන්ත බුදුගුණ බලයෙන් ඔබ සැමට සැනසීම වේවා.!!.සියලු මිසදුටු බලවේග හිරු දුටු අඳුරක් සේ පහව යත්වා.සියලු සැදැහැතියනට ධර්මමය සැනසිල්ල විඳගන්න ලැබේවා.!!.
සිල් සුවඳින් … ගුණ සුවදින් … නැණ නුවනින් වැඩේවා.!!!.
නිදුක් ,නිරෝගී ,සුවපත්ම වේවා.!!. සාධු.!!.සාධු.!!.

සියලූම යහපත වේවා.
නිවන් මඟ පිණිසම වේවා.
සුඛී හෝතූ… 

~ කල්‍යාණ මිත්‍ර අමිල රුවන්

Sidebar