බුදුගුණ අනන්තයි අප්‍රමාණයි
මා ඔබ සරණ ගිය ඒ භාග්‍යවත් බුදුරජානන්වහනසේ
1 ) සෝ භගවා ඉතිපි අකම්පිතෝ :- කිසිවකට ත් කම්පා නො වන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අකම්පිත’ වන සේක.
2 ) සෝ භගවා ඉතිපි අකංඛෝ :- සැකයෙන් තොර වූ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අකංඛ’ වන සේක.
3 ) සෝ භගවා ඉතිපි අකප්පියෝ :- තෘෂ්ණා සංකල්පනාවන් නො කරන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අකප්පිය’ වන සේක.
4 ) සෝ භගවා ඉතිපි අකතඤ්ඤූ :- කිසිවකින් සකස් නො කළ අකත නම් වූ නිර්වාණය දැන ගත් හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අකතඤ්ඤූ’ වන සේක.
5 ) සෝ භගවා ඉතිපි අකථංකථී :- කෙසේ ද, කෙසේ ද, යනුවෙන් ඇතිවෙන විමති නො මැති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අකථංකථී’ වන සේක.
6 ) සෝ භගවා ඉතිපි අකන්ටකෝ :- කෙලෙස් කටු දුරු කළ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අකන්ටක’ වන සේක.
7 ) සෝ භගවා ඉතිපි අකාමකාමී :- කාමයන් නො පතන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අකාමකාමී’ වන සේක.
8 ) සෝ භගවා ඉතිපි අකාචෝ :- කෙළෙස් පටල නැති හෙයින් ද, නුසුදුසු කර්ම නො කරන හෙයින් ද ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අකාච’ වන සේක.
9 ) සෝ භගවා ඉතිපි අකිරියවාදී :- ළාමක වූ පාපී අකුසල් නො කිරීමට දහම් දෙසනා හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අකිරියවාදී’ වන සේක.
10 ) සෝ භගවා ඉතිපි අකිඤ්චනෝ :- කිඤ්චන නම් වූ රාග, ද්වේශ, මෝහ දුරු කළ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අකිඤ්චන’ වන සේක.
11 ) සෝ භගවා ඉතිපි අකුතෝභයෝ :- කිසි තැනක බියක් නැති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අකුතෝභය’ වන සේක.
12 ) සෝ භගවා ඉතිපි අකුක්කුචෝ :- කුකුස් නො කරන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අකුක්කුච’ වන සේක.
13 )සෝ භගවා ඉතිපි අකුහෝ :- කුහක කම් නැති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අකුහ’ වන සේක.
14 ) සෝ භගවා ඉතිපි අකුසීතවුත්තී :- කුසීත පැවතුම් නැති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අකුසීතවුත්තී’ වන සේක.
15 ) සෝ භගවා ඉතිපි අකේටුභිනෝ :- කෛරාටික ගති නොමැති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අකේටුභින’ වන සේක.
16. සෝ භගවා ඉතිපි අකෝධනෝ:- ක්‍රෝධ නො කරන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අකෝධන’ වන සේක.
17. සෝ භගවා ඉතිපි අකෝපෝ:- කෝපය දුරු කළ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අකෝප’ වන සේක.
18. සෝ භගවා ඉතිපි අක්ඛාතාරෝ:- තුන් ලොවට ම සදහම් පවසන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අක්ඛාතාර’ වන සේක.
19. සෝ භගවා ඉතිපි අක්ඛෙය්‍යසම්පන්නෝ:- සදහම් පදයන් ගෙන් යුක්ත හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අක්ඛෙය්‍යසම්පන්න’ වන සේක.
20. සෝ භගවා ඉතිපි අක්ඛණවේදී:- සිව් සස් (චතුරාර්ය සත්‍යයන්) දකිනා හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අක්ඛණවේදී’ වන සේක.
21. සෝ භගවා ඉතිපි අක්ඛදස්සෝ:- සදහම් විනිශ්චයෙහි ප්‍රධානී වන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අක්ඛදස්ස’ වන සේක.
22. සෝ භගවා ඉතිපි අඛිල:- කෙළෙස් හුල් නැති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අඛිල’ වන සේක.
23. සෝ භගවා ඉතිපි අප්පටිමෝ:- කිසිවෙකු හා සැසඳිය නො හැකි වන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අප්පටිම’ වන සේක.
24. සෝ භගවා ඉතිපි අප්පටිසමෝ:- ප්‍රතිසම පුද්ගලයෙක් නැති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අප්පටිසම’ වන සේක.
25. සෝ භගවා ඉතිපි අප්පටිභාගෝ:- කිසිවෙකු ගේ කොටස් කරුවෙක් නොවනා හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අප්පටිභාග’ වන සේක.
26. සෝ භගවා ඉතිපි අප්පටිපුග්ගලෝ:- ප්‍රති පුද්ගලයෙක් නොමැති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අකෝප’ වන සේක.
27. සෝ භගවා ඉතිපි අප්පිච්ඡෝ:- කැමැත්ත දුරු කොට අල්පේච්ඡ වූ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අප්පිච්ඡ’ වන සේක.
28. සෝ භගවා ඉතිපි අප්පතිට්ඨෝ:- සසරෙහි නො පිහිටි හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අප්පතිට්ඨ’ වන සේක.
29. සෝ භගවා ඉතිපි අප්පදුට්ඨෝ:- දෝස රහිත හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අප්පදුට්ඨ’ වන සේක.
30. සෝ භගවා ඉතිපි අප්පමෙය්යෝ:- පමණ කළ නො හැකි හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අප්පමෙය්‍ය’ වන සේක.
31. සෝ භගවා ඉතිපි අප්පසද්දකාමෝ:- නිහඬබව කැමැති වන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ‛අප්පසද්දකාම’ වන සේක.
32. සෝ භගවා ඉතිපි අප්පදුට්ඨමනසංකප්පෝ:-නිර්දෝෂී සංකල්පනා ඇති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ‛අප්පදුට්ඨමනසංකප්ප’ වන සේක.
33. සෝ භගවා ඉතිපි අප්පගබ්භෝ:- නො ගැලපෙන ඇවැතුම්-පැවතුම් නැති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ‛අප්පගබ්භ’ වන සේක.
34. සෝ භගවා ඉතිපි අප්පකිච්චෝ:- අල්ප ක්‍රියා ඇති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අප්පකිච්ච’ වන සේක.
35. සෝ භගවා ඉතිපි අප්පමිද්ධෝ:- නිදි දුරු කිරීම සිදු කරනා හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අප්පමිද්ධ’ වන සේක.
36. සෝ භගවා ඉතිපි අප්පට්ඨෝ:- අල්ප කටයුතු ඇති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අප්පට්ඨ’ වන සේක.
37. සෝ භගවා ඉතිපි අප්පමාදරතෝ:- නො පමා බව කැමති වන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අප්පමාදරත’වන සේක.
38. සෝ භගවා ඉතිපි අප්පමජ්ජතෝ:- කෙලෙස් මත් බව දුරු කළ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අප්පමජ්ජත’ වන සේක.
39. සෝ භගවා ඉතිපි අප්පටිච්ඡන්නකම්මන්තෝ:- නො සැඟවුණු ක්‍රියා ඇති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ‛අප්පටිච්ඡන්නකම්මන්ත’ වන සේක.
40. සෝ භගවා ඉතිපි අප්පමාණවිහාරී:- පමණ කළ නො හැකි විහරණ ඇති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ‛අප්පමාණවිහාරී’ වන සේක.
41. සෝ භගවා ඉතිපි අප්පසද්දස්සවණ්ණවාදී:-නිහඬබව වර්ණනා කරනා හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ‛අප්පසද්දස්සවණ්ණවාදී’ වන සේක.
42. සෝ භගවා ඉතිපි අප්පමත්තෝ:- ප්‍රමාදී නොවනා හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අප්පමත්ත’ වන සේක.
43. සෝ භගවා ඉතිපි අප්පාහාරෝ:- කුසට සෑහෙන අහරින් යැපෙනා හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ‛අප්පාහාර’ වන සේක.
44. සෝ භගවා ඉතිපි අප්පටිකුජ්ඣතෝ:- කිසි විටෙක ත් පෙරළා නො කිපෙන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ‛අප්පටිකුජ්ඣත’ වන සේක.
45. සෝ භගවා ඉතිපි අප්පටිඝෝ:- ගැටීම දුරු කළ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අප්පටිඝ’ වන සේක.
46. සෝ භගවා ඉතිපි අප්පටිබද්ධචිත්තෝ:- කිසිවකට නො බැඳුනු සිතක් ඇති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ‛අප්පටිබද්ධචිත්ත’ වන සේක.
47. සෝ භගවා ඉතිපි අප්පහීනෝ:- දුරු නො වන ගුණ ඇති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අප්පහීන’ වන සේක.
48. සෝ භගවා ඉතිපි අපණ්ණකෝ:- අවිරුද්ධ පිළිවෙතෙහි පිහිටි හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ‛අපණ්ණක’ වන සේක.
49. සෝ භගවා ඉතිපි අපගබ්භෝ:- නැවත මව් කුසක නො නිඳන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අපගබ්භ’ වන සේක.
50. සෝ භගවා ඉතිපි අපරිඩය්හමානෝ:- කෙළෙස් ගින්නෙන් නො දැවෙන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ‛අපරිඩය්හමාන’ වන සේක.
51. සෝ භගවා ඉතිපි අපචයෝ:- සංසාරය නො වඩන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අපචය’ වන සේක.
52. සෝ භගවා ඉතිපි අපරිහානධම්මෝ:- කිසි දිනෙක නො පිරිහෙන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ‛අපරිහානධම්ම’ වන සේක.
53. සෝ භගවා ඉතිපි අපචයගාමී:- සසර නො වැඩෙන මගෙහි වඩිනා හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අපචයගාමී’ වන සේක.
54. සෝ භගවා ඉතිපි අපරාජිතෝ:- මරුට නො පැරදුණු හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අපරාජිත’ වන සේක.
55. සෝ භගවා ඉතිපි අපචිතෝ:- තිලොවෙන් ම පිදුම් ලද හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අපචිත’ වන සේක.
56. සෝ භගවා ඉතිපි අපරිමිතදස්සී:- අපරිමිත දෑ දකිනා හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අපරිමිතදස්සී’ වන සේක.
57. සෝ භගවා ඉතිපි අපරිත්තෝ:- අල්ප නො වූ ගුණ ඇති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අපරිත්ත’ වන සේක.
58. සෝ භගවා ඉතිපි අප්පටිඝෝ:- ගැටීම දුරු කළ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අප්පටිඝ’ වන සේක.
59. සෝ භගවා ඉතිපි අපළාසී:- අන් අයගේ ගුණ නො ගරහන හෙයින් හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අපළාසී’වන සේක.
60. සෝ භගවා ඉතිපි අපළායි:- කිසි දිනෙක මර යුධයෙන් පලා නොයනා හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ‛අපළායි’ වන සේක.
~ කල්‍යාණ මිත්‍ර අමිල රුවන්