කමටහන් වාර්ථාව හා භාවනා අද්දැකීම් – 8

යෝගාවචරයින් විසින් තම අත්දැකිම් විස්තර කරමින්  භාවනාවේ නිරත වනවිට ඇතිවූ ගැටළු, හා ඒවාට ආචාර්යන් වහන්සේලා ලබාදුන් මඟ පෙම්වීම් ඇසුරෙන් සකස්කළ ලිපි පෙළකි.

කමටහන් වාර්ථාව

පසු ගිය දින කීපයේම දිගට භවනා කිරීමට අවස්තාව ලැබුණි . මින් පෙර ඔබ වහන්සේ ට පැවසූ පරිදි , පර්‍යන්කයේ මෙන්ම සක්මනෙදී ද , එදිනෙදා සමහර කටයුතුවල දීද දැන් දැන් හිත එකග වෙන බවක් අත් දකින්න පුළුවන්. මගේ බෙල්ලෙන් ඉහළ කොටස්, වරින්වර ඉතාමත් තද වීමකට ලක් වේ. මුලදී තිබූ හුස්ම ගැනීමේ අපහසුව දැන් නැත. එසේ තද වීම පවතින කාලය ගැන මට වැටහීමක් නැත. මම දැන් මෙතන යි සිතූ සැනින් කයද හුස්ම ද නොදැනෙන, එහෙත් ඉන්නා බව දැනෙන තත්වයකට පත් වී ටික වෙලාවකින් තද වීම දැනේ.කෙතරම් අපහසු වුවත් එදෙස නොගැටී බලා සිටිමි. වරක් සතියෙන් ම බෙල්ල අල්ලා බැලූ විට මස්පිඩු සන්කෝචනය වී පවතින බව දැන ගතිමි. ටිකකින් මස්පිඩු ඉහිල් වී තද ගතිය නැති වේ. සමහර වෙලාවට කම්පන ද, තවත් විටක තද වීම හා කම්පන එකම විටක වන බවක් ද දැනේ. සක්මනෙදී තද ගතිය අත් විදිමින් ම සක්මනේ යෙදෙමි එදිනෙදා කටයුතුවල යෙදෙන විට තදවීම් දැනුන විට දෑස් පියා තද වීම නැති වන තෙක් බලා සිටිමි. එම තදවීම් පඨව් ධාතු වේ ලක්ෂණයක් ලෙසද, කම්පන වායෝ ධාතු වේ ලක්ෂණයක් ලෙසද දැනුවත්ව එදෙස බලා සිටිමි.

පිළිතුරු ලිපිය 

හොදයි දැන් ඔබගේ භාවනාව ධාතු මනසිකාරයට වැටි ඇති බව පෙනේ. ධාතු ලක්ෂණ භාවනා වෙන් බාහිරවද අත්දකින්න පුළුවන් නම් එය ධාතු මනසිකාරයේ දියුණු තත්වයකි. මෙහිදී ධාතු වශයෙන් බලනවා විනා මගේ බෙල්ල මගේ කකුල, මගේ කය යන ස්වරුපයෙන් බැලීමෙන් වලකින්න. ඒවා මෙනෙහි කිරීමෙන්ද වලකින්න. මගේ කය කියන ආකල්පයෙන් බැලුවිට භාවනා ඉදිරියට ගමන් නොකරයි. මෙතනදී මගේ කය නොව ධාතු සමූහයක් විතරයි යන ස්රෑපයෙන් බැලුවොත් විතරයි භාවනා දියුනු වන්නෙ. ඔය පාඩම් සේරම ඉගෙන ගත්පසු ටික කලකින් සියලු පීඩා නැතිවී හොද සමාධියකට පත්වනු ඇත.

තෙරුවන් සරණයි෴

(විපස්සනා භාවනා අසපුව facebook (@Dhammabo) පිටුවෙන් අවසරය සහිතව උපුටා ගන්නා ලදී. )

Sidebar