කමටහන් වාර්ථාව හා භාවනා අද්දැකීම් – 6

යෝගාවචරයින් විසින් තම අත්දැකිම් විස්තර කරමින්  භාවනාවේ නිරත වනවිට ඇතිවූ ගැටළු, හා ඒවාට ආචාර්යන් වහන්සේලා ලබාදුන් මඟ පෙම්වීම් ඇසුරෙන් සකස්කළ ලිපි පෙළකි.

කමටහන් වාර්ථාව

ධාතු මනසිකරයෙන් දකිනවා යන්නෙන් අදහස් කරන්නේ කුමක්දැයි පහදා දෙනු මැනවි . ස්වාමීන් වහන්සේ නමක් විසින් දේශනා කරන ලද දේශනාවක මම මෙසේ ඇසුවෙමි. විදර්ශනා යොගීන් ආනාපාන සති භවනා වේදී නාම රූප ධර්ම කෙරේ අවධානය යොමු කරයි. ඔවුන් හුස්ම රැල්ල ධාතු මනසිකරයෙන් දකී. සමථය වඩීමට හුස්ම රැල්ල ට අවධානය යොමු කරයි.  මම ගොඩක් ධර්මය දන්නා අයෙකු නොවෙමි. එම නිසා මෙය මා විසින් වැරදියට වටහාගත් දෙයක් දැයි නොදනිමි. පර්‍යන්කයේ දී මම කිසිවක් නොබලා ඉන්න බව කෙරේම අවධානයෙන් සිටිමි. සිතුවිල්ලක් අවොත් එහි ඇති වීම, නැති වීම දකිමි. එහෙම කිසිවක් නොදැක බලා සිටීම නිවැරදි ද? එසේ සිටීම සුවදායක වේ.

පිළිතුරු ලිපිය 

ධාතු මනසිකරයෙන් දකිනවා යන්න වැරදියි. භාවනා වේදි සතර මහා ධාතූන් කය හරහා හෝ හුස්ම රැල්ල හරහා ප්‍රකටවි එන්නට ඕනා. එතකොට භාවනාව ඇත්තෙ ධාතුමනසිකාරයේය. එවිට ධාතුන් වෙන් වශයෙන් හදුනාගත හැකිනම් සත්ව පුද්ගල සංඥාව බිදි ධාතු සමූහයක් වශයෙන් තමන්ට අවබෝද වනු ඇත. හුස්ම රැල්ලේ විපරිනාමය ධාතු වශයෙන්, ගෙවී ගෙවී යන වශයෙන්, කැඩි කැඩි නොදැනී යන වශයෙන් දකින්න පුළුවන් නම් කොයි ආකාරයෙන් වුනත් දකින්න වෙන්නෙ විපරිනාමයයි. සිතුවිලි ඇවිත් ගියාට සතිය කැඩෙන්නෙ නැතිබව දැක ගන්න පුලුවන්නම් එය දියුනුවකි. අත්දැකිය යුත්තෙ එයයි. එවිට ඕනැම කරදරයකදී උනත් කිසිවක් නොවන බව අත්දකින්න පුලුවන්.
සෑම විටම අවදානය සමග අවබෝධය පවත්වා ගතයුතුයි.

තෙරුවන් සරණයි෴

(විපස්සනා භාවනා අසපුව facebook (@Dhammabo) පිටුවෙන් අවසරය සහිතව උපුටා ගන්නා ලදී. )

Sidebar