ඒකත්වය

ඒකත්වයෝ නම්;

  1. දාන වස්තු පරිත්‍යාගයාගේ එළඹ සිටීමෙන් වු ඒකත්වය
  2. සමථ නිමිත්ත එළඹ සිටීමෙන් වු ඒකත්වය
  3. භංග ලක්ෂණය එළඹ සිටීමෙන් වූ ඒකත්වය
  4. නිරෝධය එළඹ සිටීමෙන් වූ ඒකත්වය නම්වේ

මෙහි සදහන් ඒකත්වය නම් සමාධියමයි.

දානවස්තු පරිත්‍යාග හෝ ඊට සමාන වෙනත් පිංකම් වලදී එයට සිත යොමුකිරීමෙන් සමාධිය පහලවේ. තමන් රක්නා සීලය ආවර්ජනය කිරීමේදීද මේ සමාධිය පහල වනු ඇත.

දෙවන සමාධිය නම් ධ්‍යාන ලබාගැනීමට උපකාර වන සමාධියයි. මෙයට අර්පනා සමාධි කියා ව්‍යවහාර වෙයි. රෑපාවචර හා අරෑපාවචර ධ්‍යාන සියල්ලද මෙයට ඇතුලත් වේ.

තුන්වන සමාධිය නම් විදර්ශනා වේදි සංස්කාරයන් සම්මර්ශනය කිරීමෙන් පහළ වන සමාධියයි.ශුද්ධ විදර්ශනාව කරන්නාවු යෝගාවචරයා එක්තරා සංස්කාර කොටසකට තමන්ගේ සිත යොදාලයි. මෙනෙහි කිරීමද නොනවත්වා පවත්වා ගෙන යයි. ඔහුට පහල වන්නෙ ඒකත්වයයි. අන්තිමේදි මෙම සමාධිය ද අර්පණා සමාධිය මට්ටමට පත්නවු ඇත. යෝගාවචරයන් මේ කියන සමාධියෙන් යුතුව සංස්කාරයන් මෙනෙහි කරන විට විදර්ශනා ඥානයෝ දියුණුවට පත්වන්නාහ. එහිදී යම් අවස්ථාවක ලෝකෝත්තර මාර්ග ඥානය ලබයි නම් එම මාර්ග සිත ධ්‍යාන සිතකට සමාන තත්වයකි.

සතරවන සමාධිය නම් ආර්යන් වහන්සේලාගේ ථල සමාපත්ති අවස්ථාවේදි ලැබෙන සමාධියයි. මෙය නිරෝධය එළඹ සිටීමෙන් වු ඒකත්වයයි. මෙය නිවන අරමුණු කොට ගෙන ආර්යන් වහන්සේලා යම් සෝතපත්ති ආදී මාර්ග සිතක් ලැබුවේනම් සමාපත්තියට සමවැදී මෙන් එහි ථල සිත යලි උපදවා ගෙන නිවන් සුවය නැවත නැවතත් විදිමින් වාසය කරන්නාහ. මෙය ආර්යයන් වහන්සේලාගේ නියත දින චාරිතයයි.

(විපස්සනා භාවනා අසපුව facebook (@Dhammabo) පිටුවෙන් උපුටා ගන්නා ලදී.)

සැබැඳි ලිපි : සමාධිය පිළිබඳව පරිපන්ථ කරුණු

Sidebar