පුද්ගල සරණ යාමෙන් ඇතිවන දෝෂ
තෙරුවන් සරණ හැර පුද්ගල සරණ යාමෙන් පුද්ගලයෙකුට පැහැදීම තිබීමෙන් ඇතිවන දෝෂ පහකි.
- ඒ පුද්ගලයා විනය කඩ කිරීමෙන් සංඝ සමාජයෙන් අයින් කර ඇත. එතකොට ශ්‍රාවකයා මෙසේ සිතනවා. “මගේ මේ ස්වාමින් වහන්සේව සංඝ සමාජයෙන් බැහැර කර ඇත.”
- ඒ පුද්ගලයා විනය කඩ කිරීමෙන් සංඝයා ඒ කෙනාව කෙලවර ආසනයක හිඳවා ඇත. එතකොට ශ්‍රාවකයා මෙසේ සිතනවා. “මගේ මේ ස්වාමින් වහන්සේව සංඝයා විසින් කෙලවර අසුනකට හිඳවා ඇත.”
- ඒ පුද්ගලයා වෙන දිශාවකට, රටකට හෝ යයි. එතකොට ශ්‍රාවකයා මෙසේ සිතනවා. “මගේ මේ ස්වාමින් වහන්සේ වෙනත් දිශාවකට, රටකට ගියා.”
- ඒ පුද්ගලයා ගිහියෙක් වෙයි. සිවුර අතහරි. එතකොට ශ්‍රාවකයා මෙසේ සිතනවා. “මගේ මේ ස්වාමින් වහන්සේ දැන් ගිහියෙක්”
- ඒ පුද්ගලයා මරණයට පත් වේ. එතකොට ශ්‍රාවකයා මෙසේ සිතනවා. “මගේ මේ ස්වාමින් වහන්සේ මරණයට මත වුනා.”
මෙසේ සිතා අනෙකුත් භික්ෂුන් කෙරෙහි ගොඩක් පැහැදීම නැති වේ. එසේ වුවම භික්ෂුන්ව ආශ්‍රය කරන්නේ නෑ. එසේ නැති නිසා සද්ධර්මය අසන්න ලැබෙන්නේ නෑ. එවිට ඒ ශ්‍රාවකයා පිරිහී යනවා.
එම නිසා කවදාත් පුද්ගල සරණ යන්න එපා. එසේ වීමෙන් ඔබ හරි කියා සිතන වැරදි මාර්ගයටම ගොස් නැවතත් සතර අපාය උරුමවන සංසාරයටමයි වැටෙන්නේ. එක පුද්ගලයෙකුට කොටු නොවී නිතරම බුදුන් දහම් සංඝුන් සරණය යන්න.