චෛත්‍යයෝ

ලෝකයා විසින් ආදරය කරනු ලබන්නා වූ ගරු බුහුමන් කරනු ලබන්නා වූ වැඳුම් පිදුම් කරනු ලබන්නා වූ උත්තම වස්තූහු චෛත්‍ය නම් වෙති. ශාරීරික චෛත්‍යය, පාරිභෝගික චෛත්‍යය, උද්දේසික චෛත්‍යය යි බුදුන් වහන්සේ පිළිබඳ චෛත්‍ය තුන් වර්ගයෙකි. බුදුන් වහන්සේගේ ශරීරයෙන් ඉතිරි ව ඇති ධාතු සමූහය ශාරීරික චෛත්‍ය නම් වේ. උන් වහන්සේ පරිභෝග කළ පා-සිවුරු ආදි වස්තු හා ශ්‍රී මහා බෝධීන් වහන්සේ ද, ඒ බෝධීන් වහන්සේ ගෙන් පැවතෙන බෝධීන් වහන්සේලා ද පාරිභෝගික චෛත්‍යයෝ ය. උන් වහන්සේ උදෙසා වැඳුම් පිදුම් කිරීමට කරන ලද ප්‍ර‍තිමා රූපයෝ උද්දේසික චෛත්‍යයෝ ය.

උපුටා ගැනීම : බෞද්ධයාගේ අත්පොත

මහාචාර්ය රේරුකානේ චන්දවිමල මහානායක ස්වාමිපාදයන් වහන්සේ විසිනි

(සාහිත්‍ය චක්‍ර‍වර්ති, පණ්ඩිත, ප්‍ර‍වචන විශාරද, අමරපුර මහා මහෝපාධ්‍යාය ශාසන ශෝභන, ශ්‍රී සද්ධර්ම ශිරෝමණී)

Sidebar