ගිහි සීලය
ගිහි සීලය යනුවෙන් හැදින්වෙන්නේ බෞද්ධ උපාසක උපාසිකාවන්ගේ සීලය යි. බෞද්ධ උපාසක උපාසිකාවන් අතර ගිහි සුදුවත් හඳිනා බ‍්‍රහ්මචාරී උපාසක උපාසිකාවන් ද ගිහි සුදුවත් හඳිනා කාමභෝගී උපාසක උපාසිකාවන් ද සිටි බව ත‍්‍රිපිටකයෙහි සඳහන් වේ ( දීඝනිකාය – මහා පරිනිර්වාණ සූත්‍රය (☸ බු.ච.ස.ත්‍රි. | බු.ජ.ත්‍රි.) ). ගිහි සුදුවත් හඳිනා කාමභෝගී උපාසක උපාසිකාවන්ගේ නිත්‍ය සීලය තිසරණ සහිත පංචසීලය යි.
ගිහි සුදුවත් හඳිනා බ‍්‍රහ්මචාරී උපාසක උපාසිකාවන්ගේ සීලයෙහි ප‍්‍රභේද සතරකි.
එනම් :
- තිසරණ සහිත ආදිබ‍්‍රහ්මචරියක පංච සීලය
- තිසරණ සහිත උපෝසථ අෂ්ටාංග සීලය
- තිසරණ සහිත උපෝසථ නවාංග සීලය
- තිසරණ සහිත උපෝසථ දසාංග සීලය
උපුටා ගැනීම : උපෝසථෝපදේශය – සමින්ද රණසිංහ මහතා (aathaapi.org)