සිල් රැකීමේ අනුසස්

[ත්‍රිපිටක මුලාශ්‍ර සදහන් කළයුතුව ඇත.]

  1. සිල්වතා පූජා සත්කාරයන්ට භාජනය වේ.
  2. නිවන කරා කිසිදු බාධාවකින් තොරව ගමන් කිරීමට උපකාරි වේ.
  3. සබ්‍රහ්මචාරීන්ට ප්‍රියමනාප වේ.
  4. ශීලය තුළ පිහිටීමෙන් ලෞකික ලෝකොත්තර සම්පත් ලැබේ.
  5. මිනිස් ලොව ඇති සැපයන් ද දෙව් ලොව ඇති සැපයන් ද ලැබේ.


ශීලය නම් සියලු පුද්ගලයන්ගේ එකම ආරක්ෂකයා වන්නේ ය. ශීලය සමාදන් වනවා යනු අප අපටම පොරොන්දුවක් සපයා ගැනීමකි. ශීලය තුළ පිහිටීම මඟින් සිදු වන්නේ තමනුත් අන් අයගෙත් ආරක්ෂාව තමන් විසින් ම සපයා ගැනීමකි.

ශීලය සුලු කොට නොසිතන්න. අප්‍රමාදීව තම ශීලය දිවි හිමියෙන් සුරක්ෂිතව ආරක්ෂා කරන්න.

(විපස්සනා භාවනා අසපුව facebook (@Dhammabo) පිටුවෙන්  උපුටා ගන්නා ලදී. )

Sidebar