ප්‍රේත ලෝක දොළහ

01. සෙම සොටු අහාර කොට වත්තාස නම් ප්‍රේත ලෝකය
02. මිනිසුන්ගේ සතුන්ගේ මළකුණු අහාර කොට අැති කුණපාස ප්‍රේත ලෝකය
03. අසුචි අහාර කොට අැති ගුථඛාදක නම් ප්‍රේත ලෝකය
04. කටින් නික්මෙන්නා වු ගිනිදැල් අැති අග්ගිජාල මුඛ නම් ප්‍රේත ලෝකය
05. ඉදිකටු මලයක තරම් මුඛයක් අැති මහා සැලියක පමණ කුස අැති සවිමුඛ ප්‍රේත ලෝකය
06. සාගින්නෙන් හා පිපාසයෙන් නිතර පෙළෙන බැවින් අහාර අාශාවෙන් නිතර පෙළෙන තන්හාට්ටික ප්‍රේත ලෝකය
07. ගින්නෙන් දාගිය කණුවක් මෙන් වියලි ගිය ශරිර අැති සුනිජ්ඤාමක ප්‍රේත ලෝකය
08. අායුධ මෙන් තියුණු තමාගේ ශරිරයම කැපෙන නිය අාදි ශරිර අවයව අැති සතථංග නම් ප්‍රේත ලෝකය
09. පර්විත නමි විශාල ශරිර අැති පබ්බබගත නම් ප්‍රේත ලෝකය
10. පිබුරන්ගේ ශරිර වැනි ශරිර අැති අජහරංඟ නම් ප්‍රේත ලෝකය
11. විමාන වල ඉපිද සැප දුක් දෙකම කලින් කල විදින්නා වු වේමානික ප්‍රේත ලෝකය
12. කැළැ වල වාසය කරන මහත් වු සෘධි ද අති මහිංධික ප්‍රේත ලෝකය

මෙහි ලෝකය යනුවෙන් අදහස් කළේ කොටස,වර්ගය බව දත යුතුය.තවද මස් පිඩු වැනි ශරිර අැති ප්‍රේතයෝද,කටින් මහා දුඟදක් හමන ප්‍රතිමුඛ ප්‍රේතයෝද,අැට සැකිළි වැනි ශරිර අැති ප්‍රේතයෝද අාදි වශයෙන් ප්‍රේත ලෝක බොහෝ අැත.ලක්ඛන හිමි මෙවැනි විවිධ ප්‍රේතයන් විසි ඒක් දෙනෙක් දැක අැත.ප්‍රේත වස්තු ප්‍රකරණයේ මෙවැනි ප්‍රේතයන්ගේ දුක්බර කථා පනස් එකක් දක්වා අැත.දුෂිත සිතින් කරන කියන අාදියෙහි දුක්බර අඳුරැ විපාක දැක්විමට මෙහිලා ඉන් කිහිපයක් දක්වන්නෙමි…

01. රන්වන් ගතක් හා තිරිසන් මුවක් අැති සුරමුඛ ප්‍රේත වස්තුව:
නාරද හිමි රන්වන් ගතක් උෟරැ කටක් අැති ප්‍රේතයෙක් දක්නාලදි.ඒ ප්‍රේතයාගේන් පුර්ව කර්මය විමසා බැලු විට හෙතෙම කාෂ්‍යප බුදු සසුනේ භික්ෂුවක්ව සිටියදි කායික සංවරය අාරක්ෂා කල පිනෙන් රන්වන් ශරිරයක් අැත්තෙක් විය.වචනයෙන් භික්ෂුවකට අක්‍රේෂ පරිභව කල පවින් බුද්ධාන්තර කාලයක් නිරයේ පැසි දැන් උෟරු කටක් සහිත ප්‍රේතයෙක් වි ඉපිද අැති බව ප්‍රේතයා විසින්ම කිවේය.

02. කේලාම් කිමේ බරපතල කම…
නාරද හිමි දුටු පූති මුඛ ප්‍රේතයාගේ ශරිරය දෙවියෙකු මෙන් පැහැ අැත්තේය.නමුත් මුඛය දුගද හමන අතර පණුවන් සිදුරු කරගෙන කති.මෙසේ විමට හේතුව මෙහු කාෂ්‍යප බුදු සසුනේ භික්ෂුවක්ව සිටියදි කය සංවර කර ගත් අතර අවාස වලට ලොභ උපදවා ගෙන ඒහි වාසය කල භික්ෂුන් දෙදෙනෙක් බෙද කර යවන ලදි.ඒ පවින් නොබෝ කලකින් ගිලන් වි මිය ගෙස් බුද්ධාන්තරයක් නිරයේ පැසි නැවත මේ ප්‍රේත අාත්මයේ ඉපිද අැති බව අටුවාවේ සදහන් වේ.

03. රෑට දෙව් සැප දවල්ට අපා දුක… ( මිගලුද්දක ප්‍රේත වස්තුව )
මේ ප්‍රේතයාට රෑට දෙව් සැප ලබයි නමුත් දහවලට අප්‍රමාණ දුක් විදි.මොහු දඩයක්කරුවෙකුව සිටියදි ඒක් උපාසකතුමෙක්ගේ වචනයට රෑට දඩයමෙන් වැලකුනි.ඒහෙත් දවල්ට දඩයමේ යෙදුනේය.
ඔහු කළුරිය කොට මේසේ වේමානික ප්‍රේතයෙකු වි ඉපිද මේසේ රෑට දෙව් සැප ලබන අතර දවල්ට දුක් ලබන්නෙකු වු බව දත යුතුය.

04. වැරදි ලෙස විනිශ්චය කිරිමේ විපාක…
බ්මිබ්සාර රජුගේ සේවයේ නියතු ඒක්පුරුෂයේකු රාත්‍රි කාලයේ පමණක් උපෝසථ ශිලය සමාදන් විය.කලකින් මිය ගෙස් වේමානික ප්‍රේතයෙක් වි උපන්නේය.හෙතෙම අඩ රැයක් සිල් රුකිම නිසා බෙහෝ සම්පත් ලැබුවේය.නමුත් මනුලොවේදි කේලාම් කිම,අල්ලස් ගෙන අධිකරණ විනිශ්චය නිවරදි ලෙස නොදිම වැනි පාප කර්මයන් නිසා තමාගේ පිටේ මස් තමාම කන ප්‍රේතයෙක් වු බව ප්‍රේත වස්තු අට්ඨකථාවේ 150 පිටුවේ දැක්වේ.

05. අභිප්‍රේත වස්තුව…
මේ ප්‍රේතයාගේ හිස මිනිසකුගේ වගේ.කඳ නාගයෙක් වගේය.මුළු අැගම නිතර ගිණි ගෙන විලාප දෙමින් දුවයි.මේය ගිජුකුළු පව්වෙදි මුගලන් හිමි දැක බුදු හිමියන් හමුවි ප්‍රකාෂ කොට ඔහුගේ පුර්ව කර්මය විචාලයේය.සම්බුදු රජාණන් වහන්සේ ඒය වදාළ සේක.පෙර මෙහු පන්සලක් අසල කුඹුරක් හිමි ගොවියෙකි.බොහෝ මිනිසුන් කුඹුර මැඩ ගෙන පන්සලට යයි.මේ පන්සල නැති නම් මගේ කුඹුර රුකේ යැයි සිතා මෙහු පන්සල ගිනිබත් කලේය.ඒ වෙනුවෙන් අවිචියේ පැසි දැන් ප්‍රේතයෙක් වි දුක් විදින්නේ යැයි වදාළ සේක.

06. බුදුන්ට පුදන මල් සුවඳ වැලැක්විමේ විපාක…
තවද රජගහනුවර ඒක් ධනවත් පුරුෂයෙක් අප බුදුරජාණන් වහන්සේගේ සෑයට පිදිමට බිරිඳ හා දුවද ලේලිය ද සැදු මල් හා සුවඳ විළවුන් වැළැක්වු පවින් කුණු වි දුඟද හමන පණුවන් පිරි මුහුණ බිදගෙන කන අවි අායුධ වලින් මුහුණ නිතර තුවාල කර ගනු ලබන ප්‍රේතයෙකු වු බව ධාතුවන්ණක ප්‍රේත වස්තුවේ දැක්වේ.

07. විහිළුවට කරපු වරදින් ගෙනදුන් විපාකය…
පෙර ඒක් වෙිළෙන්දෙක් තම.කඩපිල සම්පයේ පාරේ අැති මඩ වගුරක් මිනිසුන්ට පහසුවෙන් යාමට හැකි වේවායි සිතා කල් ගිය මැරුණු ගවයන්ගේ හිස් කබල් ගෙන ඒය ගෙඩ කරන ලදි.දිනක් තම බෑනාගේ යාළුවෙක් දිය නාමින් සිටියදි විහිළුවට ඔහුගේ වස්ත්‍ර සැගවුයේය.ඒහෙත් පසුව දෙන ලදි.මේ වේළෙන්දාගේ බෑනා කල වරදට මේහුගේ හිස ගසා දමන ලදි.මරණින් පසු භුමාටු දෙවියෙක් විය.පාර තැනු පිනෙන් වේගයෙන් යා හැකි වාහනයක් ලැබිය.ගුණවතුන්ගේ ගුණ වර්ණා කල කුසලයෙන් ශරිරය සුවඳවත් වය.විහිළුවට වස්ත්‍ර සගවා වෙහෙස කල පවින් නග්ගව උපන්නේය.ඒ නිසා සත්පුරුෂයෙනි,විහිළුට වත් නෙනෙකු වෙහෙස නොකෙරේත්වා.
( අම්බ සක්ඛර ප්‍රේත වස්තුව අැසුරිනි. )

සත්පුරුෂයෙනි,තව බොහෝ කථා දැක්විමට අැතත් මෙතනික් කෙටි කරමි.මසුරුකම නිසා ප්‍රේත ලෝක වල ඉපිද අැති කථා බොහෝය.ඒ ප්‍රේත ලෝක වලින් චුත වි සමහරු අසුර ලෝක වල ඉපදේ.සමහරු තිරිසන් ලෝකයේ ඉපිදේ.මනු ලෝකේ ඉපදුණු විට ප්‍රධාන වශයෙන් පහත සදහන් දුඃඛයන්ට මුහුණ දිමට සිදුවෙි.

👉සතුන් මැරිම බහුලව ලෙස කළේ නම් මනු ලොවදි අල්පායුෂවේ.
👉සොරකම් බහුලව කල පුද්ගලයන් මනු ලොවදි භෝග ව්‍යසනයට පත්වේ.
👉කාමයේ වරදවා හැසිරිම බහුලව කල අය මනු ලොව සතුරන් වැඩිය.
👉බොරු කිම බහුලව සිදු කල අයට මනු ලොව ඉපදුණු විට අභුත චෝදනා වලට ලක් වේ.
👉නිතර කේලාම් බහුලව සිදු කල අයට මනු ලොවදි මිතුරන් අතර අඩ දබර අැති වේ.
👉පරුෂ වචන බහුලව සිදු කල පුද්ගලයන් මනු ලොවදි අමානාප වු කටුක වු කර්කශ ශබ්දයන් නිතර අසන්නට ලැබේ.
👉හිස් වචන බහුලව කථා පද්ගලයන්ට මනු ලොවදි නොමඅදහන නොපිළිගන්නා වචන අැත්තෙක් වේ.
👉සුරාපානය බහුලව සිදු කල පුද්ගලයන්ට මනු ලොවදි උම්මන්තකයේකු වි හෝ විසිරුණු සිත් අැත්තෙක් හෝ තේරුම් ගත නොහැකි කෙනෙකුලෙස ඉපදේ.

( අං.නි. අට්ටක නිපාතයේ දාන වග්ගයේ සංචත්තනික සූත්‍රය)
පින්වතුනි,මේ සසර දුකින් නිමක් නැත.නිවනට නො පැමිණ සසර රැඳුන හොත් සත්ත්වයාට මතු ද එසේ ම කටුක දුක් බොහෝ විඳින්නට සිදු වන්නේ ය. කරුණු මෙසේ හෙයින් සසර රැඳී සිටීමේ භයානකත්වය කියා නිම කළ නොහේ. ඒ බව දත් බුද්ධාදි උත්තමයෝ සංසාර බන්ධනය සිඳ සසරින් එතර ව නිවන් පුරයට පිවිසුනාහු ය. දුකින් මිදෙනු කැමැත්තෝ ඒ නිවනට පැමිණීමට උත්සාහ කරත්වා!ඔබ සැමට තෙරුවන් සරණයි…..!
මතු සම්බන්ධයි!

පුුුජ්‍ය රිදියගම සුධාම්මාභිවංශ හිමියන් විසින් රචිත කර්ම විපාක නම් කෘතිය අාශ්‍රයෙන් මේම ලිපිය සකස් කරන ලදි.

ධර්මයෙන් නිවනට – Dharmayen niwanata පිටුවෙන් උපුටා ගන්නා ලදී

Sidebar