පිරිවෙණ.org
සම්බුදුරජාණන් වහන්සේගේ පිරිණිවීමෙන් වෂර් 2562 ක් ගත වී ඇත. මෙතෙක් බුදුරජාණන් වහන්සේ වදාළ ශ්‍රී සද්ධර්මය (අසුහාර දහසක් ධර්මස්කන්ධය) ශාස්තෲත්වයේ තබාගෙන ශ්‍රාවක සංඝරත්නය ලොවෙහි පවත්වාගෙන එනු ලැබේ. මේ දක්වා ධර්‍ම සංගායනා සයක් පවත්වා ධර්ම විනයෙහි නිරවුල් භාවය ආරක්ෂා කරගෙන ඇත. එම ත්‍රිපිටක ධර්මය පෙළ දහම වශයෙන් හඳුන්වන අතර එහි ගැඹුරු කරුණු වලට සැපයු විස්තරාර්‍ථකතනයන් අටුවා ලෙසත් අටුවාවන්හි අපැහැදිළි තැන් පැහැදිළි කිරීම් වශයෙන් සැපයු අර්‍ථ කථනයන් ටීකා ලෙසත් ධර්මයට එකතුව ත්‍රිපිටක ධර්මය ශක්තිමත් වී ඇත.
කාලීනව, විවිධ වූ සංවිධාන ශ්‍රී සද්ධර්මයට බොහෝ සෙයින් විකෘතිවූ අර්ථකතනයන් දෙමින්, සම්බුද්ධ සාසනයත් අපේ ඉතිහාසයත් පිළිනොගන්නා තරමට මොළ සෝදනයක් ඉතාමත් සුක්ෂම ලෙස අප රට තුල ක්‍රියාත්මක කරමින් පවතී. ඔව්න්ගේ අභිප්‍රායන් ඉටුකරමින් නොමග ගිය පිරිස් සාසනයේ අන්තර්දහනය ඉක්මන් කරවන තැනට මේ විකුර්තින් සමාජ ජාල හරහාත්, අන්තර් ජාලය හරහාත් විෂ බිජ මෙන් බෙදා හරි.
අංගුත්තර නිකාය අටුවාව සම්බුදු සසුනේ අන්තර්ධානය පස් ආකාරව සිදුවන බව දක්වයි. මෙම අතුරුදහන් වීම් පස සමඟ ගෞතම නම් වූ තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සාසනය අතුරුදහන් වුයේ වෙයි. එහෙයින් සම්බුදු සසුන රැක ගැනීමට අධිගමය-ප්‍රතිපත්තිය-පරියත්තිය-ශ්‍රමණ ලිංගය හා සර්‍වඥ ධාතු රැක ගැනීම බෞද්ධ අපගේ වගකීමකි. මෙම පස් ආකාර වූ අන්තර්ධානයන්ගේ මුලය පරියත්ති අන්තර්ධානයයි. පරියත්තිය අතුරුදහන් වූ කල්හි ප්‍රතිපත්තිය අතුරුදහන් වුයේ වෙයි. එබැවින් ප්‍රතිපත්ති සාසනය රැක ගැනීමට පර්යාප්තිය රැකගත යුතු වන්නේමය.
මෙහි පළවන ශ්‍රී සද්ධර්මය හා සම්බන්ද සෑම ලිපියක්ම ධර්මදර, විනයදර භික්ෂුන් වහන්සේලා විසින් සම්පාදිත හෝ අනුමත කළ ලිපි පමණි.
නිවැරදි ධර්ම කරුණු සමාජ ගත කිරීමේ උතුම් අරමුණ ඇතිව ආරම්භ කල මේ ක්‍රියාවලියට ඔබවහන්සේලාටත් / ඔබටත් අපහා එක්විය හැකියි. අත්අකුරින් හෝ unicode අකුරෙන් type කල ලිපි අපගේ ඊමේල් ලිපිනයට ලැබෙන්න සලස්වන්න.
මෙහි කිසියම් හෝ වැරදි අර්ථකතනයක්, වැරදි අක්ෂර වින්‍යාසයක් පළ කර ඇත්නම් නොපමාව අපව දැනුවත් කරන්න.
[අදහස් theravadapublicbuddhistlibrary@gmail.com වෙත යොමු කරන්න.]
තෙරුවන් සරණයි ෴